කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ලස්සන තැනක සුන්දර හෝරා කීපයක්

ලස්සන තැනක සුන්දර හෝරා කීපයක්

දුම්රියේ, බස්රියේ හිරවෙමින් මිරිකෙමින් දිනපතා වාණිජ නගරයේ කේන්ද්‍රස්ථානය වන කොළඹ කොටුවේ ලේක්හවුස් මන්දිරයේ රැකියාවට එන අපි හරවත් රසවත් පුවත්පතක් සකස් කර සතිපතා ඔබට තිළිණ කරන්නට වෙහෙසෙන්නෙමු.

පසුගියදා සිළුමිණ කර්තෘ මණ්ඩලයේ අපි රැකියාව සමඟ කොන්ක්‍රීට් වනාන්තරයේ ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදී හෝරා කීපයක් විනෝදයෙන් ගත කරන්නට අපූරු නිස්කලංක පරිසරයකට ගියෙමු.

කොළඹ සිට හොරණ ඉංගිරිය පාරේ ගොස් බෝපේ හන්දියෙන් හැරී යනවිට සෙරනිටි විලේජ් නම් වූ මේ අපූරු නවාතැනට හෝරා දෙක තුනකින් ළඟා විය හැකිය.

ස්වභාවික තුරුලතා ආරක්ෂා කර පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර ඇති සෙරනිටි විලේජ් හෝටලය තරමක කඳු ගැටයක පිහිටා තිබේ. එහි ඉහළට ම නැගුණු කල මිහිඳුම් සළු පොරවාගත් සමනළ කන්ද සමඟ නිල්වන් කඳු වළල්ල නෙතට රසඳුනක් මවයි. කන්ද පාමුල මඳ සුළඟේ දැවටී නැමී දඟ කරමින් වැනෙන නිල්වන් ගොයමින් පිරි කෙත් යාය මවන්නේ ගැමි සුන්දරත්වයයි.

මෙහි කාමර ඉදිකර ඇත්තේ ස්වභාවික ලී කොටන් උපයෝගී කරගනිමිනි.

එහි ළඟා වූ මොහොතේ සිට අප පිළිගෙන අවශ්‍ය සංග්‍රහ සත්කාර කිරීමට එහි කළමනාකරු කුරුප්පු මහතා කටයුතු කළේ සුහද මිතුරකු ලෙසිනි.

ප්‍රණීත ආහාර පානාදියෙන් කළ සංග්‍රහ විඳිමින් ගීත ගයමින් සතුටු වීමට ගිටාරයක්, කොංගෝ බෙරයක් වාදනය කරමින් කන් කලු සංගීතය සැපවූයේ ජානක ඇතුළු තිදෙනායි. සිළුමිණ ප්‍රධාන කර්තෘ ලක්ෂ්මන් පියසේන, උපදේශක කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර දෙපළගේ මඟ පෙන්වීමෙන් සිළුමිණ නියෝජ්‍ය කර්තෘ පාලිත ධර්මරත්න, රසඳුන නියෝජ්‍ය කර්තෘ ඉඳුනිල් වීරරත්න සමඟ ශෂිකා මිහිරානි මෙය සංවිධානය කළේය.

එකා මෙන් ම සොයුරු දමින් වෙලී නැටුමින් ගැයුමින් ගෙවුණු දිනය අවසන් වුණේ සිත්වලට දුකක් ද එක් කරමින්.

එහෙත් සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සෑම දෙනකුට ම තිළිණයක් බැගින් පිරිනැමුණේ මේ දිනය සදා ස්මරණීය වන්නටයි.

දිනයේ විනෝද ජනකම මොහොත එළඹියේ සිළුමිණ කුමරිය, හොඳම තට්ටයා සහ හොඳම රැවුල තෝරා තෑගි බෙදා දුන් අවස්ථාවයි.

සිළුමිණ කුමරිය වූ රමණී සුබසිංහ කැරට් 24 මාලයක්, හොඳම තට්ටයට ‍තේරුණු සිළුමිණ කර්තෘ ලක්ෂ්මන් පියසේනට පනාවක් සහ හොඳම රැවුල හිමි තිඹිරියාගම බණ්ඩාරට රේසරයක් තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා අතින් පිරිනැමුණි. සොඳුරු තැනක, රසබර හෝරා කීපයක් විනෝදජනක ලෙස ගෙවූ අපි සතුටු සිතින් ආපසු පැමිණියෙමු.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්