ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ස්නෝඩන්ගේ ජීවිතයට ඔස්කාර් සම්මාන

ස්නෝඩන්ගේ ජීවිතයට ඔස්කාර් සම්මාන

මෙවර ඔස්කාර් සිනමා සම්මාන උලෙළේ හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ එඩ්වඩ් ස්නෝඩන්ගේ අලුත් ජීවිතය අළලා නිර්මාණය වූ “සිටිසන් ෆෝ” (Citizen Four) චිත්‍රපටයයි. එය ඇකඩමි සම්මාන ලාභී අධ්‍යක්ෂිකා ලෝරා පොයිට්‍රාස්ගේ නිර්මාණයකි.

තම ජීවිතය ඇසුරින් නිර්මාණය වූ “සිටිසන් ෆෝ” ලද සම්මානයේ සතුට පිළිගැනීමට ස්නෝඩන් එහි නොසිටියත් ඔහුගේ පෙම්වතිය ලින්ඩ්සේ මිල්ස් වේදිකාව මත සිටියාය. පොයිට්‍රාස් දැරූ ප්‍රයත්නය සාර්ථක වීම පිළිබඳ ස්නෝඩන් සුබ පතා තිබුණේ ඇයට කෘතවේදී වෙමිනි. ඒ සමඟම ඔහු විශ්වාසය පළ කළේ, මේ චිත්‍රපටයෙන් සාමාන්‍ය පුරවැසියන්ට ද ලෝකය වෙනස් කළ හැකි ය යන පණිවුඩය යනු ඇති බවටයි.

ඔස්කාර් සම්මානය දෝතට ගනිමින් පොයිට්‍රාස් පැවසු වචන කිහිපයේදී ස්නෝඩන්ගේ ධෛර්යසම්පන්න බව වෙනුවෙන් ඔහුට ස්තූතිවන්ත වන බව සඳහන් කර තිබිණි. ඇය එහිදී අවධාරණය කළේ මේ චිත්‍රපටය මඟින් ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව අපේම ජීවිතවලට ඇති තර්ජනය හෙළිදරව් කරන බවයි.

ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) බුද්ධි නිලධාරියකු වූ එඩ්වඩ් ස්නෝඩන් පුද්ගල නිදහසට බරපතළ තර්ජනයක් එල්ල කරමින් සිදුවූ අමෙරිකානු රහස්‍ය බුද්ධි මෙහෙයුම් පිළිබඳ ඉතිහාසයේ දැවැන්තම හා ආන්දෝලනාත්මකව හෙළිදරව්වක් කළේ සිය ජිවිත අවදානම ද නොතකමිනි.

මේ හෙළිදරව්ව ඇමෙරිකානු බලධාරීන්ගේ දැඩි උදහසට හේතු වූ අතර සැඟවුණු ස්නෝඩන් මේ වන විට රුසියාවේ දේශපාලන රැකවරණ ලබමින් පසුවෙයි. මෙවැනි නිර්මාණයක් සඳහා මුලදී ස්නෝඩන් කැමැත්ත පළ කළේ නැතත් පසුව ඔහුගේ කැමැත්ත ලබා ගැනීමට පොයිට්‍රාස්ට හැකි විය.

ස්නෝඩන්ගේ හෙළිදරව් කිරීම් ලෝකයට රැගෙන ගිය ‘ගාඩියන්’ මාධ්‍යවේදී ග්ලෙන් ග්‍රීස්වර්ල්ඩ් ද මේ සතුටුදායක මොහොතේ ඔස්කාර් සම්මාන වේදිකාවේ විය. චිත්‍රපටය සඳහා ද ඔහුගේ දායකත්වය ලැබී තිබේ.

චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව ස්නෝඩන්ගේ ධෛර්යය අගය කරමින් මේ සම්මානය සත්‍ය අනාවරණ කිරීමට දායක වූ සෙසු මාධ්‍යවේදීන් ද සමඟ බෙදා ගන්නා බව පැවසුවාය. ස්නෝඩන්ගේ හෙළිදරව් කිරීම් වෙනුවෙන් ඇයට ද භූමිකාවක් තිබිණි.

