කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා

ඉදිරි වර්ෂය සඳහා පළාත් සභාවලට මුදල් වෙන් කිරීම හා මීළඟ පුංචි ඡන්දය පැවැත්වීම ඉකුත් සතියේ කතාබහට ලක්වූ විෂයයන් දෙකක්. මේ පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා වන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාය. ඔහු සිය විෂයය සම්බන්ධයෙන් මතු වූ කරුණුවලට ලබා දුන් පිළිතුරු මෙසේ ය.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම පිළිබඳව ආණ්ඩුව තුළ මත ගැටුමක් ඇති බවක් පෙනෙනවා. මෙතෙක් ප්‍රකාශ වී තිබුණේ ලබන වසරේ මාර්තුවේදී එය පවත්වන බවයි. කෙසේ නමුත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පසුගිය දවසක ප්‍රකාශ කර තිබුණා පළාත් පාලන ඡන්දය ප්‍රමාද විය හැකි බව. විෂය භාර අමාත්‍යවරයා ලෙස ඒ ගැන ඔබේ අදහස කුමක් ද?

මට කියන්න තියෙන්නෙ ලබන වසරේ මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ඉලක්ක කරගෙන අමාත්‍යාංශය උපරිම කැපවීමෙන් වැඩ කරන බවයි. නමුත් ප්‍රායෝගික ප්‍රශ්න රැසක් තිබෙනවා. එම ප්‍රායෝගික ප්‍රශ්න හැකිතරම් ඉක්මනින් විසඳාගන්න අමාත්‍යවරයා ලෙස මමත් උපරීම දායකත්වය දෙනවා.

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කටයුතුවල ප්‍රගතිය කොහොම ද? දැනට සිදු කර ඇති සීමා නිර්ණය කිරීම් පිළිබඳව විරෝධතා මතු වී ඇති බව වාර්තා වෙනවා.

වර්ෂ 2012 අංක 12 සීමා නිර්ණය කිරීම් පනතට අනුව අදාළ කොමිසම මඟින් වාර්තාවක් සකස් කරල ජනාධිපතිතුමාට භාර දුන්නා. ජනාධිපතිතුමා ඒක ගැසට් කළා. හැබැයි එම සීමා නිර්ණය කිරීම් පිළිබඳව ඇතැම් පාර්ශ්වවලින් විරෝධතා මතු වුණා.

එම නිසා ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් අනුව සීමා මායිම් නිර්ණය පිළිබඳ විරෝධතා සලකා බැලීමට අභියාචනා කමිටුවක් පත් කළා. මේ අභියාචනා කමිටුවට අභියාචනා පැමිණිලි 550ක් ලැබී තියෙනවා. ඉතින් ඒ සියල්ල සලකා බැලිය යුතු වෙනවා.

අපට මතකයි මීට පෙර අවස්ථාවකත් මේ සීමා නිර්ණය කිරීම් ගැන උත්සාහයකදී සමහරුන්ට ඇඟිල්ල දික් වුණා. ඉතින් මේ ගමන මට කවුරුත් ඇඟිල්ල දික්කරනවට මම කැමැති නැහැ. ඒ නිසා වඩාත් නිවැරැදි හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ කටයුත්ත කරන්න ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ හා මේ සම්බන්ධ වෙනත් පාර්ශ්වවල සර්ව පාක්ෂික සමුළුවක් කැඳවල තියෙනවා. මෙතැනදී සාකච්ඡා කර අවසන් තීරණය හැමෝගෙම සහභාගිත්වයෙන් ගන්න අපේක්ෂා කරනවා.

පළාත් සභාවලට මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් වෙන් කිරීම පිළිබඳවත් ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා නේද? ඒ ගැන ඔබේ ස්ථාවරය කුමක් ද?

පළාත් සභාවලට මුදල් වෙන් කිරීමේදී 153 ආර්. වගන්තිය යටතේ මුදල් කොමිසම තමයි ජනපතිට නිර්දේශ කරන්නෙ. අතීතයේ සමහර අවස්ථාවල අයවැය ශීර්ෂයෙන්ම පළාත් සභාවලට මුදල් වෙන් කරල තියෙනවා. සමහර අවස්ථාවලට අමාත්‍යාංශය හරහා මුදල් වෙන් කරල තියෙනවා. ඉතින් ඉතිහාසය බලද්දි ප්‍රතිපත්ති දෙකක් අනුගමනය කරල තිබෙන බව පැහැදිලියි. ඒ නිසයි මෙහෙම ව්‍යාකූල තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නෙ. ඉතින් ඒ ගැන මම මේ අවස්ථාවේ නෛතික තර්ක ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නෙ නෑ. මොකද ජනාධිපතිතුමා මැදිහත් වෙලා ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරන නිසා.

විෂය භාර අමාත්‍යවරයා විදිහට ඔබේ ස්වාධීන මතය ඉදිරිපත් කරන්නෙ නැත්තෙ ඇයි?

මම කලින් කිව්වා වගේ මෙතන තියෙන්නෙ මූලික වශයෙන් නෛතික කාරණයක්. එය පැහැදිලි නැති නිසයි පළාත් සභාවලින් ප්‍රශ්න මතු කරන්නෙ. මට මෙතනදී නෛතික තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඝට්ටනයකින් තොරව තත්ත්වය විසඳගන්න අවශ්‍ය නිසා මම එයට ඉඩ දීලා නිශ්ශබ්දව ඉන්නවා.

