මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


රංගනයටයි නර්තනයටයි දෙකටම ආදරෙයි

රංගනයටයි නර්තනයටයි දෙකටම ආදරෙයි

සුරාජ් මාපා

• සුරාජ් මේ දවස්වල අලුත් වැඩකට අතගහල කියලා ආරංචියි?

මගේ නර්තන ප්‍රසංගයකට මේ දවස් වල සූදානම් වෙනවා. ඒ නිසා මේ දවස් වල එහි වැඩකටයුතු එක්ක ටිකක් කාර්ය බහුලයි.

මම නිවරැදි නම් මේ ඔබේ දෙවන නර්තන ප්‍රසංගය?

ඔව්. මගේ පළමු ප්‍රසංගය, Suraj Presents Elements බෙහෙවින් සාර්ථක වුණා. මේ වෙද්දි මගේ රංගන ජීවිතයේ වගේම නර්තන ජිවිතයෙත් වසර 15ක් ගෙවිලා ඉවරයි. ඉතින් තවත් ප්‍රසංගයක් කරන්න මේ කාලේ හොඳයි කියලා හිතුණා. වසර පහකට පසුවයි දෙවන ප්‍රසංගය කරන්නේ.

• එහෙනම් කවදාද කොහේද කියලත් වැඩි විස්තර කියමුකෝ බලන්න?

මේ මස 21, 22 සහ 23 සවස හතට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී තමයි පැවැත් වෙන්නේ.

• මෙවර ප්‍රසංගය ඔබ නම් කරලා තියෙන්නේ?

Suraj Presents Elements with Surya කියලයි.

කියමුකො බලන්න මේ පංච මහ බලවේග සහ සුර්යා ගේ කතාව?

මගේ පළමු ප්‍රසංගයේදීත් මේ පංච මහ බලවේග කියන තේමාව මං යොදා ගත්තා. ඊට විශේෂ හේතුවකුත් තිබුණා. මට අවශ්‍ය වුණේ මගේ නර්තනයට ස්වභාවධර්මයේ විශ්මිත නිර්මාණත් එකතු කරගන්නයි ඒ නිසාම ජලය, ගින්දර, සුළඟ, අවකාශය සහ පොළොව යන මේ පංච මහ බල වේග මගේ ලතින් අමෙරිකානු නර්තන ශෛලින් පහ සමග එක්කාසු කරගනිමින් මගේ නර්තන අංග නිර්මාණ කරන්න. ඒ වෑයම සාර්ථක වුණා. මේ එහි දෙවන පියවරයි. මෙවර ඒ පංච මහ බලවේගයට තවත් විශේෂ බලයක් එකතු වෙලා තියෙනවා. ඒ තමයි සූර්යයා.

• සූර්යයා ගෙන් මෙවර ඔබ පිළිඹිබු කරන්න බලාපොරොත්තු වන්නේ ?

උඩරට නර්තන සම්ප්‍රදාය

• ඒ කියන්නේ මෙවර ප්‍රසංගය දේශීය හා විදේශීය නර්තන සංකලනයක්?

ඔව්. හරියටම හරි. එය තමයි මේ ප්‍රසංගයේ විශේෂත්වය.

• මෙවැනි සංකලනයක් ඉදිරිපත් කිරීම තරමක් අභියෝගාත්මකයි?

ඔව්. එවැනි ප්‍රසංගයක් කිරීම පහසු නැහැ. නමුත් මං එවැනි අභියෝග බාර ගන්න කැමැති කෙනෙක්. මං හිතන්නේ පළමු වතාවටයි මෙවැනි සංකලනයක් ප්‍රසංගයක් ලෙස පරිවර්තනය වෙන්නේ. ඉතින් සුර්යා කොච්චර දුරට මේ පංච මහ බලවේග වලට අභියෝගයක් වෙනවද කියලා දැනගන්න නම් එදාට ඇවිත් මේ ප්‍රසංගය නරඹන්නම වෙනවා.

හිමාලි සහ තාරුකා සමග තිබෙන වැඩි ගනුදෙනුවත් මේ ප්‍රසංගයට අදාළ ගනු දෙනුවක්ද.?

ඒ ගනුදෙනුවත් මේ ප්‍රසංගයට අදාළයි. ඔවුන් දෙදෙනා මේ ප්‍රසංගයේ මගේ ප්‍රධාන සහකාරියන් දෙදෙනෙක්.

• හිමාලි සහ තාරුකා මේ සඳහා තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

හිමාලී සිරිවර්ධන මගේ පරම්පරාවේ කෙනෙක් සහ ඇය ලංකාවේ ඉන්න දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ වගේම තාරුකා වන්නිආරච්චි කියන්නේ නව පරපුරේ නැගී එන තරුවක්. ඕනෑම අභියෝගයක් බාර ගැනීමට ඇය දක්ෂයි. මේ දෙන්නාගේ නියම නර්තන දක්ෂතාව තවම කවුරුත් හරියට දැකලා නැහැ. ඒ නිසා මේ දෙදෙනා මේ ප්‍රසංගය සාර්ථක වෙන්න හොඳ අත්වැලක් වේවි යැයි මට විශ්වාසයි.

