X
Loading Image...
 
 

ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සිළුමිණ: රසඳුන - කවුළුව අතරින්

මම තාමත් පෙම්වතියක්

ඉෂාරා සඳමිණී ගැන කවුරුත් කතා කරන්නේ ‘උතුම් පැතුම්’ ටෙලි නාට්‍යයේ ඇය රඟදක්වන ‘උත්පලා’ චරිතය නිසයි. ඇය මේ වනවිට නිවේදිකාවක, නිළියක ලෙස ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සුරූපිනියක්.

ඉෂාරා මේ දවස්වල ඇගේ ජීවිතයේ සොඳුරු පැතුමක් ඉටුකර ගන්නට වෙහෙසෙන බව අපිට දැන ගන්නට ලැබුණා.

මේ පුවතේ ඇත්ත නැත්ත සොයා බලන්නත් එක්ක අපි ඇයට කතා කළා. ‘ මම හෙට අනිද්දාම විවාහ වෙන්නට සූදානම් වෙනවා කියලා පුවත්පතක පළ වෙලා තිබුණා.

ඒත් මෙතරම් ඉක්මනින්ම විවාහ වෙන්නට මගේ සූදානමක් නැහැ. එයට තව මාස කීපයක්ම ගත වේවි.

මම දැන් පෙම්වතියක්. මගේ පෙම්වතා ගැන තොරතුරු මගේ රසිකයන්ට ළඟදීම කියන්න තමයි හිතාගෙන ඉන්නේ.’

බිහිසුණු අත්දැකීමක්

පසුගිය දවස්වල කාවිංග පෙරේරා නේපාලයේ රූ ගැන්වෙන නවතම චිත්‍රපටයක් වෙනුවෙන් රංගන දායකත්වය ලබාදුන්නා. කාවිංග එහි ගත කළ කාලයේ ලැබූ අපූරු අත්දැකීමක් අපිටත් දැන ගන්නට ලැබුණා.

‘මේ චිත්‍රපටය උපාලි ගම්ලත්ගේ අධ්‍යක්ෂණයක්. මෙහි දර්ශන නේපාලයේ හිමාල කන්දේ තමයි රූගත කිරීම් සිදු කළේ. මම ජීවිතේ පළමු වතාවට අඩි දහස් ගණනකින් යුතු වූ හිමාල කන්ද තරණය කළා.

ඒ අත්දැකීම තරමක් බිහිසුණුයි. මොකද අඩි දහස් ගණනක් දුරට විහිදෙන හෙල් බොහොමයක් කන්ද පහළට බසිත්දී හමුවෙනවා.

ඒ වගේම හිම කුණාටු, හිම කඳු කඩා වැටීම්, ගල් පෙරලීම් නිතර ඇති වෙනවා. ඒ විදිහට අපි අපේ ගමන ආරම්භ කරනකොට අපේ ජීප් රියට විශාල ගලක් පෙරළුණා. අපි කාටවත් අනතුරක් නොවුණත් ජීප්එකට ඩැමේජ් වුණා.

මම මෙහි රඟදක්වන්නේ කැම්පස් සිසුවෙකුගේ චරිතයක්. කැම්පස් සිසුන් පිරිසක් රිසර්ච් එකක් වෙනුවෙන් හිමාලයට යනවා. ඒ වටා ගෙතෙන සුන්දර කතාවක් මෙය. අධික සීතල අතරේ රඟපාන්න සිදුවීමත් කාලයක් යනතුරුම මගේ මතකයේ රැදේවි.’

කපුටු ආදරේ

මේ දවස්වල අනුෂා දමයන්ති වැඩිපුරම නර්තන පුහුණුවිම්වල යෙදෙනවා. ඒ ඇයට විදේශයන්හි ප්‍රසංග කීපයක් පැවැත්වීමට ආරාධනා ලැබී ඇති නිසයි. ඒ අතරතුරදී නිවෙසට එන සුරතල් සතුන් නිසා මේ ජනප්‍රිය නිළිය අපූරු අත්දැකීම් ලබන බවත් ආරංචියි. කවදටත් අනුෂා නිවෙසට එන සතුනට කෑම බීම ලබා දෙමින් උන්ට ආදරය කරුණාව දක්වනවා.

මේ ආදරය නිසාම ඇගේ නිවෙසේ ලේනුන්ට කුරුල්ලන්ට වැඩි ඉඩකඩක් වෙන් වෙනවා. මේ දවස්වල හැමදාම උදේ පාන්දර අනූෂා බලන්නට අමුත්තෙක් අනූෂාගේ නිවෙසට එන බව අපිටත් ආරංචි වුණා.

