![]() ![]() |
||
HOLLYWOOD NEWSවිරසක වූ දෙදෙනා ට මංගල සීනු
පෙම්වතුන් නිසයි. පෙම්වතුන් වී කාලය ගත කළත් දෙදෙනා අතර අමනාපකම් වරින් වර ඇතිවුණා. මේ අමනාපකම් මධ්‍යවල උණුසුම් පුවත් බවට පත්වුණා. බොහෝ විට ඒ දිනවල ආරංචි පැතිර ගියේ ජෙනිෆර් සහ ජස්ටින් වෙන්වී ඇති බවටයි. ඒත් පසුගිය 5 දා ඔවුන් දෙදෙනා හොර රහසේ ම විවාහ වෙලා. මේ ගැන කිසිදු ප්‍රසිද්ධියක් නොදීමට දෙදෙනා ම වග බලා ගත්තා. අප්‍රසිද්ධියේ සිදු වූ මේ විවාහ මංගල්‍යයට පැමිණ සිටියේ ඥාතීන් සහ සමීප හිතවතුන් කිහිප දෙනකු පමණයි. හොලිවුඩ් සිනමා නළු නිළියන් තුන් දෙනකු පමණක් විවාහ මංගල්‍යයට පැමිණ සිටියේ ඔවුන් ජෙනිෆර්ගේ සමීපතම මිතුරු මිතුරියන් නිසයි. ඒ අය තමයි, ලීසා කුඩ්රෝව්, චෙල්සා හැන්ඩ්ලර් සහ හොවර්ඩ් ස්ටර්න්.
හිලරිට කලාකරු සහාය
මෙම මුදල් ප්‍රදානය ස්ටීවන් ස්පිල්බර්ග් විසින් සිදුකරනු ලැබුවේ හිලරි ක්ලින්ටන් ගේ දේශපාලන ක්‍රියාකාරී කමිටුවටයි. මේ අතර යොවුන් ගායක ජස්ටින් බීබර් සහ ගායිකා අරියානා ග්‍රාන්ඩේ ද හිලරි ක්ලින්ටන් ගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටිනවා. පසුගියදා ජස්ටින් බීබර් සහ අරියානා ග්‍රෘන්ඩේ, හිලර් කිල්න්ටන් ව මුණ ගැසීමට ඇගේ නිවෙසට ද ගිය බවයි ආරංචි.
‘ජේම්ස් බොන්ඩ්’ කොටුවෙයි
හිටපු ජේම්ස් බොන්ඩ් කෙනෙකු මීට සතිකට පමණ කළින් ඇෙමරිකාවේ බර්ලින්ටන් ගුවන් තොටුපළේ රඳවා ගත් බවක් ආරංචි වුණා. මේ ‘ජේම්ස් බොන්ඩ්’ තමයි, පියරේ බ්‍රොස්නන්. ඔහු ජේම්ස් බොන්ඩ් ලෙස ‘007’ චිත්‍රපට කිහිපයකම රඟපා තිබෙනවා. ගුවන් තොටුපළේ රඳවා ගැනීමට ඔහු සිදු කළ වරද තමයි, අඟල් 10ක පමණ දිග පිහියක් ළඟ තබා ගෙන පැමිණීම. ඉරිදා දිනයක ඔහු බර්ලින්ටන් ගුවන් තොටින් ඇමරිකාවට ඇතුල්වුණේ තමන්ගේ 14 වියැති පුතු සමඟ ප්‍රංශයේ සංචාරය කිරීමෙන් පසුවයි. පියරේ සතුව දිග පිහියක් තිබෙන බව ගුවන් තොටුපළ නිලධාරීන්ට හසුවී ඇත්තේ සෙසු මගීන් මෙන් ම ඔහු ද ස්කෑන් පරීක්ෂාවට ලක් කරද්දීයි. පිහිය තිබී ඇත්තේ ඔහු උරහිසෙහි රඳවාගෙන තිබූ ගමන් මල්ලේ. ආරක්ෂක නිලධාරින් එය දුටු හැටියේ ම පියරේ ව තල්ලු කරගෙන වෙනත් ස්ථානයකට ගිය බවයි, ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, එහි සිටි පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කළ පියරේ ට, සිය පුතු සමඟ ගුවන් තොටුපළෙන් බැහැර යන්නට ඉඩ ලැබී තිබෙනවා.
හොරකමේ ගිහින් අහුවෙලා
දැනට 50 වැනි වියෙහි පසුවන ඇය, පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා. හේතුව, ඇගේ නිවෙසට සමීපයේ පිහිටි එක්තරා තොග ගබඩාවකින් ඇමරිකානු ඩොලර් 600ක් පමණ වටිනා භාණ්ඩ රැසක් ඇය විසින් සොරාගනු ලැබීමයි. ඇය එම භාණ්ඩ සොරකම් කරද්දී එහි සිටි ආරක්ෂක නිලධාරියකුගේ අතට ම හසුවී තිබෙනවා. කිම් ව අල්ලා ගත් ආරක්ෂක නිලධාරියා ඇයව පොලිසියට භාරදී තිබෙනවා. පොලිස් අත්අඩංගුවට පත්වූ කිම් රිචර්ඩ්ස් ලොස් ඇන්ජලීස් හි නාගරික නීතිපති කාර්යාලයට ඉදිරිපත් කරන බවයි පොලිස් නිලධාරීන් පැවසුවේ. අත්අඩංගුවට පත්වීමෙන් පසුව හදිසියේ අසනීප වූ කිම්, රෝහල් ගත කෙරුණු බව හොලිවුඩ්පුරයෙන් ලද අලුත් ම ආරංචියක සටහන් වුණා.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |