කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි
පළාත් සභා ඡන්දය:
කාන්තාවන්ට
ලැයිස්තුවෙන්
මන්ත්‍රී පදවි
නුවන් ගන්කන්ද
පළාත් පාලන ආයතනවලට කාන්තාවන් පත් කිරීමට පමණක් පාර්ලිමේන්තුවේ ජාතික
ලැයිස්තුවට සමාන ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය සූදානම් වෙයි. මේ නව යෝජනාව
අනුව පළාත් පාලන ආයතනයක මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් තුනෙන් එකක ප්‍රමාණයක්
කාන්තා නියෝජනය වෙනුවෙන් වෙන් කෙරේ. මේ ප්‍රමාණය ඒ ඒ දේශපාලන පක්ෂ ලබාගත්
ඡන්ද ප්‍රතිශතයට අනුව එම පක්ෂවලින් ඉදිරිපත් කරන කාන්තා අපේක්ෂක
ලැයිස්තුවලට ලබා දීමට නියමිතය.
ශ්‍රී ලංකා ජනගහනයේ කාන්තා ප්‍රතිශතය සියයට 52ක් වුවත් ඊට සාපේක්ෂව
දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කරන කාන්තාවන්ගේ ප්‍රමාණය අවම අගයක් ගන්නා
බැවින්, එම ප්‍රමාණය ඉහළ දැමීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ
යෝජනාවක් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පළාත් සභා හා පළාත් පාලන
අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසයි.
|