රට රටවල ජාතික ආහාර
රට රටවල
ජාතික ආහාර
උඳුවප් මාසයේ උදාවත් සමඟ ලෝකයේ සෑම රටකම පාහේ උත්සව සමය ඇරැඹෙනවා. මෙය අපේ
රටටත් පොදුයි. මේ කාලයට රසවත් ආහාර වර්ග පිළියෙල කිරීමත් සාමාන්‍ය දෙයක්. රස
මසවුලෙන් යුතු ආහාර පිළියෙල කරන නමුත් ලෝකයේ සෑම රටකටම පාහේ ජාතික ආහාරයක්
තිබෙනවා.
අපේ රටේ ජාතික ආහාරය වන්නේ බත්. පරිප්පු හොද්දක්, කුකුළු මස් ව්‍යාංජනයක්,
මැල්ලුමක් හා පපඩමක් සහිත බත් පිඟානක් සරල ශ්‍රී ලාංකීය ජාතික ආහාරය නියෝජනය
කරනවා. අද අප ඉදිරිපත් කර තිබෙන්නේ ලොව පුරා රටවල ජාතික ආහාරවලින් හොඳම
ජාතික ආහාර කිහිපයක්.
1. හැම්බර්ගර් - ඇමෙරිකා එක්සත් ජනපදය (Hambergar)

අපි හැමෝම දන්න ආහාරයක් තමයි හැම්බර්ගර්. ඒත් හැම්බර්ගර් ඇමෙරිකාවේ ජාතික
ආහාරය කියල ගොඩක් අය දන්නෙ නැතුව ඇති. කෙසේ වෙතත් මෙම ආහාරයේ උපත හරියටම
සඳහනක් නැති වුණත් හැම්බර්ගර්වලට මෙම නම ලැබී ඇත්තේ ජර්මනියේ හැම්බර්ග්
නගරයෙන් බව පිළිගැනෙනවා. විවිධ ප්‍රදේශවල ආකාරයට මෙම ආහාරයේ රස, සාදන
ආකාරය යොදන අමුද්‍රව්‍ය ආදිය විශාල ලෙස වෙනස් වෙනවා. ලොව පුරාම හැම්බර්ගර්
ප්‍රසිද්ධියක් උසුලන්නේ දවසේ ඕනම මොහොතක ආහාරයට ගත හැකි ප්‍රණීත ආහාරයක්
ලෙසයි.
2. ඇකී සහ ලුණු දැමු මාළු - ජැමෙයිකාව (Ackee and Saltfish)

බටර් වැනි රසයක් ඇති ‘ඇකී’ යනු පලතුරකි. සැබැවින්ම ඇකී වහලුන් සඳහා වෙන්වී
තිබු ආහාරයක් වුවත් පසුව එය ජැමෙයිකානු ජාතික ආහාරයේ කොටසක් වුණා. ‘ඇකී’
පලතුර තැම්බු විට, තම්බා පොඩි කරන ලද බිත්තර වැනි ස්වරූපයක් ලැබෙන අතර ලුණු දමා
සකස් කරන ලද මාළු, ලූණු, තක්කාලි එයට එක්කර මෙම ආහාරය පිළියෙල කරනවා.
පිළිගැන්වීමේදී තෙලෙහි බැද ගත් මඤ්ඤොක්කා පෙති හා කෙසෙල් පෙතිවලින් සැරසුමත්
මේ ආහාරයේ අංගයක්.
3. කූ කූ සහ පියාමැස්සන් - බාර්බඩෝස් (Coo - Coo and Flying Fish)

තිරිඟු පිටිවලින් සෑදූ කැඳ වැනි දියරයක පියාමැස්සන් ව්‍යාංජනයක් මිශ්‍ර කළ
විට මෙම අපූර්ව ආහාරය සෑදිය හැකියි. දෙහි යුෂ, කුළුබඩු හා එළවළු ස්වල්ප ලෙස
මිශ්‍ර කර ආහාරය තවත් රසවත් කරනවා.
4. බුල්ගොගි - කොරියාව (Bulgogi)

