කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මම රසිකයින්ට කොකා පෙන්නලා නැහැ

මම රසිකයින්ට කොකා පෙන්නලා නැහැ

සුහද කොකා අධ්‍යක්ෂ ගිරිරාජ් කෞෂල්‍ය

ප්‍රවීණ රංගන ශිල්පියෙක්, සහාය අධ්‍යක්ෂවරයෙක්, එමතු නොව අධ්‍යක්ෂවරයෙක් ලෙසත් ගිරිරාජ් කෞෂල්‍යව හඳුන්වාදිය හැකියි. ඔහුගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය ‘සුහද කොකා’ මේ දිනවල තිරගත වන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව දිනා ගනිමිනි. ගිරිරාජ් සමඟ යෙදෙන මේ කතාබහ ද වෙන් වනුයේ ඔහුගේ නවතම සිනමා නිර්මාණය ‘සුහද කොකා’ වෙනුවෙනි.

සුහද කොකා චිත්‍රපටය ගැන මුලින්ම කතාබහ කරමු.

මෙය මගේ දෙවැනි සිනමා නිර්මාණය. පළමු චිත්‍රපටය ‘සිකුරු හතේ'. එය මීට වසර 7කට 8කට පෙරාතුවයි අධ්‍යක්ෂණය කළේ. මේ නිර්මාණය කරද්දි මම සිතුව දෙයක් තමයි ‘සිකුරු ‍හතේ'ට වඩා වෙනස් රසයකින් යුතු යමක් නිර්මාණය කරන්න ඕනෙ කියලා. හාස්‍යයෙන් පිරි දෙයක් තමයි කරන්න අවශ්‍ය වුණේ. එනිසා මට හිතුණා මීට වසර ගණනාවකට කලින් ‘එතුමා’ කියල ටෙලි මාලාවක් නිර්මාණය කළා. එය රචනා කළේ මම. එයම චිත්‍රපටයක් විදිහට එහි දිගුවක් ලෙස ගොඩනඟන්න පුළුවන් නේද? කියලා මම හිතුවා. එම චරිත පදනම් කරගෙන දේශපාලනඥයෙක් වටා ගෙතුණු දේශපාලනමය නිර්මාණයක් කිරීමයි මගේ අදහස වුණේ.

ඇයි ‘එතුමා’ ටෙලි නාට්‍යයම පාදක කරගෙන මේ චිත්‍රපටය ගොඩනැඟු‍වේ?

‘එතුමා’ කතා තේමාව එදාට වගේම අදටත් පොදුයි. මොකද එදා ද අද ද කියල නෙමෙයි දේශපාලනය කියන දේ හැමදාම සිද්ධ වෙනවා. එතුමා පිටපත මා රචනා කළ මීට වසර ගණනාවකට පෙරාතුව වගේම අද වෙනතුරුත් දේශපාලනය ඒ වගේම තමයි. එහි යම් යම් මුහුණුවර වෙනස් වූවත් එහි ඇති හාස්‍යය උපහාසය නැතිවෙලා නැහැ. මිනිසුන් රැවටීම, වංචාව, දූෂණය, මේ සියලුම දේ ඒ විදිහටම මේ වනතුරු සිදු වෙනවා.

ඒ නිසා මට හිතුණා මේ ජනප්‍රිය වූ චරිත පාදක කරගෙන වෙන නමකින් චිත්‍රපටයක් කළ යුතුයි කියලා.

ඒ කියන්නේ මේ චිත්‍රපටයේ චරිත ‘එතුමා’ නාට්‍යයේ චරිතම ද?

