ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ලස්සන මල් පිපිලා අහන්න, බලන්න හැමෝම එන්න

ලස්සන මල් පිපිලා අහන්න, බලන්න හැමෝම එන්න

නන්දා මාලිනියගෙන් විවෘත ආරාධනාවක්
“ලස්සන මල් පිපිලා“ ළමා ගීත ඇල්බමය 20 වැනිදා එළිදකී

ලස්සන මල් පිපිලා - මුළු මිදුලම පිරිලා

බඹරෝ හොරෙන් මොකෝ බමන්නේ

ගුමු ගුමු නද දීලා - මල් පැණි බීලා

බඹරෝ ටිකක් නටාපන්

ඔය ගී මටත් කියාපන්...!
 

(පද රචකයා නොදනී.)

ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද නන්දා මාලිනිය ළමා ලෝකයට අවතීර්ණ වී සිය මධුර හඬින් ගයන්නී ය. අපි අසා සිටිමු. අඩ සියවසකට පමණපෙර අතීතයේ දී අප ශ්‍රවණය කළ ඒ අපූර්ව ළමා ගීතය මේ රටේ දරු පරපුර වෙනුවෙන් යළි ජීවය ලබා ඇත. එම ගීතය ඇතුළු ළමා ගීත 10 ක් නැවුම් සංගීත සංයෝජනයෙන් යුතුව නැවත ගායනා කර “ලස්සන මල් පිපිලා“ නමින් සංයුක්ත තැටියකින් එළිදැක්වීමට නන්දා මාලිනිය මේ දිනවල සූදානම්වෙමින් සිටින්නී ය. වර්තමානයේ දී අපේ ළමා පරපුර වෙනුවෙන් ඉටුවිය යුතු ඉතා අඟනා මෙහෙවරයකට පුරෝගාමි වෙමින් නන්දා මාලිනිය විසින්දරුවන්ට අහන්න, ගයන්න සුදුසු ළමා ගී එකතුවක් මෙසේ ජනගත කිරීම පිළිබඳව අප කාගේත් පැසසුම ඇයට හිමි විය යුතු ය. නන්දා මාලිනියගේමෙම “ලස්සන මල් පිපිලා“ ළමා ගීත ඇල්බමය මාර්තු 20 වැනිදා සවස 5.00 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ “බී“ කමිටු පරිශ්‍රයේදීඑලිදැක්වෙන අතර “රසඳුන“ ඇය සමඟ කළ මේ කතාබහ අකුරු කරන්නේ ඒ නිමිත්තෙනි.

“මගේ 36 වැනි සංගත තැටිය තමයි මේ එළිදක්වන්න සූදානම් වෙන්නේ. අවුරුදු හයකට පස්සේ මගේ ගීත එකතුවක් ඉදිරිපත් කරන මේඅවස්ථාවේදී ළමා ගීත එකතුවක් කරන්න ලැබීම ගැන මං සතුටු වෙනවා. 50, 60 දශක වලදී පමණ මට වයස අවුරුදු 15 ට අඩු කාලයේ දී ළමා ගායන ශිල්පිනියක් විදිහට මං ගායනා කරපු ගීත මාලාවකුයි මේ ‘ලස්සන මල් පිපිලා‘ සංගත තැටියට ඇතුළත් වෙන්නේ. මේ ගීත මාලාව සංගීතවත් කළේආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා විසිනුයි.

මා ගයන ගීත වල පදමාලා සමඟ ස්වර සටහන් සහ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ චිත්‍ර සහිත පොතක් ගීත තැටියසමඟ නොමිලේ දෙනවා. ‘ලස්සන මල් පිපිලා‘ සංගත තැටිය එළිදක්වන මාර්තු 20 වැනි සිකුරාදා සවස 5.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තරසම්මන්ත්‍රණ ශාලවේ “බී“ කමිටු ශාලාවට එන්න කියලා මං ළමා ගීත කලාවට ඇලුුම් කරන සියලුම දෙනාට විවෘත ආරාධනයක් කරනවා. දරුවන්ට,වැඩිහිටියන්ට, මව්පියන්ට, ගුරුවර ගුරුවරියන්ට, ‘ළමා පිටිය‘ වැඩ සටහනේ උන්නු මගේ සමකාලිනයින්ට සහ ළමා ගීත රසික රසිකාවියන් සියලුදෙනාටම මේ උත්සව සභාව විවෘතයි.“

