ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ඒ හීනෙට මං පොඩි විවේකයක් දුන්නා

ඒ හීනෙට මං පොඩි විවේකයක් දුන්නා

රයිනි ගුණතිලක

රයිනි ගුණතිලක කියු සැණින් දැන් ඇය නොහඳුනන කෙනෙක් නැති තරම්. කාලෙකට පායලා තවත් කාලෙකදී අතුරුදන් වෙන මේ තරුව ඔන්න දැන් මේ දවස් වල ආයිත් පායලා. ඉතින් ආයිත් අතුරුදන් වෙන්න කලින් තරුවක් සමග වරුවක් ගත කරන්න අපි ඇය එකතු කර ගත්තා.

රයිනි හදිසියේම ලංකාවට ඇවිත් කියලා ආරංචියක් ලැබුණු නිසයි මේ බැලුවේ?

ඔව්. දැන් ඇවිත් සති දෙකක් විතර වෙනවා.

හදිසියේම එන්න විශේෂ හේතුවක් තියෙන්න ඇති?

මම මගේ පෙම්වතා සමඟ අලුත් බිස්නස් එකක් පටන් ගත්තා පාර්ටි පීපල් එන්ටර්ටේන්මන්ට් කියලා. ඒ වැඩ වගේකට තමයි ආවේ.

බිස්නස් එකකුත් පටන් ගත්ත එකේ මේ පාර නම් ලංකාවේම පදිංචි වෙයි වගේ?

හ්ම්..මම තව මාස දෙකක් මෙහෙ ඉන්නවා. ඊට පස්සේ මේ වසරේ අග ලංකාවට ආවාහම දිගටම මෙහේ සෙට්ල් වෙයි.

හදිසියේම එවැනි තීරණයක් ගත්තේ?

හදිසියේම නෙමෙයි. මමයි මගේ පෙම්වතායි සාමාන්‍යයෙන් හැම දේ ගැනම ඉදිරිය ගැන හිතලා සැලසුම් කරන දෙන්නෙක්.ඉතින් ඉදිරියේදී මෙහේ ඉඳලා කරන්න තව සැලසුම් වගයකුත් තියෙනවා. ඒ දේවල් ගැන හිතලයි මෙහේ පදිංචි වෙන්න තීරණය කළේ.

රයිනි පෙම්වතියක් කියලා හැමෝම දැන් දන්නවානේ ඉතින් මොකටද තවත් ඔහු කවුද කියලා හංගන්නේ?

ඔහු අකිල. සංගීතඥයෙක්. ඇමරිකාවේදීමයි අපි මුණ ගැහුණේ. අකිල ජනප්‍රියත්වයට එතරම් කැමැත්තක් නැති කෙනෙක්. ඉතින් මුලදී ඔහුගේ කීමට තමයි මම ඔහු කවුද කියලා ප්‍රසිද්ධ නොකළේ.

දැන් ඔහු ගැන කියන්න අවසර ලැබුණද?

ඔව්. දැන් මාස දෙකකට කලින් අපි දෙන්නා එන්ගේජ් වුණා. ඉතින් ලබන වසරේ වෙඩින් එක ගන්නයි හිතන් ඉන්නේ.

විවාහ වෙන්න කල් වැඩි නැද්ද?

නැහැ. කාලයක් ඉදන් හිතපු දෙයක් . මම හිතන්නේ දැනටමත් කල් ගියා වැඩියි ද මන්දා. .. මම කොහොමත් අවුරුදු විසිපහන් අනිවාර්යෙන්ම විවාහ වෙනවා කියන තීරණය මතයි හිටියේ.

ඉතින් ලබන වසරේ මට 25 ලබනවා. මගේ අම්මයි තාත්තයි කොහේ ගියත් මොනවා කළත් ඒ හැම දේම කළේ එකට ඒ එකමුතුව මම පොඩි කාලේ ඉඳන්ම අත් දැකලා තියෙනවා. ඉතින් මම හීන දැක්කෙත් ඒ දෙන්නා වගේ කවදහරි ඒ විදිහේ පවුල් ජීවිතේ ගත කරන්න. මම කැමැතියි නිතරම අකිල ළඟ ඉන්නවා නම්.

ඔහුත් සංගීතයට සම්බන්ධ නිසාම ඉදිරියේදි අකිල - රයිනි සංගීත මුසුවක් බිහි වේවිද?

ඔහු සිං කරන්න, මියුසික් කරන්න බොහොම කැමැති වුණත් මම කලින් කිව්වා වගේ ප්‍රසිද්ධියට නම් එතරම් කැමැත්තක් නැහැ.

ඒ නිසයි සංගීතය පැත්තෙන් වුණත් තවම එවැනි නිර්මාණයක් නොකළේ. ඉතින් ඉදිරියේදි අපේ බෑන්ඩ් එකකුත් පටන් ගන්න සැලසුමක් තියෙන නිසා සමහර විට එවැනි නිර්මාණයක් බිහි වෙන්නත් පුළුවන්.

රයිනි සිංහාවලෝකනයෙන් පසු රංගනයට සමු දුන්නාද?

නැහැ. ගායනය වගේම රංගනයටත් මම ගොඩක් කැමැතියි. දෙකෙන් එකක් තෝර ගන්න කිවවොත් බොහෝම අමාරුවක වැටෙයි.

නමුත් රංගන කටයුතු වල නිරත වෙන්න තියෙන ලොකුම බාධාව මම ලංකාවේ නොසිටීමයි. ටෙලි නාට්‍යයක නම් ෂූටිං වලට අඩුම තරමේ මාස හතර පහක් ඉන්න ඕනේ ඉතින් පහු ගිය කාලේ මට ඒ වෙනුවෙන් වැය කරන්න කාලයක් ලැබුණේ නැහැ. මම සාමාන්‍යයෙන් කෝල් කර කර වැඩ ඉල්ලන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම ලංකාවට අවාහම ගොඩ දෙනෙක් දන්නෙත් නැහැ.

ජාත්‍යන්තරයට යෑමේ පහසු මගක් තිබියදී ඔබ මෙරටට සීමා වෙන්නේ ඇයි?

එහෙම නැහැ. ගායන ශිල්පිනියක් ලෙස ජාත්‍යන්තරයට යෑමේ අරමුණ අනිවාර්යෙන්ම තියෙනවා. ඒ හැම දේම සැලසුමක් යටතේ කළ යුතු දේවල්.

රයිනි ගේ ගුවන් නියමුවරියක වීමේ සිහිනය අතරමග නැවතුණාද?

නැහැ. මගෙන් සමහර අය අහනවා ඔය ගැන.ඒ හීනේ නැවතිලා නැහැ. මම ඒකට වසර එකහමාරක පොඩි විවේකයක් දුන්නා විතරයි. ඒ අධ්‍යාපන කටයුතු වලට ලොකු මුදලක් වියදම් වෙනවා.

මෙතෙක් කල් ඒ හැම වියදමක්ම දරන්නේ මගේ දෙමව්පියන්. ඉතින් මම හිතුවා දැන් ඒ බරෙන් ඔවුන්ව නිදහස් කරලා මගේම කියලා මුදලක් එකතු කරගෙන අධ්‍යාපන කටයුතු සඳහා යොදවන්න.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්