|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ප්‍රංශුවා මෙම කෘතිය ඇමරිකානු කලා විචාරකයෙකු හා ලේඛකයෙකු වන කාල්ටන් ලේක් සමඟ සම කර්තෘත්වයෙන් ඇමෙරිකාවේදි ප්‍රකාශයට පත්කරනුයේ පිකාසො ජීවත්ව සිටියදීමය. එනම් 1964 දීය. ඒ වන විට පිකාසො අසූතුන් වැනි වියේ පසුවිය. කෙසේ නමුදු මෙම කෘතිය ප්‍රකාශයට පත්වීම වැළැක්වීම සඳහා ඔහු තෙවතාවකදීම නීති මඟින් කටයුතු කළ ද එය ඉටුවී නොමැත. නූතනවාදී චිත්‍රකලාවේ ඝනිකවාදි දැනුම ගවේෂණය කළ, විශ්ලේෂණාත්මකව චිත්‍ර කලා දැනුම ගොඩනැඟූ, දෘශ්‍ය කලාවේ විවිධ ආකෘතිමය අත්දා බැලීම්වල නිරත වූ පිකාසො ගේ කලා ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම යනු අද දවසේ ද නැවුම් ක්‍රියාවලියකි. කලා අධ්‍යාපනය සම්බන්ධයෙන් ද එය ඉතා වැදගත් වූවකි. කලාකරුවෙකුගේ ජීවිතයත්, එය කලා කෘති උත්පාදනය අතර පවතින සබැඳීයාවේ සංකීර්ණතාව හඳුනා ගැනීමටත් ඒ තුළින් මඟ සැලසේ. එබැවින් එය කලා අධ්‍යයනය පූර්ණ කරවන්නකි. පිකාසො නම් දැවැන්ත දෘශ්‍ය කලා යෝධයාගේ අධ්‍යාත්මය දෙස බලන්නට, ඔහුගේ ප්‍රබලතා සේම දුබලතා දෙස ද දකින්නට, ඔහු තුළ සැඟවුණු වැන්ගෝමය ආත්මය දකින්නට මෙන් ම පිකාසො නම් පිරිමි චරිතය දෙස ගැහැනියකගේ අධ්‍යාත්මය තුළින් දකින්නට මෙම කෘතියේ දි අපට ආරාධනා කරයි. පරිවර්තන කෘතියෙන් ඉහත දී උපුටා දක්වන ලද කොටස නිදසුනකට ගතහොත් ඒ වූ කලී දෘශ්‍ය කලාව මැනවින් සාහිත්‍යයට රැගෙන ඒමකි. පිකාසොගෙ ප්‍රකට “එළුවා” මූර්තිය භාෂා වියමනක් තුළින් එහි දෘශ්‍ය රස වින්දනයට වෙනත් මානයක් රැගෙන ඒමකි. එය කලා විචාරය, කලා ඉතිහාසය ආදි වූ රචනයක් නොව ඇසින් දුටු සාක්ෂි දැක්වීමකි. “මගේ පිකාසො” කෘතිය සත්‍ය අත්දැකීම් පදනම් ව උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයකින් ගොඩනැඟෙන අතීත ස්මරණ සමුදායක් නමුදු ප්‍රබන්ධ රචනයක් පරිදි අඛ්‍යානමය ගොඩනැඟීමක් මෙන් ම දාර්ශනික ගති ලක්ෂණයන් ද ගැබ්ව පවතී. පිකාසො ඇසුරු කළ අනිකුත් චිත්‍ර ශිල්පීන්, කවියන්, දාර්ශනිකයින් පිළිබඳව හා ඔවුන් සමඟ පැවති සංවාද, ඔහු කලාවේ නිමග්නව සිටි ආකාරය, අනිකුත් සමකාලීන චිත්‍ර ශිල්පීන්ගේ කලා නිමවුම් රසවිඳීම්, කලා ඉතිහාසය මතින් ඔහු ලද පරිචය ආදි බොහෝ තොරතුරු මෙහිදි නිරාවරණය වේ. පරිවර්තන පඨිතය තුළදි හමු නොවන කෘතිය පිළිබඳව පරිවර්තිකාවගේ අදහස් පිළිබඳව සම්මුඛව විමසීමේදී මාලිනි සඳහන් කළේ ප්‍රංශුවා නම් ගැහැනිය ගැන ඇයට පුදුම හිතුණු බවයි. මුල් කෘතිය එක දිගටම කියවූ බවත්, දිගු කලක සිටම තමා දැන හඳුනාගත් සමීපතම මිතුරියක ලෙස ප්‍රංශුවා ඇගේ හදවතට දැනුණු බවත් ඇය සඳහන් කරයි.