“මම ගීත 5 ක් ගායනා කරනවා මෙහිදී. ‘ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 50,60 දශකයේ ළමා ගී ඉතිහාසය‘ පිළිබඳ සමන් අතාවුදහෙට්ටිප්‍රධාන දේශනයක් පවත්වන අතර සිබිල් වෙත්තසිංහ මහත්මිය කෙටි දේශනයක් පවත්වනවා. ‘ළමා ගීත සමඟ චිත්‍ර කලාව සම්බන්ධ වූ අකාරය‘ පිළිබඳව.සභාව මෙහෙයවන්නේ නිරංජලා සරෝජිනි. එයාත් මගේ ‘ළමා පිටිය‘ වැඩ සටහනින් ආව දරුවෙක්. මේ ‘ලස්සන මල් පිපිලා‘ ගීත තැටියත් පොතත්අපේ ළමා පරපුර වෙනුවෙන් දායාද කරන්න අර්ථපතීත්වය දැරුවේ ඇම්. ඩී. ගුණසේන සහ සමාගමයි. දූ පුතුන්ට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට මේ අවස්ථාවඅහන්න, දකින්න සලසන්න ඕනේ. අප විසින් කුඩා කාලයේ ගායනා කළේ මෙන්න මේ වගේ වටිනා සින්දුයි කියන අදහස තේරුම් ගන්නත්, අපේ දරුවන්ට

ආදර්ශයක් දෙන්නත් මෙය හොඳම අවස්ථාවක්.“

ගම්මානේ ගං ඉවුරේ කිරළ ඉදෙන්නේ

රෑන ගිරා රෑන ඇවිත් අවට පිරෙන්නේ

වෙසක් මහේ ඇටඹ ගහේ අඹ ඵලදාවයි

ගසක් ගාණෙ ලේන පැටව් හරි සිරියාවයි...!
 

(පද රචකයා නොදනී.)

* “ලස්සන මල් පිපිලා“ ගීත ඇල්බමයේ ඇතැම් ගී පද රචකයින්ගේ නම් සඳහන් නොවන්නේ ඇයි...?

“ඒ ගැන කියන්නම ඕනේ. මේ ගීත තැටියේ ඇතුලත් වෙන ගීත 50,60 දශක වලදී මා ගුවන් විදුලියේ ‘ළමා පිටිය‘ වැඩ සටහන් ආදියට ගැයූ ගීතනේ. ඉතින් කාලයක් තිස්සේ මං හිතාගෙන උන්නු ව්‍යාපෘතියක් මේ. ඒ නිසා මුලින්ම 2001 අවුරුද්දේ මං ගුවන් විදුලියේ තැටි ගබඩාවට ගිහිල්ලාමේ ගීතවල කරුණු හෙව්වා. නිර්මාණකරුවන්ගේ නම්, තැටි අංක පවා ලියාගෙන ආවා. අපිට තියෙන හොඳම ළමා ගීත මාලාව මං හිතන්නේ කරුඅයියාගේ (කරුණාරත්න අබේසේකරගේ) කාලයේ එළිදක්වපු මෙම ගුවන් විදුලි ළමා ගීත මාලාවයි. ඒත් කියන්න කණගාටුයි, ගුවන් විදුලි තැටිගබඩාවේත් ළමා ගීත සඳහා හරි ඉඩක් තිබුණේ නැහැ. හුඟාක් ගී තැටි කැඩිලා, ඉරි වැදිලා. සමහර ගීත තැටිවල ගී ඇහෙන්නෙම නැහැ. තවත්සමහර ගී තැටිවල කිසිම නිර්මාණකරුවෙකුගේ නමක් නැහැ. එවැනි ගීත කිහිපයක පද රචකයින් කවුරුන්ද කියා නොදන්නා නිසා අපි සඳහන්

කළේ නැහැ. මං ඉල්ලනවා, එම නිර්මාණකරුවන් සොයා දෙන්න. මං විශේෂයෙන් ඉල්ලීමක් කරනවා, මේ ගීත අහලා මේවා නිර්මාණය කළනිර්මාණකරුවන් අද ජීවතුන් අතර නැත්නම් ඔවුන්ගේ දරුවෝ හෝ අපට දන්වන්න කියලා. එවිට ඉදිරියේ දී අපිට ඔවුන්ගේ නම් සඳහන් කරන්න පුළුවන්.“

* අඬ සියවසකටත් වඩා පැරණි මෙම ගීත මෙලෙස නැවත නිර්මාණය කිරීම ඔබට අභියෝගයක් වූවේ නැද්ද...?

