සමීපරූප
සමීපරූප
ජැක්සන්ට
ඇඩ්‍රස් නැති වුණා ද? ඉන්ද්‍රචාපගේ සමීපරූපාවලියේ ජැක්සන් ඇන්තනීගේ රුව ඇඳෙන්නේ විවිධාකාර
මුහුණුවරින්. වේදිකාවෙ ජැක්සන්. රූපවාහිනියේ ජැක්සන්. සිනමාවෙ ජැක්සන්.
පූරක ජොබ් (Presenter) එෙක් ජැක්සන්. පත්තර තීරු ලිපි අතරෙ ජැක්සන්. මිත්‍ර
සමාජයේ ජැක්සන්. දේශපාලනයේ ජැක්සන්. ජැක්සන්ලා විශාල පිරිසක්. ඉන්ද්‍රචාප
ජැක්සන්ගෙ මේ සමීපරූපාවලියෙන් අවසාන සමීප රූපය හැරෙන්න අනෙක් හැම
සමීපරූපෙකටම කැමැතියි. ආදරෙයි. අවසාන සමීප රූපෙට වුණත් අකැමැති වෙන්නෙ
ඉන්ද්‍රචාපගෙ පෞද්ගලික කල්පනාවට. ඒත් ඒ සමීප රූපෙ ඉන්න ජැක්සන් ගැන
ඉන්ද්‍රචාපට නම් කිසිම කලබලයක් නෑ. මොකද ඒක ජැක්සන්ගෙ අයිතිය පිළිබඳ
ප්‍රශ්නයක් නිසා. මෑත කාලයේ, ජැක්සන් තරම් කතාබහට වාද විවාදයට ලක්වෙච්ච ඉදිරි
පෙළ කලාකාරයෙක් නැති තරම්. දේශපාලන හෝ වෙනත් සමාජ ක්‍රියාකාරකම් ඊට
හේතුවන්නට ඇතැයි ඉන්ද්‍රචාපට හිතුණත්, ඔහුගේ අනිත් සියලු ම සමීප රූප අතරෙ ඉන්න
ජැක්සන්ට ඉන්ද්‍රචාපගෙ කැමැත්ත තියෙන්නෙ ඔහු ඒ හැම රූපයකම තමන්ගෙ අනන්‍ය
ප්‍රභාස්වරය පෙන්නුම් කරන නිසා. වේදිකාවෙ ජැක්සන්ගෙ සමීප රූප අතරෙ සුගත්ගෙ
මරාසාද්හි මරා, දයානන්ද ගුණවර්ධන ගෙ මධුර ජවනිකාහි ජැන්ඩි සිංඤො, ලූෂන්
බුලත්සිංහලගෙ තාරාවෝ පිනා, සරච්චන්ද්‍රගෙ ලෝමහංස පදුම කුමාරයා, ධම්ම
ජාගොඩගෙ පළිඟු මැණිකේ ටෙලියෙ, විජේපාල ධර්මසේන පතිරාජගෙ කඩුල්ලෙ කුරුනේරිස්
වගේ සමීප රූප ඉන්ද්‍රචාපගෙ නොවෙයි, අපේ රටේ වේදිකාවෙ හරි ටෙලිනාට්‍යයෙ හරි හොඳ
නිර්මාණවලට ආදරේ කරන ඕනම කෙනකුගෙ හිතේ නොමැකී ඇති සමීප රූප. ධර්මසිරි
බණ්ඩාරනායකගෙ බවදුකේ පේදුරු, ජයන්ත චන්ද්‍රසිරිගෙ ගරිල්ලා මාකටිංහි
ග්‍රෙගරි වගේ චිත්‍රපට සමීපරූපත් ඒ වගේමයි. මේ සමීප රූපාවලියට අමතරව
ජැක්සන්ගෙම චිත්‍රපට සමීප රූපත් ඉන්ද්‍රචාපගෙ මතකයට එනවා. ජුලියස්ගෙ
භූමිකාව, අබා. අලුත් ම සමීපරූෙප ඇඩ්ඩ්‍රස් නෑ. ඉන්ද්‍රචාපගෙ සමීප රූප අතරෙ
ජැක්සන්ගෙ සිනමා රූපවලින් ඉස්සරවෙලාම පේන්නෙ ඇඩ්ඩ්‍රස් නෑ. ඉන්ද්‍රචාපට
හිතෙන්නෙ ජැක්සන්ගෙ ෆිල්ම් ලයින් එක වැටිල තියෙන්නෙ ඇඩ්ඩ්‍රස් නෑ වගේ ෆිල්ම්
ස්ටයිල් එකත් එක්ක කියලයි. ඇඩ්ඩ්‍රස් නෑ ඉන්ද්‍රචාප දැක්කෙ පහුගිය සතියෙ. ඒ ගැන
එක එක්කෙනා එක එක කතා කියනව ඉන්ද්‍රචාපට ඇහුණා. ඒත් ඒ කතාවලින් වැඩිපුර
කියැවුණේ ජැක්සන්ගෙ චිත්‍රපටය ගැන නෙවි කියලයි ඉන්ද්‍රචාප කල්පනා කරන්නෙ.
