කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


‘ඉර අවර’ සමඟ ප්‍රියා රණසිංහ

‘ඉර අවර’ සමඟ ප්‍රියා රණසිංහ

සතියේ දිනවල රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනියෙන්

‘ප්‍රියා රණසිංහ අපේ රටේ සිටින ප්‍රවීණ මෙන් ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේ ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරියක්. ඉතින් මේ දිනවල ඇය කලා ක්ෂේත්‍රයේ අලුත් වැඩකට අතගහලා කියලා අපට දැනගන්නට ලැබුණා. ඒ කුමක්ද කියලා අපි ඇයගෙන් ම විමසා බැලුවා.

මුලින්ම ඔබේ අලුත් නිර්මාණය ගැන කතා කරමු නේද?

මෙය මගේ පස්වැනි ටෙලිනාට්‍ය නිර්මාණය. එය මේ දිනවල ජාතික රූපවාහිනියේ ‘ඉර අවර’ නමින් සතියේ දිනවල රාත්‍රි 8.30 විකාශය වෙනවා.

මීට පෙර ‍ඔබ අධ්‍යක්ෂණය කළ නිර්මාණ ගැන කෙටියෙන් සිහිපත් කළොත්...?

ඉසුරු පවස තමයි මගේ පළමු නිර්මාණය... ඉන්පසුව සත්සර නිම්නය, සමනළ වසන්තය, පවන සේ ඇවිදින් යන නිර්මාණ මම කළා. මේ දිනවල විකාශනය වන ‘ඉර අවර’ නවතම ටෙලිනාට්‍ය මම අධ්‍යක්ෂණය කළ පස්වෙනි ටෙලිනාට්‍ය නිර්මාණය වෙනවා.

‘ඉර අවර’ නිර්මාණය කිරීමට ඔබට වස්තු විෂය වුණේ කුමක්ද...?

මා කියවූ විදේශීය නවකතාවක් තමයි මෙයට මූලික තේමාව කරගත්තේ. අද අපේ රටේ කාගේත් කතා බහට ලක්වන මාතෘකාවක් වෙලා තියෙන්නේ ළමා අපයෝජන ගැනනේ. ඉතින් කාලීන වශයෙන් ගත්කළ මේ නවකතාවෙන් කියැවෙන කතිකාවක නිර්මාණයක් හරහා සමාජයට යම් පණිවිඩයක් ලබාදිය යුතුයි කියලා මට හිතුණා. ඒ අනුව තමයි ‘ඉර අවර’ නිර්මාණය සඳහා පසුබිම ගොඩනැඟුණේ...

මෙහි රංගන දායකත්වය ලබාදෙන ශිල්පීන් කවුද...?

ඇත්තටම කියනවා නම් ‘ඉර අවර’ කියන්නේ ඉතාම දක්ෂ හා ප්‍රවීණ රංගන ශිල්පීන්, හා ශිල්පිනියන් රැසක එකතුවක් කියන්න පුළුවන්.

පාලිත සිල්වා, දීපානි සිල්වා, මාධනී මල්වත්ත, ගිරිරාජ් ‍ෙකෟශල්‍ය, අජිත් ලොකුගේ, සුජාණි මේනකා, මහේන්ද්‍ර වීරරත්න සමඟ ප්‍රධාන ළමා චරිතයට නවක ළමා රංගන ශිල්පිනියක් සහභාගි වෙනවා.

අවසාන වශයෙන් ඔබට ප්‍රේක්ෂකයන්ට යමක් කියන්නට ඇති?

ඔව්... ප්‍රථමයෙන් කියන්නට ඕන... එදා වගේ ම අදටත් මට සහ මගේ නිර්මාණවලට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයින්ට මේ වෙලාවේ මගේ තුති පුදන්නට කැමතියි. ඉතින් ‘ඉර අවර’ කියන්නෙ නූතන ‘වේසා’ නාට්‍ය රැල්ලෙන් ඈත්ව 70 දශකයේ අපි රඟපෑ නියම ටෙලිනාට්‍ය ප්‍රමිතිකරණයට අනුව නිර්මාණය වුණු බොහොම අපූර්ව නිර්මාණයක්, වගේ ම පවුලේ සැමට නැරඹිය හැකි නිර්මාණයක් නිසා බලා සැනසෙන්නට නොව බලා විමසන්නට කියලා මගේ ප්‍රේක්ෂකයිනට ඇරයුම් කරනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්