සුමිගෙන් අහන්න
සුමිගෙන් අහන්න
කැප්පෙටිපොළ
චරිතය අළලා සයිමන්
තිරකතාවක් ලීවාද?
අත්තනගල්ලේ විමලසේන සපුතන්ත්‍රි
ප්‍රශ්නය - සුජාතා අත්තනායක ගයන ‘පෙම්වත තරහා වෙලා නිහඬව ඉන්නේ ඇයි’ ගීතය
මොහොමඩ් ගවුස්ගේ තනුවක් බව කියැවෙනවා. ඒ ගීතය නිර්මාණය වෙද්දී ගවුස් මාස්ටර්
ජීවතුන් අතර සිටියේ නැහැ නේද?
පිළිතුර - ඒක ගවුස් මාස්ටර්ගේ පරණ තනුවක්. මුල් ගීතය ගයා ඇත්තේ සුජාතාගේ මවයි. ඒ
තනුවට අනුරූපීව තමයි සුනිල් ආර්. ගමගේ ඉහත ගීතය සුජාතාට ලියා තිබෙන්නේ.
වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ
ප්‍රශ්නය - පියදාස සිරිසේනගේ ඇතැම් නවකතාවල එන කෝන්ගොඩ වික්‍රමපාලගේ
චරිතය ජේම්ස් බොන්ඩ් වර්ගයේ චරිතයක් ද?
පිළිතුර - ඔව්. ඔව් එය රහස් පරීක්ෂක චරිතයක්.
මත්තේගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය - ගාමිණි - මාලිනි සුසංයෝගය තරම් ගාමිණි - ගීතා, ගාමිණි - වීණා, ගාමිණි
- ස්වර්ණා කහවිට, ගාමිණි - ෆරිනාලායි සුසංයෝග සාර්ථක නොවුණේ ඇයි?
පිළිතුර - ඒ මාලිනිගේ සුවිශේෂ රංග මහිමය.
මීගමු මහහුණුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා
ප්‍රශ්නය - සයිමන් නවගත්තේගම කැප්පෙටිපොළ චරිතය අළලා චිත්‍රපට තිරකතාවක්
ලිව්වා ද?
පිළිතුර - ඔව්. ඔහු එය ලීවේ විජය කුමාරතුංග වෙනුවෙන්. ඒ සඳහා එකල ඔහුට රුපියල්
20 දාහක අත්තිකාරමක් ද ගෙවනු ලැබ තිබුණා.
පිළියන්දල චාමර විජේසිංහ
ප්‍රශ්නය - සිංහල සිනමාවේ හොඳම ගීතමය පෙම් ජවනිකාව කුමක් ද?
පිළිතුර - ‘තුෂාරා’ චිත්‍රපටයේ ‘ජීවනයේ මීවනයේ’ ගීතය රැගත් පෙම් ජවනිකාව.
රඟපෑවේ විජය සහ මාලිනි.
මැදවච්චියේ ගුණපාල ජයසේකර
ප්‍රශ්නය - ලංකාවේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ එක්දින වැඩමුළුවක් වෙරළබඩ
හෝටලයක පවත්වන්නේ නම් ඔබ කැමැති ද?
පිළිතුර - ඔව්. එතකොට සුනාමියක් එහෙම ආවම ඔක්කොම ටික එක සැරේ මුහුදට ගහගෙන
යනවනේ.
මෝදර එම්. රුෆිනස් ඩයස්
ප්‍රශ්නය - ‘මිහිඳුම් සිහින’ චිත්‍රපටයේ රූ ගැන්වීම් සිදු වූයේ කොහේ ද?
පිළිතුර - සමනල කන්ද පැහැදිලිව පෙනෙන මස්කෙළිය, ලක්ෂපාන වැනි තැන්වල.
මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. බණ්ඩාරවෙල අඹේගොඩ දේශානි මාධවී, කපුගොඩ මාළිඳ සරත්
රණසිංහ, ගම්පහ පත්මාවෝ මහේෂ්වරි හේරත්, මඩකළපුවේ ඩුෂානි තාරුකා සසිදරන්.
|