ඔව්. මෙහි ඉන්නේ ‘එතුමා’ ටෙලි නාට්‍යයේ හිටපු චරිතම තමයි. නමුත් කොයිම මොහොතකවත් මේ චිත්‍රපටය තුළ එතුමා ටෙලි නාට්‍යයේ දැකපු කිසිඳු රූප රාමුවක් නැහැ. එයට සම්බන්ධ කිසිම දෙබසක් නැහැ. නමුත් එතුමා නාට්‍යයේ චරිතවලට ආවේණික වූ ‘මල්ලි හරි මල්ලි’, ‘ඇහුන් නෑ’ වගේ දෙබස් යන්තමින් භාවිත කර තිබෙනවා. එනිසා මේ චිත්‍රපටය වෙනස්ම මුහුණුවරක් ගන්නවා.

‘සුහද කොකා’ කතා තේමාව මොන වගේ ද?

මන්ත්‍රීවරයෙක් මැතිවරණයකින් ලබන මනාප ප්‍රමාණය මදිවෙලා, ලිස්ට් එකේ අන්තිම මන්ත්‍රීවරයා හැටියට ඉන්නවා. නමුත් ඔහුට උඩින් ඉන්න මන්ත්‍රීවරයා තේරිලා ඇතුළට ගිහින් තියෙන්නේ. වැඩිම මනාප ගත්ත මන්ත්‍රීවරයා මනාප ගත්ත සතුටට මිය යනවා. ඉන් පස්සේ තමයි පැරැදුණු මේ මන්ත්‍රීවරයාට ඇතුළට යන්න අවස්ථාව ලැබෙන්නේ. නැවත ඇතුළට යන්නත් එතැන් සිට ඔහු ඇමැතිවරයෙක් වීම සඳහා කරන උත්සාහය, අරගලය තමයි හාස්‍යයට ලක්වෙන්නේ. එය ඉතාම වංචනික උත්සාහයක්.

සමහර විචාරකයන් ‘සුහද කොකා’ ‘එතුමා’ නාට්‍යයට සමාන කරමින් ප්‍රේක්ෂකයා රැවැටීමට ඔබ උත්සාහ දරන බව පවසනවා. මේ ගැන මොකක්ද ඔබේ අදහස?

මම දෙයක් හිතලා කළා... මම හිතනවා ඒ නිර්මාණයෙත් ප්‍රේක්ෂකයාට කිසිදු අසාධාරණයක් නොවන බව. මම පැහැදිලිව පිළිගන්නවා මම එතුමාම තමයි නැවත කරන්නේ කියලා. මොකද ‘එතුමා'ත් මගේ. ‘සුහද කොකා'ත් මගේ. අද මට මේ විදිහට චෝදනා කරන අයට මට කියන්න තියෙන්නේ ප්‍රේක්ෂකාගාරයට ගිහිල්ලා මේ චිත්‍රපටය නරඹලා කතා කරන්න කියලයි. එතකොට ඔවුන්ට තේරෙයි මම රසිකයන්ට කොකා පෙන්නල තියෙනව ද කියලා. අද මේ වෙනකොට මට රසික ප්‍රතිචාර ඕනවටත් වඩා ලැබෙනවා. ඔවුන් කියන කතා ඇහුවම ලොකු සතුටක් දැනෙනවා.

ඔබ සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස ආ ගමන සාර්ථකයි කියා සිතනවා ද?

මෙහෙමයි. මම දැනට චිත්‍රපට දෙකයි තවම කරලා තිබෙන්නේ. එනිසා මට එහෙම හිතන්න බැහැ. ‘සිකුරු හතේ’ ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුවා. මෙරට වගේම පිටරටත් ඒ චිත්‍රපටය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වුණා. මොවුන් ගෙන් ලැබුණු ප්‍රතිචාර මත තමයි මම දෙවැනි චිත්‍රපටය ‘සුහද කොකා’ කරන්නේ. මම හිතනවා ප්‍රේක්ෂකයාට සාධාරණයක් ඉටුකළා කියලා.

ඔබ වඩාත් කැමැති රංගනයට ද අධ්‍යක්ෂණයට ද?

රංගනයට. මොකද චිත්‍රපට, ටෙලි නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කරන්න මට ආරාධනා නොඅඩුව ලැබුණා. නමුත් මම ඒ දේට කැමැති නැහැ. මම නිදහසේ රඟපාමින් කාලයත් අරගෙන චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න තමයි කැමැති. මොකද විහිළු කරන එක බොහොම අමාරු වැඩක්.