හරක් මස් ආශ්‍රයෙන් මෙම ආහාරය බොහෝ විට පිළියෙල කරනවා. සිහින්ව කපාගත් හරක්
මස් සෝයා සෝස්, තල තෙල්, සුදු ලූනු, ඉඟුරු, සීනි හා වයින් සමඟ සකස් කර එම මස් සලාද
කොළ, නිවිති කොළ හා එළවළු අච්චාරු (Kimchi) සමඟ පිළිගන්වනවා.
5. කිබේ - ලෙබනනය / සිරියාව (Kibbeh)

තිරිඟු පිටි සමඟ අඹරා ගත් බැටළු මස් තෝරාගත් කුළුබඩු සමඟ මිශ්‍ර කර සාදාගන්නා
ආහාරයක් වන මෙය බේක් කර, තෙලෙහි බැද හෝ පිසීමකින් තොරව ආහාරයට ගත හැකියි.
6. ගොලාෂ් - හන්ගේරියාව (Goalash)

හරක් මස් ඉස්ටුවක් සමඟ එළවළු, රතු ලූනු සහ කුළුබඩු මිශ්‍ර කර සාදාගන්නා
ආහාරයක් වන මෙය ක්‍රි. ව. 1800 තරම් ඈත අතීතයේ සිටම හන්ගේරියාවේ ජාතික ආහාරය
ලෙස සැලකෙනවා.
7. වීනර් ශ්නිට්සෙල් - ඕස්ට්‍රියාව (Wiener Schnitzel)

ඉතාමත් සිහින්ව කපා ගත් හරක් මස් පෙති (ඇත්තෙන්ම හරක් පැටවුන්ගේ) පාන් පිටි,
බිත්තර හා බිස්කට් කුඩුවල තවරා බැද ගැනීමෙන් මෙම ආහාරය සකස් කරනවා.
8. පොට් ඇව් ෆෙන් - ප්‍රංශය (Pot au
Fen)

එළවළු, මස් හා කුළුබඩු එක්කර හැළියක රත් කරනා මෙම ආහාරය ශීත කාලයට ආහාරයට
ගන්නා රසවත්, සුවඳවත් හා විශේෂයෙන්ම උණුසුම් ආහාරයක් ලෙස ප්‍රසිද්ධියක්
උසුලනවා.
9. රෝස්ට් කරන ලද හරක් මස් සමඟ යෝක්ෂයර් පුඩින් -
එංගලන්තය (Roast beef and Yorkshire Pudding)

ඇත්තෙන්ම මෙය එංගලන්තයේ ජාතික ආහාරය වන අතර එක්සත් රාජධානියේ ජාතික ආහාරය
Chicken tikka masala හෙවත් කුකුළු මස් ව්‍යාංජනයක්. රෝස්ට් කරන ලද හරක් මස් පෙති
සමඟ එළවළු ස්වල්පයක් හා යෝක්ෂයර් පුඩින් සමඟ එකට ආහාරයට ගන්නවා.
10. අයිරිෂ් ඉස්ටුව - අයර්ලන්තය (Irish
Ista)

ඉතා සෙමින් පිසින ලද ඝනකම් හොද්දක් සහිත එළු මස් ඉස්ටුවක් අයර්ලන්ත ජාතිකයන්ගේ
ජාතික ආහාරයයි. ලූනු, අර්තාපල් හා පාර්ස්ලි එක්කර සාදන මෙයට වර්තමානය වන විට
කැරට් පවා එකතු කරනවා.
අපේ අසල්වැසි ඉන්දියාවෙ ජාතික ආහාරයක් ලෙස විශේෂ ආහාරයක් නම් කර නැහැ.
ජපානයේ ජාතික ආහාරය වන්නේ සුෂී.
කවිඳු වීරරත්න
|