ජැක්සන්ගෙ දේශපාලනේට ඇති අකැමැත්ත ඔලුවෙ තියාගෙන ඇඩ්ඩ්‍රස් නෑ බලල ඒක සවුත්තු
ෆිල්ම් එකක් කියනවට ඉන්ද්‍රචාප කොහොමටත් එකඟ නෑ.
ඉන්ද්‍රචාපට ජැක්සන්ගෙ අබා සමීපරූප මතකයට එනවා. ප්‍රොඩක්ෂන් එකක් විදියට
මැසිව්. ඒත් හිස්ටොරිකල්, පීරියොඩික් වුණා කියලා ෆිල්ම්ස් හොඳ වෙන්නෙ නෑ කියල
ඉන්ද්‍රචාප කල්පනා කරනවා. අබාට සල්ලි හම්බ වෙන්න ඇති බාග වෙලාවට. ඒත් ඇඩ්ඩ්‍රස්
නෑ එක්ක අබා ෆේල්. ඇඩ්ඩ්‍රස් නෑ වලින් සල්ලි නොලැබෙන්න පුළුවන් අබා තරම්. ඒත්
ෆිල්ම් එකක් විදියට අබා දෙක, ඇඩ්ඩ්‍රස් නෑ එක. ජැක්සන්ගෙ ස්ත්‍රිප්ට් එක, කතා
සංකල්පය ජීවිතයට ළඟයි. ඇඩ්ඩ්‍රස් නෑ කැරැක්ටර්ස්, ඒ අප ජීවත්වෙන ලෝකෙ, ඒකෙ
යටින් දිවෙන කටුක, භයානක, අසරණයන්ගෙ දුකින් කඳුළින් තෙමුණු ලෝකය, අපිට ළඟයි.
නාසිවත්තෙ හිට්ලර්, චැප්ලින්, පින්සාර මුදලාලි, සන්ධ්‍යා අක්කා අපිට හමුවෙලා
තියෙන චරිත. අපි දන්නා අඳුනන ජීවිත. හිට්ලර් මහඋළු ගෙදර කාලයක් ඉඳලා එළියට
එන්නෙ අලුත් ජීවිතයක් හොයාගෙන වුණත් සමාජයෙන් ඊට ඉඩක් ලැබෙන්නෙ නෑ. ඔහු ආපහු
තල්ලු කරල දාන්නෙ පරණ ජීවිතේටම. ඔහුගෙ පාතාලෙ අධිරාජ්‍යයට වරින්වර එල්ලවන
තර්ජන, අලුත් සහචරයන්ගේ ආගමනය, කොළඹ උප සංස්කෘතියේ කොටසක් වන යාචක සමාජය
හැසිරවීම, කොන්ත්‍රාත් පදනමේ මිනීමැරුම්, ගැට කැපීම්, අතර ‘චැප්ලින්’ චරිතය
පිටුපස අපට පෙනෙන ඛේදයද ඉන්ද්‍රචාපගේ සිත කාවැද්දූ අවස්ථා ලෙස පෙනේ.
ඇඩ්ඩ්‍රස් නෑ ඇරැඹුමේ සිට පළමු විනාඩි කිහිපය මන්දගාමී ගලායාමක වුවත්, පසුව අප
දකින සිදුවීම් පෙළ නාටකීය ගුණයෙන් යුතුව තිර රචනයේ ලියැවී ඇති බව දැනේ. ඇතැම්
සිදුවීමක් අභව්‍ය එකකැයි සිතෙන තරමට ළංවී, ක්ෂණයකින් ඉන් මිදීමට අධ්‍යක්ෂ
ජැක්සන් සමත් වේ. කපිලට චැප්ලින් හඳුනාගන්නට ලැබෙන අවස්ථාව ගිලිහී යෑම
එවැන්නකි. ජැක්සන් අධ්‍යක්ෂ ලෙස ඉතා සංයමයකින් ඇතැම් ජවනිකා පෙළ ගස්වන බව
දැනේ.
- ඉන්ද්‍රචාප
|