ඔබේ කලා ජීවිතය වසර 30කට කිට්ටුයි නේද?

ඔව්. මම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මේ තරම් කාලයක් වෙනවා. මම රැකියාව කළේ ගිරාඳුරුකෝට්ටේ මහවැලි අධිකාරියේ. එනිසා කොළඹ සිදුවන ‍කලා කටයුතු කිසිම දේකට මුල් කාලයේ සම්බන්ධ වෙන්න බැරි වුණා. මම චිත්‍රපට බලනවා, වේදිකා නාට්‍ය බලනවා. මුල සිටම කලාවට සම්බන්ධ වුණත් පසු ක‍ලෙක තමයි රංගනයට එක්වුණේ.

සුහද කොකා’ චිත්‍රපටය රූගත කිරීම් අතරතුර අමතක නොවන සිදුවීමුත් සිදු වෙන්න ඇති?

කිහිපයක්ම සිදුවුණා. මම ඉන් එකක් කියන්නම්, මේ චිත්‍රපටයේ සමන් හේමරත්න ‘සුමුදු'ට රඟපානවා. කොහොමහරි එක දවසක් සමන් රූගත කිරීම්වලට සහභාගි වෙලා ගෙදර යනවා කියලා පිටත්ව ගියා. රෑ වෙනකොට සමන් ගෙදර ආවෙ නැහැ කියලා සමන්ගේ බිරියගෙන් දුරකතන ඇමතුමක් අපිට ලැබුණා. අපි හොඳටම බය වුණා.

සමන් ඔහුගේ වාහනයෙන්මයි ආවේ. අනෙක ඒ වෙලාවේ සමන් අසනීප ගතියෙනුයි හිටියේත්. අපිත් අපේ රූගත කිරීම් වැඩ නවත්තලා සමන්ව හොයන්න පිටත්වුණා. මඟක් යද්දී සමන් ගෙදර ආවා කියලා කෝල් එකක් ආවා. බලනකොට සමන්ගේ කාර් එකේ ටයර් එකක පැච් එකක් ගිහින්. ටයර් එක මාරු කරගන්න විදිහක් නැතුව බෙහෝ වෙලාවක් ගතකරලා. ඒත් එක්කම තවත් කතාවක් තියෙනවා, ඒ තමයි රොඩ්නි වර්ණකුල. චිත්‍රපටයේ එක් ජවනිකාවක් තියෙනවා. මැර ප්‍රහාරයක් එල්ල කරන. රොඩ්නි ඇතුළු පිරිස මුහුණු බැඳගෙන පුද්ගලයකුට පහර දෙන්න යනවා. ෂූටින් පටන් ගත්තා. මුහුණ බැඳගෙන ආපු රොඩ්නිව ලොකු කාණුවකට ඇ‍දගෙන වැටුණා. කාණුව මොනරතම් උස ද කිව්වොත් කාණුවට වැටුණු රොඩ්නිව පෙනෙන්නම නැහැ. අපි කට්ටිය ෂූටින් නවත්තලා දුවගෙන ගිහින් රොඩ්නිව ඇදලා ගත්තා. දෙවියන්ගේ පිහිටෙන් රොඩ්නිට මොකුත්ම වෙලා නැහැ. පුංචි පුංචි සීරීම් විතරයි තිබුණේ.

ඔබට බිරියගෙන්, දරුවන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේ ද?

පිටපත් රචකයකුට මානසික නිදහස, සහනය අත්‍යවශ්‍යයි. මගේ බිරිය ගෙන් දියණියගෙන් එය නොඅඩුවම ලැබෙනවා. මගේ වැඩිමල් දියණිය කවින්ද්‍ය නිලුපුලී විවාහකයි. බාල දියණිය අමන්ද්‍යා උත්පලී මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර සිසුවියක්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්