මේ ගැන අනූෂාගෙන්ම අහල බලන්න අපි සිතුවා. ‘මම හැමදාම උදේට පුරුද්දක් විදිහට ගෙදරට එන සතුන්ට කෑම දානවා. දැන් හැමදාම උදේට කපුටෙක් මම කෑම දෙනකම්ම ජනේලෙ ළඟට වෙලා ඉන්නවා.

මමත් මේ කපුටු පැටියට කෑම ටිකක් දාලා තමයි මගේ අනෙක් වැඩ කටයුතු අරඹන්නේ. මොන දෙයක්ද මන්දා ඌ උදේ පාන්දරම අමුත්තෙක් වගේ අපේ ගෙදරට එනවා. ‘

එක්සසයිස් බබා

එදා පුංචි තිරය හැඩ කළ නව පරපුරේ නිළියන් කීපදෙනෙක්ම දැන් ආදරණීය මව්වරුන් බවට පත්වෙලා. ඒ අතර සුරතල් දියණියකගේ සෙනෙහසබර මවක් තමයි ජනප්‍රිය නිළි නිලන්ති ඩයස්.

මවක් වුණාට පස්සේ ඇගේ රඟපෑම් නෙත නොගැටුණු තරම්. නිලන්ති ගැන සොයා බලන්න ඇයට කතා කළ මොහොතේ නිලන්ති‍ගේ පුංචි දියණියගේ දඟකාර කම් ගැනත් අපිට දැනගන්නට ලැබුණා.

’ මගේ පුංචි දියණියට තවමත් අවුරුදු එක හමාරයි. තවමත් ඇයට මගේ උණුසුම අවශ්‍යයි. නිතරම මං ළඟ ඉන්නවද කියල ඇය හරිම විමසිලිමත්. එනිසාම කලා කටයුතුවලට දායක වුණේ සීමාසහිතව. දුවගේ හුරතල් දඟකාරකම්වලින් ගෙදරම පිරිලා.

දවසක් මගේ හස්බන්ඩ් ගේ විදේශීක මිතුරෙක් ලංකාවට ඇවිත් අපේ ගෙදර නවතින්න ආවා. එයා උදේට පුරුද්දක් විදිහට ව්‍යායාම් කටයුතුවල නිරත වෙනවා.

දුවත් දවසක් උදේම සාලේ මැදට වෙලා අත් ඔසවනවා. එක තැන දුවනවා. මම බැලුවා මෙයාට මොකද වෙලා තියෙන්නේ කියලා. හොඳට කල්පනා කරලා බලන කොට මෙයා අර අපේ ගෙස්ට්ව අනුකරණය කරමින් එක්සයිස් කරනවා. ගෙදර අපි හැමෝටම හිනා.’
 

කලා දිවියට පනස් වසරයි

එඩ්නා සුගතපාල කියන නම සිංහල සිනමාවට වගේම ටෙලිනාට්‍ය කලාවටත් ආගන්තුන නමක් නොවෙයි. ඇය ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය නිළියක්. ඒ වගේම ඇය බටහිර සංගීත වාදනය පිළිබඳ හසළ අත්දැකීම් ඇති ගුරුවරියකද වෙනවා.

මේ ගෙවීයන්නේ ඇගේ කලා දිවියේ ස්වර්ණමය මෙහොතයි. වසර 50 ක කාලයක් පුරාවට කලා ‍ක්ෂේත්‍රයේ කටයුතු කරන්නට ඇය වාසනාව ලැබුවා.

එනිසාම ඇගේ කලා ජීවිතයට 50 වසරක් සපිරෙන මේ මොහොතේ ‘වීණා ‘ නමින් ඇගේ කුලුදුල් පියානෝ වාදන සංයුක්ත තැටිය දොරට වැඩුමට නියමිතයි. මේ හැම දෙයක් ගැනම ඇගෙන් විමසා බැලීමට අපි කටයුතු කළා.

’ මගේ කලා දිවියට දැන් වසර 50 ක් වෙනවා. ඒ නිමිත්තෙන් තමයි ‘එඩ්නා සංගීත සැදෑව’ සහ ‘වීණා’ නමින් මගේ පියානෝ වාදන සංයුක්ත තැටිය එළිදක්වන්නේ. ඊට සමගාමීව මගේ කලා තොරතුරු ඇතුළත් නව වෙබ් අඩවියත් මෙහිදී විවෘත වෙනවා.

මේ අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ වගේම විවිධ ක්ෂේත්‍රයන් හි ප්‍රවීණයන් සහභාගි වෙනවා.’


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්