ඉන්දියාවට වීසා නිදහසක්
ඉන්දියාවට වීසා නිදහසක්
ටිරෝනි වෑවලගේ
සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය ගුවන් තොටුපොළවලදීම සංචාරක වීසා ලබා දීමට
ඉදිරියේදී කටයුතු සිදු කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය.
මේ පහසුව එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු දින සිට ක්‍රියාත්මක වන පරිදි
ලබාදෙන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ඉන්දීය අගමැතිවරයා මේ බව අනාවරණය කළේ දෙරට අතර විශේෂ ගිවිසුම් හතරක්
පසුගිය සිකුරාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අස්සන් කළ අවස්ථාවේදී ය.
මේ ගිවිසුම අස්සන් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ නිල හා රාජ්‍යතාන්ත්‍රික ගමන්
බලපත්‍ර දරන සියල්ලන්ට වීසා ලබා ගැනීමකින් තොරව ඉන්දියාවේ සංචාරය කිරීමට ඉඩ
පහසුකම් සැලැසිණි.
මෙවැනි ගිවිසුමකට එළැඹීම මගින් පෙනී යන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරේ දැඩි
විශ්වාසයක් තබා ඇති බව යැයි දේශපාලන විචාරකයන් මත පළ කර තිබේ.
එහිදී අත්සන් කරන්නට යෙදුණු සෙසු ගිවිසුම් මඟින් රේගු කටයුතුවලදී දෙරට අතර
සුහදතාව වර්ධනය කර ගැනීම, දෙරටේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අංශවල සුහදතා
වර්ධනය, රුහුණු විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ
ශ්‍රවණාගාරය ඉඳිකිරීම ආදී අරමුණු කිහිපයක් පිළිබඳව එකඟතාවනට එළැඹ
තිබේ.
|