“මෙහෙමයි. මං 2001 දී ගුවන් විදුලියේ තැටි ගබඩාවට ගිය වෙලාවේ පුංචි රෙකෝඩරයක් අරන් ගිහිල්ලා අර තැටිවල තිබුණු මගේ ගීතයි,මං සමූහ ගායනා කළ ගීතයි අරගෙන ආවා. ඒත් ඉතින් ඒවා අහන්න පුළුවන් තත්වයේ නම් තිබුණේ නැහැ. කුරු කුරු ගෑවෙනවා, මග නවතිනවා, කටස්

කටස් ගානවා. 2013 අවුරුද්දේ ඇම්. ඩී. ගුණසේන සමාගමේ රජීව් ගුණසේන මහත්මයා ළමයින් වෙනුවෙන් යමක් කරන්න කියලා ආරාධනා කළාම මම රෝහණ වීරසිංහ මහත්මයාට අර මං ගෙනත් තිබුණු ගීත පටිගත කරගෙන ආව රෙකෝඩරය දුන්නා. එදා මුලින්ම අහපු වෙලාවේ ඔහු ඔළුවට අතගහ ගත්තා - ‘කොහොමද මේක කරන්නේ‘ කියලා. පසුව ඔහු තමයි මේ ගීත වලට ප්‍රාණයක් දුන්නේ. මාත්තෙක්ක දවස් තුන හතරක් සින්දු ටික අහලාතමයි හරියට තෝරා බේරා ගත්තේ. මෙච්චර වයස ගිහිල්ලත් කියාගෙන, කියා ගෙන යනකොට මතකයට ආවා හරියටම ගීතවල වචන එහෙම. මම ම ගායනා කරපු ගීතනේ. මෙහිදී රෝහණ මේ පින්කමට අත ගහලා ලොකු වෙහෙසක් දරුවා. එමෙන්ම ගුණසේන සමාගම ලොකු වියදමක් දැරුවා. එමනිසා

මේ ‘ලස්සන මල් පිපිලා‘ ළමා ගීත සංගත තැටිය සහ පොත පින්කමක් කියලයි මට දැනෙන්නේ. විශේෂයෙන්ම ව්‍යාජ සංගත තැටි වෙළෙඳුන්ගේ මාෆියාවක් පවතින නපුරු වකවානුවක මේ අභියෝගයට මුහුණ දී ජයගන්න ලැබීම සතුටක්. මොකද මේ සංගත තැටි ව්‍යාපාරයට කිසිවෙකු ඉදිරිපත් නොවනවකවානුවකදී ‘ලස්සන මල් පිපිලා‘ ළමා ගීත මාලාව එළිදැක්වීම ඒ අභියෝග ජය ගැනීමක්නේ. එමනිසා මේ පින්කමට අර්ථපතිත්වයෙන් දායක වූ ගුණසේන සමාගමට මං බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.“
 

බුදු සාදු බුදු සාදු - සඳුන් ගසක් වෙන්නම්

* ළමා ගායන ශිල්පිනියක් ලෙස ඔබ ගායනා දිවිය ආරම්භ කළ අයුරු තොරතුරු බිඳක් පවසමු ද..?

