විරු දරුවෝ
විරු දරුවෝ
ලිපි මාලාව
පළමු කොටස - ඔබ ඔබව හඳුනාගන්න
1 ඔව් මම දක්‍ෂයෙක්මි
ඔව් ආදරණිය දුවේ පුතේ ඔබ දක්‍ෂයෙක්. ඔබ දැවැන්තයෙක්. මේ මොහොතේම දැන්ම අධිෂ්ඨාන කර
ගන්න. මම, මට මගේ ආදරණීය දෙමාපියන්ට මේ සමාජයටම මේ මව්බිමට ආඩම්බරවිය හැකි දැවැන්ත
මිනිසකු වන බවට, මොකද දුවේ පුතේ එසේ ඔබට. ඔබේ ආදරණීය දෙමාපියන්ට, ඒ වාගේම මේ
මව්බිමට ආඩම්බර විය හැකි දැවැන්තයකු වීමේ උපරිම විභවය, උපරිම හැකියාව ඔබ තුළ
උප්පත්තියෙන්ම පිහිටා ඇත. එම නිසා නැවත නැවතත්, නැවත නැවතත් විශ්වාස කරන්න. තමන්
අති දක්‍ෂයකු වන බවට,
තමන් අති දක්‍ෂයකු වන බව සිතන විට ඔබට ඒ පිළිබ කිසිදු සැකයක් තිබිය නොහැක. ඔබ සියයට
සියයක්ම විශ්වාස කළ යුතුයි. තමා අති දක්‍ෂයකු වන බව. නිදහසේ සිටින සෑම මොහොතකම ඔබ
සිතින් දැකිය යුතුයි. තමන් අනාගතයේ අති දැවැන්තයකු වන ආකාරය. ඒ ගැන ඔබ නිතර නිතර
සිහිපත් කරමින් ඔබේ ජීවිතය පුංචි කාලයේ සිටම නිවැරැදි ලෙස ඔබ විසින්ම සකස් කරගත
යුතුය.
2 ඔබේ හැකියාව හඳුනාගන්න
ඇයි දුවේ පුතේ නිතර තමන් අති දක්‍ෂයකු වනවාමයි කියා හිතන්න ඕනේ. එසේ සිතීමට
පැහැදිලි පිළිතුරු දැන් අපි හඳුනා ගනිමු.
ඔබ දන්නවා අපේම මොළය හැදිලා තියෙන්නේ විශේෂ සෛල වර්ගයකින් බව, ඒ තමයි නියුරෝන.
ඒවගේම දුවේ පුතේ ඔබත් දැන් පරිගණක (Computer) පාවිච්චි කරනවා නේද? මොහොතක් ඔබ
පරිගණකයක තියෙන හැකියාව ගැන සිතුවොත් ඔබට පුංචි පුදුමයකුත් දැනෙනවා නේද? ඔව්, ඔබ
නැවත නැවතත් පරිගණකය පවතින හැකියාව ගැන මෙනෙහි කළොත් එහි හැකියාව පිළිබඳව ඔබ ගොඩක්
පුදුමයට පත්වනවා. ඔව්, ඒ තමයි පරිගණකයක හැකියාව.
ඔබ දන්නවාද දුවේ පුතේ අද වන විට විද්‍යාඥයෝ ප්‍රකාශ කරන දේ. ඒතමයි අපගේ මොළයේ තියෙන
එක නියුරෝන සෛලයක හැකියාව එක පරිගණකයක හැකියාවට සමාන බව.
මොකක්ද... මොළයේ තියෙන එක නියුරෝන සෛලයක හැකියා සමානයි. එක පරිගණකයක හැකියාවට.
එසේනම් සිතන්න. ඔබගේ මොළයේ නියුරෝන සෛල කීයක් විතර ඇද්ද? ඔව් සියයක්, දහස් ගණනක්,
ලක්‍ෂ ගණනන්, මිලියන ගණනන්.....
විද්‍යාඥයෝ පවසන දේ තමයි අපතේ මොළයේ මෙම නියුරෝන සෛල මිලියන 60 කට අධික ප්‍රමාණයක්
ඇති බව....... මිලියන 60 කට අධික ප්‍රමාණයක්.
(මෙය ඇතැම් තැනක බිලියන 100කට අධික ප්‍රමාණයක් ලෙසද දක්වා ඇත.)
එසේ නම් දැන් ඔබ මොහොතක් සිතන්න. ඔබේ හැකියාව....
ඔව් ඔබ මා ඇතුළු අප සියුලම දෙනා තුළ පරිගණක මිලියන 60කට අධික ධාරිතාවයකින් යුත්
විස්මිත මිනිසකුබව.
