කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


දස වසක් සපිරූ නෙත් FM

දස වසක් සපිරූ නෙත් FM

අසංක ජයසුරිය

ශ්‍රී ලාංකේය පුරවැසියන් වීමේ අභිමානය කියා පෑම පෙර දැරි කර ගනිමින් ඇරඹු ‘නෙත්’ ගුවන් විදුලි මාධ්‍ය ජාලය පසු ගිය දා සිය දස වස් සැමැරුම වෙත ළඟා වුණා. මේ දස වසර පුරාවට ගුවන් විදුලි මාධ්‍ය ජාලයක් ලෙස ඔවුන් මුහුණ දුන් අභියෝග සහ ලැබූ ජයග්‍රහණ ඔස්සේ පැමිණි ගමනේ මතක ආවර්ජනයක යෙදීමට ප්‍රධාන විධායක නිලධාරි අසංක ජයසුරිය මහතා අප හා එක් වුණා.

නෙත් ආරම්භයෙන් අපි පිළිසඳර අරඹමු?

සාම්ප්‍රදායික රේඩියෝ කලාවෙන් ඈත් වෙමින් පෞද්ගලික රේඩියෝ වටා රොඳ බැඳුණු සමයක සාමාජිකයින් 35 දෙනෙකුගෙන් ඇරැඹි ‘නෙත්’ ගුවන් විදුලි නාළිකාව භාෂාව සහ සංස්කෘතිය විනාශ කරමින් ගීත ඉල්ලීම් වලට පමණක් සිමා වෙමින් ඉන් එහාට දෙයක් නොතිබුණු කාලෙක අපට අවශ්‍යව තිබුණේ භාෂාව සහ සංස්කෘතිය රැකගනිමින් හොඳ දේ දෙන ජනප්‍රිය ගුවන් විදුලියක් බිහි කිරීමටයි. නිදසුනක් ලෙස ටීෂර්ට් එකයි ඩෙනිමයි ඇඳ ගෙන පන්සල් පල්ලි යමින් දෙමාපියන්ට ගරු කරන සම්ප්‍රදායට අයත් අපේ කාලේ කෙනෙක් ලෙස තරුණ පරපුරට ළං විය හැකි ගුවන් විදුලි මාධ්‍යයක් කීවොත් නිවරැදියි.

සාම්ප්‍රදාය රැක ගනිමින් නව්‍යකරණය වීමේදි ‘නෙත්’ කළ සුවිශේෂි වෙනස් කම් මොනවාද?

පෞද්ගලික ගුවන් විදුලියක් ලෙස මුලින්ම බණ, ධර්මදේශනා, සෙත් පිරිත් සහ සෙත් කවි වැනි ආගමික වැඩසටහන්, ප්‍රශ්න විචාරාත්මක සහ ළමා වැඩසටහන් විකාශය කිරීම ආරම්භ කළේ නෙත් ගුවන් විදුලියයි. සමාජයේ නොයෙක් අසාධාරණ කම් පෙන්වා දී ජනතාවගේ පැත්තෙන් එය සමාජයෙන් තුරන් කිරීමක් දක්වා ගෙන යෑම අරමුණු කර ගනිමින් බැලුම්ගල වැනි කාලීන වැඩසටහන් පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවකට මුලින්ම ගෙන ආවේ ‘නෙත්’ ගුවන් විදුලියයි.

එවැනි වෙනසක් කරා යෑමේදී මුහුණ දුන් අභියෝග ඇති?

අපේම ආචාර ධර්ම පද්ධතියක් සාදා ගැනීමයි අප මුහුණ දුන් විශ­ාලතම අභියෝගය වුණේ. එහිදි යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් සහ ටියුෂන් පන්ති ගැන දැන්වීම් කිසිදු විටෙක භාර නොගැනීමේ සහ ආගමික වැඩසටහන් අතර තුර කිසිම විටක දැන්විම් වලට ඉඩක් නොදෙන ප්‍රතිපත්ති රටාවක් අපි සකස් කර ගත්තා. ඒවා තමයි විශේෂයෙන්ම ලාබ ලබන දැන්වීම් නමුත් එවන් දේවල් වලදි සාර ධර්ම උදෙසා අපි අපටම සීමා පනවා ගත් නිසා විවිධ බාධා වලට මුහුණ දීමට සිදු වුණා. එමෙන්ම නෙත් ආරම්භ කරන කාලයේදී එෆ් එම් චැනල්ස් පිළිබඳ සමාජයේ තිබුණේ පැහැදිලි ප්‍රතිරූපයක් නෙමෙයි.