“මගේ මුල්ම ළමා ගීතය ‘බුදු සාදු‘ ගුවන් විදුලියේ ‘සරස්වති මණ්ඩපයට‘ ගයද්දී මට අවුරුදු 10 යි. අදටත් ජනප්‍රියයි මගේ ‘බුදු සාදු‘ ගීතය.මම ළමා ගායන ශිල්පිනියක් විදිහට ගායනයට එක් වුණේ කරු අයියාගේ ‘ළමා පිටිය‘ ගුවන් විදුලි වැඩ සටහනින්.මම හැමදාම කියන කරුණක් තමයි ‘නන්දා මාලිනිය‘ ගුවන් විදුලි නිෂ්පාදනයක් කියන කාරණය. මං ගුවන් විදුලියෙන් ආවේ. ඒ නිසා වැඩිහිටි වුණුපසු අවුරුදු තුනක් විතර මමත් ‘ළමා මණ්ඩපය‘ වැඩ සටහන් මෙහෙයෙව්වා. මං ළමා ලෝකයට ආදරෙයි. ළමා මණ්ඩපයට අපි ගම් මට්ටමෙන්ළමයි 40 ක් පරීක්ෂණ පවත්වා තෝරා ගත්තා. ඔවුන් අතරින් මේ ක්ෂේත්‍රයේ ඉදිරියට ආ ළමයි තමයි නිරංජලා සරෝජිනි, ගීතා කාන්ති ජයකොඩි, දමයන්ති ජයසූරිය, රෝහණ සිරිවර්ධන, නිර්මලා රණතුංග, මංජුලා නානායක්කාර වැනි දක්ෂයින්. ඔවුන් ගැයු ලස්සන සින්දු තියෙනවා. ඒ විතරක් නෙමේ,මං වැඩිහිටියෙක් වු පසු මගේ ‘සරල ගී‘ වැඩ සටහන් වලදී ළමයින් වෙනුවෙන් ගීත ගයන්න හුඟාක් දුරට උත්සාහ ගත්තා. එහෙම ගායනා කළ ගීතයක්තමයි ‘මල් කියන්නෙ කාට කාට‘ ගීතය. අවුරුදු 40 ක් පමණ පැරණි මේ ගීතය මං ගායනා කළේ පී. බී. අල්විස් පෙරේරාගේ පොතකින් අරගෙන. මං ගායනා කළ ‘අයන්න කියන්න ලොවටම ඇහෙන්න‘ ගීතයට මේ රටේ දරුවෝ මොනතරම් නම් ආසා කරනවද. ළමා ලෝකයේ පරම්පරා කිහිපයකම ආදරය මට හිමි වෙලා තියෙනවා. ළමයින්ගේ ලෝකයේ මම ඉන්නවා. ඒ ගැන මට හරිම සන්තෝසයි.“

* ඔබ මීට ඉහතදීත් දරුවන් වෙනුවෙන් සංගත තැටි මගින් නිර්මාණ ඉදිරිපත් කළා.

“ඔව්. ළමා ගීත කිව්වාම කිසියම් අවතක්සේරුවක් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇති වෙලා තියෙනවා. ඒක හරිම ඛේදවාචකයක්. ඒත් ආනන්ද ගනේගොඩ මහත්මයා (සිංග්ලංකා) වැනි ව්‍යාපාරිකයින් මේ නිර්මාණ කළේ මුදල් බලා ගෙන නෙමේ, සංගීත ක්ෂේත්‍රයට මෙහෙවරක් වෙන විදිහටයි.

ළමා ගීත ක්ෂේත්‍රයට ව්‍යාපාරික වශයෙන් ඉඩක් තිබුණේ නැහැ. ඒත් ‘සිංග්ලංකා‘ නිර්මල මුද්‍රාවෙන් ආනන්ද ගනේගොඩ මහත්මයා ‘හඳහාමි‘ නමින් සංගත තැටියක් 1986 අවුරුද්දේදි කළා. මම ඒ කාලේ පත්තර වලට කිව්වේ ‘හඳහාමි කළේ වැඩිහිටියන්ටයි‘ කියලයි. මොකද අම්මලාවත් දන්නේ නැහැනේ ටිබෙට් ජාතික මහින්ද හිමි, කුමාරතුංග මුනිදාස, විමලරත්න කුමාරගම වැනි අයගේ කවි. අපි ඔවුන්ගේ කවි අරගෙන තමයි ‘හඳහාමි‘ කෙරුවේ. ‘හඳහාමි‘ සමගත් පොතක් දුන්නා. ඉන්පසු 1990 දී ‘සින්දු හෝඩිය‘ සංගත තැටිය කළා. එහි ගී පද රචනා සියල්ලම රචනය කළේ මහාචාර්ය සුනිල්ආරියරත්නයන් විසිනුයි. එතුමා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් වුනාට හෝඩියට බැහැලා ‘අ‘ යන්නේ ඉඳලා ‘අං‘ වෙනකම් ලිව්වා. තව ‘පුංචි සින්දු‘කියලා සංගත තැටියක් 2002 දී කළා. ඒක කළේ 6, 7, 8 වසර වල සිසු දරුවන්ට.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්