කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සොඳුරු කැදැල්ල

සොඳුරු කැදැල්ල

බිරිය සහ දරුවන් කියන්නෙ පුදුම සම්පතක්

ජගත්

ජගත් සම්මානය ගත් මොහොතේ ඇතිවුණු සතුටට මට කතා කරගන්න බැරිව ගියා

මධූ

කලා ‍ලොවට පිවිසෙන ඕනෑම රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් දකින්නා වූ සදාතනික සිහිනයක් ඇත. එය නම් කෙදිනක හෝ හොඳම නළුවා හෝ නිළියක වීමේ සිහිනයයි. ඒ සිහිනය සැබෑකරගන්නට තරම් ඔහු සැබෑ වාසනාවන්තයෙක් විය. ඔහුගේ සොඳුරු නිවහන මෙවර කැදැල්ල විශේෂාංගය රස ගන්නවන්නට අපි එක් කරගත්තෙමු. ඒ ජගත් සම්මානලාභී නළු ජගත් චමිලගේ සොඳුරු නිවහනයි. කලාකරුවන් රැසක් බිහිකරලන්නට සමත් වු මොරටුව පුරවරයේ සුන්දර පෙදෙසක ජගත්ගේ සොඳුරු කැදැල්ල ඉදිව ඇත. ජගත්-මධූ සහ ඔවුන්ගේ දරුදෙදෙනා වෙසෙන නිවහනට අපි ගොඩවැදු­‍ෙණමු.

ජගත් මේ දවස්වල වැඩිපුරම වේදිකා නාට්‍යවල රඟපාන බව පෙනෙනවා...?

ඔව්.මේ දවස්වල රාජ්‍ය නාට්‍ය උළෙල පවතිනවානෙ. ඒ වෙනුවෙන් මම රඟපාන වේදිකා නාට්‍ය දෙකක් ‘සංඝදාසගෙ චුටි කලිසම’ සහ ‘මාරක ළිදේ සවාරියක්’ කියන නාට්‍ය වේදිකා ගත වෙනවා. ඒ අතරම ‘මකරට’ නාට්‍යයේත් මම රඟපානවා. ඊට අමතරව පහුගිය දවස්වල ඇමෙරිකාවේ කාලය ගත කළා. ලොස් ඇන්ජලීස් නුවර වෙසෙන කීත් රංග නිෂ්පාදනය කරන රෝයි ද සිල්වාගේ අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයක වැඩකටයුතු වලට දායක වුණා. එහි රූගත කිරීම් අවසන් කළා. එය විනෝදාත්මක චිත්‍රපටයක්. මාසයකට වැඩි කාලයක් අපි එහි ගත කළා. මම රඟපාන්නේ හාස්‍යෝත්පාදක චරිතයක්. මම හරි කැමැතියි ඒ චිත්‍රපටයට. පොඩි දරුවන් පවා මේ චිත්‍රපටය නරඹත් දී ඉතාම හොඳින් රසවිදියි කියලා මම හිතනවා.

යළිත් වරක් ඔබ සම්මානයට පාත්‍ර වුණා නේද?

සම්මානයක් ලැබුණා. ඇත්තටම ඒ ගැන මම හදවතින්ම සතුටු වෙනවා. මොකද ඔය සම්මානය මට වඩා මේ රටේ බොහෝ ජනතාවක් මං හිතන්නේ බොහෝ රසික පිරිසක් මේ ඇගයීම ලංකාව ඇතුළෙ බලාපොරොත්තු වෙලා තිබුණා. එයට හේතුව වුණේ 2013 ජූනි මාසෙ ‘නිව්යෝක් සිටි’ අන්තර් ජාතික සිනමා උළෙලේ දී ලංකාවට අභිමානයක් එකතු කරන්න ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේ ‘සැමී’ කියන චරිතයට පුළුවන් කම ලැබීම. ඒ මොහොතේ මුළු රටම ඒ සතුට බුක්ති වින්දා. එය තමයි මම දකින මේ ශ්‍රී ලාංකිකකම කියන්නේ. මොකද මම නියෝජනය කළේ ජාත්‍යන්තරය. එය මට නෙවෙයි මගෙ රටට ලැබුණ සම්මානයක්. මම අද කියන්නේ එදා රටට සම්මානයක් අභිමානයක් අරගෙන එන්නට මට හැකියාව ලැබුණට මටම කියලා සැමී වෙනුවෙන් සම්මානයක් ලැබුණෙ ඕසීඅයිසී සම්මාන උළෙලේදියි කියලා. ඒ සැමීව මේ ශ්‍රී ලාංකික මහ පොළොවේ ප්‍රත්‍යක්ෂ කරපු ඕසීඅයි සී සම්මාන උළෙලට මමත් මගේ රසිකයනුත් ස්තූති වන්ත වෙනවා.

බිරිඳ හා දරුවන් සමග කාලය ගත කරන්න වෙලාවක් තිබෙනවාද?