දැන් මෙය කියවන ගමන්ම මොහොතකට ඔබ සැහැල්ලු වෙන්න. මෙනෙහි කරන්න. ඔබට උප්පත්තියෙන්ම
ලැබී ඇති හැකියාව පිළිබඳ මෙනෙහි කරමින් ඔබ උපරිම ලෙස සතුටු වෙන්න. ඔව්. මම
දැවැන්තයෙක් වනවාමයි... කියමින් නැවත නැවතත් සතුටු වෙන්න.
දුවේ පුතේ පරිගණක මිලියන 60 කට අධික හැකියාවකින් යුත් ඔබ දැන් මොහොතකට සිතන්න.
ඔබ මොනතරම් දක්ෂයෙක් ද කියා...
ඔබට මොනතරම් හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක් ද කියා...
ඔබට මොනතරම් මෙහෙයක් මේ මව්බිමට සිදුකළ හැකි ද කියා..
ඔව්. දැන් ඔබට හොඳින් දැනෙනවා ඔබ අති දක්ෂයකු කියා...
මේ නිසා තමා දුවේ පුතේ කියමනක් තියෙන්නේ.
“නොහැක්කක් නොමැත”
දැන් ඔබට හොඳින් දැනෙනවා ඇති අපේ මුතුන් මිත්තන් තමන්ගේ විශ්මිත හැකියාවන් පිළිබඳ
හොඳින් දැන සිටි බව.
මේ නිසා තමයි ඔවුන්ට විස්මිත නිර්මාණ සිදු කරන්නට හැකියාව ලැබුනේ. හිතන්න පරාක්‍රම
සමුද්‍රය, යෝධ ඇළ, රුවන්වැලිසෑය වැනි මහා වැව් දාගැබ් ඉදිකර ඇති ආකාරය, අතීතයේ
මෙැවනි විස්මිත නිර්මාණයන් සිදුරන්න අද මෙන් උපකරණ තිබුනේද? නැත. අද මෙන් තාක්‍ෂණය
දියුණු වී තිබුනේද? නැත.
කිසිවක් නොව ඔවුන් තුළ තිබූ දැවැන්ත ශක්තියයි. ඒ අය අතීත වීරත්වය පිළිබද කියවෙන
මිහිරි ගීතයක් අප දැන් රස විඳිමු.
සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන
කතා අහන කොට අම්මේ
මට හරි ආසයි. මට හරි ආසයි
ඇයි මගේ හොද අම්මේ.....
සෙන්පති කමමයි, නැව්පති කමමයි
නමගිය සංහල ආරේ.
ගති නෑරේ පුත එකයි ඔබහට
ඒ ගැන එතරම් ආශා....
මහ පඬිදුන් ගැන මහ කිවිඳුන් ගැන
කතා අහන කොට අම්මේ
මට හරි ආසයි, මට හරි ආසයි
ඒ ඇයි මගේ හොද අම්මේ....
මහ පඩිරුවනට මහ කිවිඳුවනට
තෝතැනි වූ ලක්දූවේ....
හෙළ පුතකට නුඹ ඉපදුන බිමටයි
ඒ ගැන එතරම් ආශා.....
හේන් කුඹුරු ගැන ගොපලු ලියන් ගැන
කතා අහන කොට අම්මේ
මට හරි ආසයි, මට හරි ආසයි
ඒ ඇයි මගේ හොඳ අම්මේ....
ඈත එපිට සිට ගොවි රජ දහනකි
සෝබන සිරිබර ලංකා
ගොවිකම ඔබටත් උරුම නිසවෙනි
ඒ ගැන රතරම් ආශා......
එඩිතරකම් ගැන බියිනැතිකම් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි, මට හරි ආසයි
ඒ ඇයි මගේ හොඳ අම්මේ....
එඩිතර කමටයි
බියනැති කමටයි
පෙර සිට සුපතල හෙළයේ
ඉපදුණු ඔබ තුළ ඒ ගති නැතිනම්
එයමය පුදුමය පුතුනේ....
බලන්න ආදරණිය දුවේ පුතේ ඒ ගීතය තුළ ශ්‍රී ලාංකික අපගේ සියලු හැකියාවන් දක්‍ෂතාවයන්
මොනතරම් අපූරුවට පැහැදිලි කරනවාද කියා.
ඒ නිසා ඔබත් නිතර නිතර සිතන්න. ඒ අතීතියේ විස්මිත වැඩකළ පරම්පරාවකින් පැවත එන
දරුවකු බව. එම නිසා ඔබතුළද ඒ විශ්මිත හැකියාව, දක්‍ෂතාවය පිහිටා ඇති බව. ඒනිසා මේ
මොහොත් දැඩිලෙස අධිෂ්ඨාන කරගන්න මම දැවැන්ත මිනිසෙකු වන බවට.
මතු සම්බන්ධයි....
|