ඒ නිසාම සමාජයේ උගත් පිරිස ගුවන් විදුලි කලාවෙන් ඈත් වෙලයි සිටියේ. ඉතින් ගුවන් විදුලියෙන් ඈත් වූ උගතුන් එකතු කර ගෙන ගුණාත්මක වැඩසටහන් සමාජ ගත කිරීමේ විශාල අභියෝගයක් තිබුණා. මේ සියල්ල ස්ථාපිත කර ගනිමින් මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නංවා ගැනීමට අපිට යම් කාලයක් ගත වුණා.

අද මෙරට ගුවන් විදුලි ජාලය තුළ ‘නෙත්’ තිබෙන තැන?

අද ‘නෙත්’ ගුවන් විදුලිය එල්. එම්. ආර් කියන ගුවන් විදුලි ශ්‍රේණි ගත කිරීම අනුව දෙවැනි ස්ථානයේ ඉන්නවා. රූපවාහිනි නාළිකාවක් නැතුව මෙතැනට පැමිණි එකම නාළිකාව අපි. මිලියන තුනක අසන්නන් සංඛ්‍යාවක් සමග අපි දෙවන තැනට පත් වීම සතුටට කරුණක්. ‘නෙත් ‘ කියන්නේ ඇහෙන රේඩියොවක් නෙමෙයි එය අහන රේඩියෝවක් බවට අද අපි පත් කරගෙන තිබෙනවා.

අද වන විට අපි ආරම්භ කළ වැටසටහන් බොහො ගුවන් විදුලි නාළිකා අනුගමනය කරනවා. ඉන් පැහැදිලි වෙන්නේ ‘නෙත්’ ගුවන් විදුලිය යම් කිසි වෙනසක් ගුවන් විදුලි මාධ්‍ය තුළ කර තිබෙන බවයි. යම් යම් අභියෝග තිබුණත් අපි භාර ගත් ඒ අභියෝග නිසා මුළු ගුවන් විදුලි මාධ්‍ය කියන එකම වෙනස් පැත්තකට යොමු කරන්න අපිට හැකි වුණා.

සම්මානයට පාත්‍ර වූ අවස්ථා තිබෙනවාද?

මෑතකදි අපි ලබපු විශාල ජයග්‍රහණයක් තමයි එංගලන්තයේ තිබෙන තොම්සන් ඇසොසියේෂන් සහ බිබිසි මාධ්‍ය ජාලය එක් වී කරන සම්මාන උළෙලේදී දකුණු ආසියාවේ හොඳම වැඩසටහන ලෙස ‘බැලුම්ගල’ තෝරා ගැනීම. එමෙන්ම ශ්‍රී ලංකා අලෙවි කරුවන්ගේ සංගමයෙන් පිට පිටම ජනතා සම්මානයෙන් හොඳම වැඩසටහනට හිමි සම්මානයද ‘බැලුම්ගල’ පාත්‍ර වී තිබුණා. එවැනි විවිධ සම්මාන රැසකට නෙත් හිමි කම් කියනවා.

‘නෙත්’ ප්‍රමිතිකරණය රැක ගත්තේ කෙසේද?

මම කලින් කිව්ව වගේ පෞද්ගලික ගුවන් විදුලියක අපේම ආචාර ධර්ම පද්ධතියක් යොදා ගෙන කටයුතු කරන්නේ අපි විතරයි. දැන්වීම් සහ ගීත වලින් රටට හෝ සමාජයට හානි වන දේවල් අපි ප්‍රචාරය කරන්නේ නැහැ. සැම විටම අපි කතා බහ කරන භාෂාව පිළිබඳ අපි සැලකිලිමත් වෙනවා. විකට වැඩසටහනකින් පවා සමාජයේ දුර්වල තැන් මොනවාද යන්න හඳුනා ගෙන ඊට පහර ගහලා පණිවුඩයක් දීමට තමයි අපි උත්සහ කරන්නේ.

මාධ්‍ය ලෝකයේ අද තිබෙන පැකේජ් ක්‍රමය ‘නෙත්’ ගුවන් විදුලිය අයත්ද?

අපි සල්ලි අරගෙන කිසිම විටෙක ගීත ප්‍රචාරය නොකරන බවට ලංකාවේ ඕනෑම කලාකරුවෙක් සාක්ෂි දරයි. ඔබට ඕනෑම කලා කරුවෙකුගෙන් ඒ ගැන අසන්නට පුළුවන්. මේ ඊයේ පෙරේදා එක් කලා කරුවෙක් දක්වපු අදහස ඊට නිදසුනක් ලෙස කියන්නම්. ඔහු විශේෂයෙන්ම නෙත් ගුවන් විදුලියට කැමැති කවදාවත් සල්ලි ගන්නැතුව සින්දු දාන නිසා කියලා ඔහු පැහැදිලිව කියා තිබුණා. සමහර ආයතන එහෙම කරනවා ඇති නමුත් අපේ ආයතනය කවදාවත් එහෙම කරලා නැහැ. ඉදිරියේදී එහෙම කරන්න බලාපොරොත්තුවකුත් නැහැ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්