කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


තරු තොරතුරු

තරු තොරතුරු

ලෝරන්ස්ගේ මනමාලි සමාජ සද්කාර්යයක

ටෙලිනාට්‍ය වගේ ම සිනමාව තුළ ද විවිධ භූමිකා නිරූපණය කරමින් රසික ආදරය දිනාගත් දුලීකා මාරපන ජනප්‍රිය මෙන් ම දක්ෂ නිළියකි. ඇය මේ දවස්වල ලොකු වැඩකට අත ගහලා තියෙනවා කියලා තමයි අපිට ආරංචි වුණේ. ඉතින් අපි ඒ ගැන හොයලා බලන්න දුලීකාට කතා කළා.

“‘ලෝරන්ස්ගේ මනමාලි’ බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් වේදිකා නා‍ට්‍යයක්. එ‍ළඹෙන නත්තල් සමය වෙනුවෙන් ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍ය කණ්ඩායම සුවිශේෂී මෙහෙවරක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ තමයි දෙසැම්බර් 19 පරිවාස ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් 250 දෙනකුට මේ වේදිකා නාට්‍ය ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී සවස 7.30 නොමිලේ ප්‍රදර්ශනය කිරීම ඒ වගේ ම ලබන අවුරුද්දට ඔවුන්ට පොත් පත් පරිත්‍යාග කිරීමටත් කටයුතු සූදානම් කළා. මේ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයත් හේලී ජුවලරි ආයතනයත් අපට දායකත්වය ලබා දෙනවා.

ඒ විතරක් නොවෙයි. එදින නාට්‍ය බලන්න එන හැමෝටම ප්‍රවේශ ටිකට් පතත් සමඟ තරගයකට ද සහභාගි වීමට අවස්ථාව ලැබෙනවා. ජයග්‍රාහකයින්ට හේලී ජුවලරි ආයතන මඟින් රන් ආභරණ ත්‍යාග වශයෙන් ලබාදෙන්න කටයුතු සූදානම් කළා‍. පස්වරු 3.30, 6.30, 7.30 දර්ශන වාරයන්හි ජයග්‍රාහකයින් දෙදෙනකු බැඟින් තෝර ගන්නවා.”

‍සුජීවයි මමයි එකතු වෙලා ලබන වසරේ සිනමා පටයක් ආරම්භ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

චිත්‍රපට අඩුවුණත් ප්‍රේක්ෂක ප්‍රතිචාර

මේ දිනවල කාගේත් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍යයේ කැපී පෙනෙන චරිතයක් තමයි කැලුම්. (ලොකු අයියා) කැලුම්ගේ චරිතයට පණ දෙන්නේ නව පරපුරේ ජනප්‍රිය නළුවෙක් වන කාවිංග පෙරේරායි.

ඔහු මේ දිනවල ‍ ‘කුටු කුටු මාමා’, ‘වස්සානේ ප්‍රේමය’ වැනි ටෙලිනාට්‍ය ගණනාවක අපිට දකින්නට ලැබෙනවා. නමුත් සිනමාවේදී නම් ඔහුගේ මුහුණ අපට දක්නට නොලැබෙන තරම් ය‍. අපි ඒ ගැන සොයා බලන්න කාවිංගට කතා කළා.

“සිනමාවේ නැහැ කියලා මට ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවක් නැහැ. චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ළඟ ‍මගේ නම්බර් එක නැතුව ඇතිනේ. එහෙම වුණා කියලා මම දුක් වෙන්නේ නැහැ. හොඳ ආරාධනයක් ලැබුණොත් බාර ගන්නවා.

“පසුගිය දිනක මම නිව්සීලන්ඩ් ගියා. එකපාරටම කට්ටියක් ඇවිත් මාව වටකර ගත්තා. මට බයත් හිතුණා. මේ හැම දෙනාම මගේ රංගනයට සුබ පැතුවා. ෆිල්ම්වල රඟපෑවේ නැති වුණාට ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩු නැහැ කියලා එදා

මට හරියට ඔප්පු වුණා. ඒ හැම දෙනාටම මම ස්තුති කරනවා.”

උපාලි ගම්ලත් චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ ‘කළුහිම’ චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් කරලා මේ දිනවල අම්මයි, තාත්තයි, නංගිත් එක්ක නත්තල් සමරන්න සූදානම් වෙනවා.

සම්මානයෙන් පසුව සනත්ගෙන් අලුත් නිර්මාණයක්

සනත් අබේසේකර කලාකරුවා බෞද්ධ තේමා රැගත් චිත්‍රපට නිර්මාණය කළ දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. ඔහු අධ්‍යක්ෂණය කළ ‘සිරි දළදා ගමනය’ සිනමා සිතුවම සඳහා මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදී ‘Block Blaster’ සම්මානයෙන් පිදුම් ලැබීය.

ඒ වසරේ ආදායම් බිඳහෙළූ සිනමා පටය ලෙසට ය. මේ ගැන වගේ ම සනත්ගේ අලුත්ම තොරතුරු දැන ගන්නත් එක්ක අප ඔහුට කතා කළා.

“මට දෙරණ සම්මාන උලෙළෙදි සම්මානයක් ලැබුණා. ඉතින් මම ගොඩක් සතුටින් ඉන්නේ. පසුගිය දෙසැම්බර් 7 වැනිදා පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ, කොළොන්නාවේ රජමහා විහාරාධිපති, කොළොන්නාවේ ධම්මික ස්වාමීන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් EAP චිත්‍රපට සංස්ථාව එකතු වෙලා මේ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරලා තිබුණා.

මගේ අලුත් චිත්‍රපටය ලබන ජනවාරි අන්තිම විදේශ රටකදී රූගත කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු ඇතුළු නව පරපුරේ නළු නිළියන් රැසක් එහි රංගනයෙන් දායක වෙනවා. 2017 දී තවත් බෞද්ධ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන් අතරට ඒවි. දැනටමත් තිර පිටපත් සියල්ලම අවසන් කරලා තියෙන්නේ.

මේ දිනවල ‘පිං වඩන පුණ්‍ය භූමි වන්දනා’ නමින් නව චිත්‍රපටයක් රූගත කරන්න සියල්ල සූදානම් කරමින් සිටිනවා. එහි රූපගත කිරීම් දෙසැම්බර් 20 පසුව කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්