“වයස අවුරුදු විසි එකේ දී තරම් යෞවන වියේදි තමයි ප්‍රංශුවාට පිකාසො මුණගැසෙන්නේ. ඒ වනවිටත් ඇය බුද්ධිමත් තරුණියක්. ශිෂ්‍ය ක්‍රියාකාරිනියක්. මේ කාලය තමයි ජර්මනිය විසින් ප්‍රංසය අත්පත් කරගන්නා අවදිය. ඇය තම මිතුරියක් සමඟ චිත්‍ර ප්‍රදර්ශනයකට සූදානම්ව සිටින විටයි ඇයට පිකාසො මුණගැසෙන්නේ. ඇය එඩිතරයි. ඒ වගේ ම මානුෂික ගුණාංග ඇය සතුයි. ඊට පෙර පිකාසො ඇසුරු කර අත්හළ ඔහුගේ බිරියන්, පෙම්වතියන් දෙස ඇය බැලුවේ මානුෂික ලෙස. ප්‍රංශුවාගේ තවත් විශේෂත්වයක් තමයි ඇය විසින් ම පිකාසො අතහැර යෑම. ඊට පෙර තම බිරින්දෑවරු හා පෙම්වතියන් අතහැර දැමුවේ පිකාසො විසින්. ඇය ආත්මීයව කඩා වැටුණේ නැහැ. අනිත් අය ආත්මීයව කඩා වැටුණා. ඔහුගේ එක පෙම්වතියක් වුණු ඩෝරා මාරි මානසික සංකූලතාවයෙන් පීඩා විඳලා මිය ගියේ. පිකාසො “වැලපෙන ගැහැනිය” ලෙසින් ඇන්දේ ඩෝරා මාරි.” පරිවර්තිකා මාලිනි ගෝවින්නගේ සඳහන් කරයි. එමෙන් ම කෘතියෙන් නිරූපණය වන පිකාසො චරිතය පිළිබඳව මුලින් තරහක් ඇතිවූ බවත් පසුව ඔහු පිළිබඳව අනුකම්පාවක් වැනි හැඟීමක් ඇති වූ බවත්, ඔහු තනිකමකින් පෙළුණු ආකාරය කෘතිය පුරාම දැකිය හැකි බවත් මාලිනි තවදුරටත් සඳහන් කරයි. නැවතත් අපි ප්‍රංශුවාගේ මතකය ඔස්සේ පිකාසො ට සවන් දෙමු. “ඔබට පේනවද බොකුටු හිසකෙස්? ඒ රැවුළ තියන මේ සැඩපරුෂ චරිතය... ඒ තමයි රෙම්බ්‍රාන්ට්. එහෙම නැත්නම් බල්සාක්... මට හරියටම කියන්ඩ බෑ.... මං හිතන්නෙ ඒක ඒ දෙන්නගේ සන්ධාන ගතවීමක්. ඒකට කාරි නෑ... මගෙ හිත ඇතුළෙ සැරිසරන අයගෙන් දෙන්නෙක් විතරයි. හැම මනුෂ්‍යයෙක් ම මුළු ජනපදයක්. ඔබට තේරෙනවද?” පිටු පන්සිය හතළිස් හතක් පුරා දිවෙන පරිවර්තන කෘතිෙය් පසු පිටුවට ද යොදා ගනු ලැබූ ප්‍රංශුවාගේ උපේක්ෂාශීලී ආත්මීය සටහන මෙ අයුරිනි. “අපේ මිතුදම අප දෙදෙනාගේ ම ජීවිතවලට ආලෝකය ගෙනෙනු ඇතැයි ඔහු පැවසීය. මා ඔහු වෙත පැමිණීම ඔහුගේ ජීවිතයට කවුළුවක් විවර වීමක් බඳු යැයි ද, එය හැමදාමත් නො වැසී තිබීම දැකීම ඔහුගේ කැමැත්ත යැයි ද කීවේය. එම කවුළුව තුළින් අලෝකය ගලා ආ තාක් කල් මම ද ඔහු සමඟ රැඳුණෙමි. තවදුරටත් එයින් ආලෝකය ගලා නොආවිට මම එය වසා දැමුවෙමි.”
| |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|