• මේ ප්‍රසංගයේදී හිමාලීගේ සහ තාරුකා ගේ කර්තව්‍යය පැහැදිලි කළොත්?

මේ ප්‍රසංගයේ ප්‍රධාන නර්තන අංග දෙකක් තිබෙනවා. ඉන් එක් නර්තන අංගයකට හොඳ එනර්ජි එකක් අවශ්‍යයි. ඉතින් හිමාලි කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක් නිසා ඇයට මේ නර්තන අංගය අපහසු වෙන්නේ නැහැ. ඒ වගේම හැඟීම් මූලික කර ගනිමින් නිර්මාණය වුණු දෙවන නර්තන අංගය සඳහා තමයි තාරුකා තෝරා ගත්තේ. මොකද රංගනයේදී හැඟීම් ප්‍රකාශ කිරීමේ මනා හැකියාවක් ඇයට පිහිටා තිබෙනවා.

• නර්තන අංග කීයක් මේ ප්‍රසංගය වෙනුවෙන් නිර්මාණය වී තිබෙනවාද?

පහළොවක් තිබෙනවා. ඒ හැම නිර්මාණයක්ම ආරම්භයේ සිට අවසානය දක්වා කතාන්තරයක් ආකාරයට ගලා ගෙන යන විදිහටයි නිර්මාණය වෙලා තියෙන්නෙ.

• ඒ සියල්ල ඔබ විසින්ම නිර්මාණය කළ නර්තන අංගද?

ඇත්තටම මෙවර ප්‍රසංගය නර්තන ශිල්පින්ගේ නිර්මාණ එකතුවක් කිව්වොත් නිවැරැදියි. ලංකාවේ සිටින දක්ෂ මෙන්ම ජනප්‍රිය නර්තන ශිල්පීන් වන ගයාන් ශ්‍රීමාල්, සංඛ අබේසිංහ, සඳුන් ගොමස් වැනි ශිල්පීන් නර්තන නිර්මාණයෙන් එක් වී සිටිනවා.

• නර්තනයේ මෙන්ම ඒ සඳහා යොදා ගන්නා සංගීතයද වෙනසක් කරන්න ඔබේ අදහසක් තියෙනවාද?

සැබවින්ම එව්. ඒ ගැන විශේෂයෙන් කිව යුතුමයි. පරණ සී ඩී වලින් ගත් ගීත හෝ සිඩී තැටි වාදනය මේ ප්‍රසංගයේදී දකින්න ලැබෙන්නේ නැහැ. මෙවැනි සංකලනයකදි සංගීතය බොහෝම වැදගත්. ඉතින් සංගීතයෙන් දර්ශන රුවන් දිසානායක, වයලින් වාදනයෙන් රුක්ෂාන්, බටනලා වෙන් රචින්තක, සැක්සෆෝනයෙන් ජයන්ත සහ බෙර වාදනයෙන් 'නාද්‍රෝ ' බෙර වාදන කණඩායම සමග එකතු වෙලා සංගිතයෙන් පවා වෙනස්ම නිර්මාණයක් බිහි කරන්නයි අපේ වෑයම.

• ලොකු වියදමක් යන වැඩක් වගෙයි?

ඔව්. දැනට සමාගම් කිහිපයක් අනුග්‍රහය දක්වන්න එකතු වෙලා ඉන්නවා. නමුත් අනුග්‍රහකයන් හොයා ගන්න පහසු වුණේ නැහැ. මේ වගේ දෙයක් කරන්න ගියහම ගොඩක් අය අපිව විශ්වාස කරන්නේ නැහැ. පොරොන්දු වෙලා අන්තිම මොහොතෙත් හැරිලා ගිය අය ඉන්නවා. නමුත් මට හොඳ මිතුරන් පිරිසක් ඉන්න නිසා ඔවුන්ගේ උපරිම සහාය ලැබෙනවා. ඉතින් මේ හැමදෙනාටම මම ස්තුති වන්ත විය යුතුයි.

• ඔබේම නර්තන පාසලක් ආරම්භ කිරීමේ සිහිනය සැබෑ කර ගන්න අදහසක් නැද්ද?

දැනට පොඩියට නර්ත පන්ති කර ගෙන යනවා. නර්තනය පිළිබඳ කොච්චර හදාරා තිබුණත් මං හිතන්නේ ගුරුවරයෙක් වෙන්න ලේසි නැහැ. ඇත්තටම නර්තනය හදාරා තියෙනවා කියලා දවසින් දෙකෙන් ගුරුවරයෙක් වෙන්නත් බැහැ. ඒ නිසා මං ගුරුවරයෙක් වෙන්න ඉගෙන ගන්න කාලේ තමයි මේ. හොඳ ගුරුවරයෙක් වුණහම ඒ හීනෙත් සැබැ කර ගන්නවා හිමිහිට.

• ඒ කියන්නේ ඉදිරියේදි සුරාජ් රංගනයෙන් ඈත් වේවිද?

රංගනයෙන් සමු ගන්නේ නැහැ. නර්තනය කියන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා යෙදෙන දෙයක්. ඉතින් මේ දකටම මං එක වගේ ආදරෙයි


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්