කොහොමත් මගේ ජීවිතේවෙලා තියෙන්නේ මගේ ගෙදරම තමයි. මම මොනම කලා කටයුත්තකට ගියත් එය ඉවර වෙන කොටම මම එතනින් ගෙදර එන්න පිටත් වෙලා ඉවරයි. ඒක ‍ක්ෂේත්‍රයේ කවුරුත් දන්නා දෙයක්. මම විනාඩි දහයක් හරි වැඩිපුර හිටියොත් එතනමගේ සහෘදයො පුදුම වෙනවා ඇයි උඹ මේ විනාඩි දහයක් වැඩිපුර ඉන්නේ කියලා. හැම මොහොතකම බලන්නේ ගෙදර දුවගෙන එන්න. මොකද අවසානෙ අපි සියල්ලන්ගෙම සතුට තියෙන්නේ එතැන. මම අනිත් අයටත් කියන්නේ අපි මොන දේ කළත් අපේ සෑම දෙයක්ම බරඅදින තැන තමයි කුටුම්බය. පොඩි ලාබ දේවල් සඳහා අපේ සුළු සංතෘප්තිය සඳහා ගෙදර ජීවිතය විනාශ කර ගන්නවා නම් ඒක මහ මෝඩකමක්. මං හිතන විදිහට බිරිඳ සහ දරුවන් කියන්නේ මිල කරන්න බැරි මහ පුදුම සතුටක් සහ පුදුම සම්පතක්. අපිට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. දුව වෙනුරි කනාරා ප්‍රනාන්දු. ඇයට වයස අවුරුදු 13යි. පුතා පන්සිළු ප්‍රනාන්දු. වයස 08යි. දෙදෙනාම පාසල් යනවා.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සොයාබලන්නේ ජගත්ද මධූද?

මධූ තමයි බබාලගේ අධ්‍යාපන කටයුතු සොයා බලන්නේ. අපිට මිල මුදල් නැහැ. ඒ පැත්තෙන් අපි දුප්පත් වුණාට පවුල ඇතුළෙ දරුවන්ගෙන් ලැබෙන සෙනෙහස අප අතර තිබෙන බැදීම අතින් පොහොසත් කෙනෙක් මට වඩා නැහැ කියලයි මට හිතෙන්නේ. මං කියන් නැහැ අනිත් අයට නැහැ කියලා. ඒ අයත් එහෙම ඇති. නමුත් මං පවුලක් විදිහට බුක්ති විඳින සතුට එතරම්ම දැඩියි.

ජගත් වගේ සැමියෙක් ලැබීම ගැන මොකද හිතෙන්නේ? මෙතෙක් නිහඬව සිටි මධූ ගෙන් මම විමසුවා.

ජගත්ට තිබෙන්නේ ගොඩක් සරල ගති පැවතුම්. ගෙදර තමයි ජගත් බොහෝවෙලාවට ඉන්න කැමැති. ගෙදර දොර වේවා දරුවන්ගේ දෙයක් වේවා කුමන දෙයක් වුණත් ඉතාම සුහදව ජගත් එක්ක කතා බහ කරල විසඳුම් සොයාගන්න පුළුවන්. ඒ තරමට ඔහු අපි ගැන සැලකිලිමත් වෙනවා.

ජගත් ලෝකෙ හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලබත් දී ඔබට සිතුණේ කුමක්ද?

දාරාගන්න බැරි තරම් සතුටක් ඇති වුණා. ජගත් සම්මානෙ ගන්නකොට අපේ රටට පාන්දර. බබාල පාසල් යන්න සූදානම් වෙනවා. එයා සම්මානෙ අතට ගත්ත ගමන් මට කෝල් කළා. මම මොන තරම් සතුටු වුණාද කිව්වොත් මොහොතක් කතා කරගන්න බැරිව සිටියා. අපේ පවුලෙ හිතවතුන් හැමෝටම කියලා මම සතුට බෙදා ගත්තා.

ඉව්ම් පිහුම් කටයුතුවලට ජගත්ගේ සහයෝගය ලැබෙනවාද?

අපේ ගෙදර ඉවුම් පිහුම් කෙරෙන්නේ මගේ අතින්. ජගත් කරන්නේ මම හදන දේවල් රසකරකර කන එක තමයි. මොකද ජගත් පිටින් කෑම කන්න කැමැතිම නැහැ. ගෙදරින් දෙන දේ හරිම ආසාවෙන් කනවා. එහෙම කියලා ගොඩක් දේවල් හදන්න අවශ්‍ය නැහැ. සම්බෝලයි කරවලයි හදල දුන්නත් එයා ආසාවෙන් කනවා. ගෙදර කුස්සියෙ තිබෙනවා පොඩි පඩියක්. පඩිය උඩ ඉඳගෙන මං ළඟට වෙලා මං කුස්සියේ ඉතිරිවැඩ ටික කරනකං මාත් එක්ක කතා කර කර කෑම කන්න තමයි ජගත් කැමැති.

විවේකයක් ලැබුණම පවුලම මොකද කරන්නේ?

අපිට විවේකයක් ලැබුණම ජගත්ට වඩා අපි තමයි කැමැති එළියට ඇවිදින්න යන්න. ජගත් නම් කැමැති ගෙදරට වෙලා ඉන්නයි.

දෙදෙනාගේම අනාගත බලාපොරොත්තු?

සමාජය කියව ගන්න සමාජය ඇතුළේ දැනුවත් වෙන්න පටන් ගත්තට පසුව අපි තේරුම් ගත්ත ගොඩාක් දේවල් තිබුණා. ඒ අතර භෞතිකව ගොඩනගා ගන්න බලාපොරොත්තුවන දේට වඩා අාධ්‍යාත්මය පොහොසත් කර ගන්නා වූ තරම් දෙයක් නැහැ කියලා අපි තේරුම් ගෙන තිබෙනවා. ඒ මඟ තමයි අපි යන්නේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්