දැන් මේ ප්‍රශ්නය අතරවාරයේදී ඔබේ අමාත්‍යාංශය අනවශ්‍ය එකක් බවටත් තර්කයක් මතුවෙලා තියෙනවා නේද?

සමහර උදවිය හිතනවා නම් මේ අමාත්‍යාංශය වැඩක් නෑ කියල ඒක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් හැටියටයි මම දකින්නෙ. මේ අමාත්‍යාංශයෙන් විශාල කාර්යභාරයක් සිදුවන බවට මම විශ්වාස කරනවා. ඒ වගේම මේ අමාත්‍යාංශයේ කාර්යභාරය ගැන ජනතාවගේත් විශ්වාසය තිබෙන බව පැහැදිලියි. ජනමාධ්‍ය වුණත් මේ අමාත්‍යාංශයේ කටයුතු ගැන නරක විවේචනවල යෙදිල නැහැ. ඒ වගේම චෝදනා කරලත් නැහැ.

ඒ වගේම මේ අමාත්‍යාංශය අවශ්‍ය ද නැද්ද කියන එක ගැන තීරණයක් ගත යුත්තේ අපේ රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වීම ගැන විශාල සාකච්ඡාවකින් පසුව බවයි මගේ අදහස.

පුංචි ඡන්දයට මුහුණ දීමට ඇති බිය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය ප්‍රමාද කිරීමට කටයුතු කරන බවට මතයක් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් කියවෙනවා.

මේ වෙලාව එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට බහුතරයක් ගන්න බැරි අවස්ථාවක්. ඉතින් එවැනි අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයට අපට ඇඟිල්ල දික්කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. සම්මුතිවාදී ආණ්ඩුවක් ක්‍රියාත්මක වන මේ අවස්ථාවේදී අනෙකා ගැන චෝදනාත්මකව කතා කිරීම සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සුබදායි නොවන බවයි ඔය අදහස ගැන මගේ මතය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම පිළිබඳව අලුත් යෝජනා තිබෙනවා නේද?

ඔව්. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම ගැන ඉතා ප්‍රගතිශීලී අදහසක් ඉදිරිපත් කළා. අපි ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මේ මඟින් පළාත් පාලන ආයතනවල කාන්තා තුනෙන් එකකින් වැඩි කිරීමට අ‍පේක්ෂා කරනවා.

ඔවුන් පත්වෙන්නෙ පාර්ලිමේන්තු මැතිවරණයකදී ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු තෝරා පත් කරගන්නා ආකාරයටයි. අගමැතිතුමාගේ මේ යෝජනාව නිසා මැතිවරණයට ඍජුව තරග කරන්න අකමැති කාන්තාවන්ටත් නියෝජනය ලබන්න පුළුවන්. දැනට පාර්ලිමේන්තුවෙ කාන්තා නියෝජනය සියයට 2 යි. හැබැයි රටේ කාන්තා ජනගහනයේ ප්‍රතිශතය සියයට 52 යි. හැබැයි මැතිවරණවලදී කාන්තාවො කාන්තා අපේක්ෂිකාවන්ට ඡන්දය නොදීමේ ප්‍රවණතාවයකුත් දකින්න ලැබෙනවා. ඉතින් කාන්තාවන් දේශපාලනයට ගෙන ඒමේ හොඳ උපාය මාර්ගයක් විදිහටයි මම මේ වැඩ පිළිවෙළ දකින්නෙ.

මෙවර අයවැයට විවිධ විරෝධතා මතුවෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වය හමුවේ ක්‍රියා කරන්නේ කෙසේ ද?

පක්ෂයක් විදිහට අපි අයවැය ගැන විවිධ මත ඉදිරිපත් කර තිබෙනවා. අයවැය තුන්වැනි වර කියවීමට පෙර අපේ ප්‍රශ්න හා අදහස් ගැන එකඟතාවයෙන් විසඳගන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ රාජපක්ෂ පාලනයට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මුලින්ම එළියට බැස්ස කෙනෙක්. ඇයි ඔබ එවැනි තීරණයක් ගත්තෙ?

පැවැති ආණ්ඩුව ගැන මුලින්ම මම දැක්කා එය ලාංකික චින්තනයෙන් ඈත්වෙන බවයි. එම රජය ඍජුව හා වක්‍රව ආගමික නිදහසට බාධා කරන උදවියට සහාය දුන් බව මම දැක්කා. ඒ වගේම යහපාලනයක් ඇති කිරීම රටේ අවශ්‍යතාවක් බවත් මම වටහා ගත්තා. ඒ නිසයි මම එදා ඒ තීරණය ගත්තෙ.

ඔබ එදා දුටු ප්‍රශ්න විසඳා ගන්න දැන් හැකිවී ඇති බව විශ්වාස කරනව ද?

මම හිතන්නෙ මාස 10න් පෙර වැරැදි සියල්ල අපට හදන්න බැහැ. මේ කාලය තුළ දී ව්‍යවස්ථා සංශෝධන, ස්වාධීන කොමිෂන් පිහිටුවීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දැමීම, මාධ්‍ය නිදහස ලබා දීම වගේ කාරණාවලදී අපි දියුණුවක් ලබල තියෙනවා. හැබැයි මම පිළිගන්නවා ජනතාවට විශාල බලාපොරොත්තු තිබෙන බව. මාස 10න් කළ හැකි දේ සීමා සහිතයි. මම ජනතාවගේ බලාපොරොත්තුවලින් ඉවත්වෙන්නේ නැහැ. ඒ නිසා ඉවසීමෙන් සිටින ලෙස මම ඉල්ලා සිටිනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්