සම්මානය ලැබු මොහොතේ තමන්ට පැවරුණු රහසිගත හා වැදගත් කාර්යභාරයේ ගැඹුර ගැන ද ඇය සිහිපත් කර තිබිණි. ප්‍රොයිට්‍රාස් සම්මානය ලබා වේදිකාවෙන් බැස යද්දී සම්මාන උලෙළේ නිවේදන කටයුතු කළ නීල් පැට්‍රික් හැරිස් විහිළුවට මෙන් පැවසුවේ “එඩ්වඩ්ට මෙහි එන්න විදිහක් නෑ, ඔහු රාජද්‍රෝහියෙක් නිසා...” යනුවෙනි.

අමෙරිකාව ප්‍රතිඥා දී ඇත්තේ ඔහු අත්අඩංගුවට පත්වූ දිනක ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග යන්නා බවයි. එතෙක් ඔහු රාජද්‍රෝහියකු ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

‘සිටිසන් ෆෝ’ ලැබු සම්මානය, ප්‍රොයිට්‍රාස්ගේ පළමු ඔස්කාර් සම්මානයයි. මීට පෙර ඇයගේ ‘මයි කන්ට්‍රි, මයි කන්ට්‍රි, චිත්‍රපටය ද සම්මාන සඳහා නිර්දේශ විය.

පොයිට්‍රාස්, ‘සිටිසන් ෆෝ’ නිර්මාණය කළේ දැඩි ලෙස රහසිගතවය. එහි සංස්කරණ කටයුතු කෙරුණේ ජර්මනියේය.

හිටපු ජාතික ආරක්ෂක අංශ නිලධාරියා මේ වන විට අනුන් සැක කරන තරම මේ චිත්‍රපටයෙන් මනාව පිළිබිඹු වෙයි.

ඔහුට එසේ කිරීමට සිදුවී තිබේ. ඔහු රැඳී සිටින ස්ථානයේ සේවා අංශයෙන් දුරකතන ඇමතුමක් ලැබුණ ද ඔහු සිය දුරකථනය විසන්ධි කරයි. පරිගණක මුර පද මාරු කරයි. චිත්‍රපටයේ එක් දර්ශනයක ස්නෝඩන්, මේ වන විට ඔහු ජීවත්වන මොස්කව් නුවර මහල් නිවාසයේ ආහාර පිසිමින් සිටින අයුරු ද දැක්වේ.

ඉකුත් වසරේදී කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ස්නෝඩන් අමෙරිකාව ගැන සිහිපත් කළේ කිසි දිනෙක ආපසු යාමට සිදු නොවනු ඇති තැනක් ලෙසයි. “ප්‍රශ්නය තමයි මගේ පවුලේ අය ජීවත්වෙන්නෙ එහෙ. ඒ මගේ ගෙදර මගේ මිතුරන් සිටින්නේ එහෙ. මං සතුටින් වැඩ කළේ එහෙ. මේ දේවල් වගේම මගේ පරණ කාර් එකත් මට මතක් වෙනවා...” ඔහු සඳහන් කර තිබිණි.

ස්නෝඩන්ගේ පෙම්වතිය ලින්ඩ්සේ විල්ස් නාටිකාංගනාවකි. කොපමණ දුෂ්කර කාලයක් පසුකරමින් සිටිය ද ඇය ඔහු අත්නොහැර සිටීම ස්නෝඩන්ට ධෛර්යයක් වනු නොඅනුමානය. වරෙක ඇය ඔහු හඳුන්වා දී තිබුණේ “මගේ අද්භූත මනුස්සයා...” යනුවෙනි. ඒ ද්වේෂයකින් හෝ නොමනාපයකින් නොවේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්