Bollywood News
හැරිසන් ෆෝඩ් ගුවන් අනතුරක
ප්‍රවීණ නළු හැරිසන් ෆෝඩ්ට පසුගිය සතියේ අතිශය අමිහිරි අත්දැකීමකට මුහුණ
දෙන්න සිදුවුණා. ඔහු විසින්ම පදවාගෙන යනු ලැබු කුඩා ගුවන් යානය හදිසියේම කඩා
වැටුණු බවයි හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ. මේ අනතුරෙන් ඔහුගේ හිස තුවාල වී
තිබුණා.
හිසට තදබල ලෙස තුවාල සිදුවූ නිසා එයින් රුධිරය ගලමින් තිබුණු බවත් ඒ
මොහොතේදී ඔහු සිහිසුන්ව සිටි බවක් පැවසෙනවා.
හැත්තෑ දෙහැවිරිදි හැරිසන් ෆෝඩ්
පදවාගෙන ගියේ ඔහුටම අයිති ආසන දෙකක් සහිත ගුවන් යානයයි. මේ ගුවන් යානය කඩා
වැටුණේ ලොස් ඇන්ජලීස් නුවරට සමීප ගොල්ෆ් ක්‍රීඩා පිටියකටයි.
තනි එන්ජිමක් සහිත ගුවන් යානයක් ගොල්ෆ් ක්‍රීඩා පිටියට කඩා වැටී තිබූ බවත් එහි
නියමුවාට බරපතළ තුවාල සිදුවී තිබු බවත් හැරිසන් ෆෝඩ්ව හඳුනා නොගත් ලොස්
ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයකු පැවසුවා.
“අපි එතනට යනකොට ඒ
තැනැත්තා බරපතළ තුවාල ලබා සිටියා. අපි ඉක්මනට ඔහුව ප්‍රාදේශීය වෛද්‍ය
මධ්‍යස්ථානයකට ඇතුළත් කළා.” සේවකයා තව දුරටත් පැවසුවා.
හැරිසන් ෆෝඩ්ව ඇතුළත් කර තිබුණේ රොනල්ඩ් රේගන් වෛද්‍ය මධ්‍යස්ථානයටයි. තම
පියා සුවය ලබමින් සිටින බවයි පසුගිය සතියේ තම ට්විටර් පිටුවෙහි සටහනක් තැබූ
හැරිසන්ගේ පුතු බෙන් ප්‍රකාශ කළේ.
වැටි වැටී නටමු
 ලෝක ප්‍රකට ‘බ්‍රිට්’ සම්මාන උලෙළේදී සුපිරි ගායිකා මැඩෝනා විසින් වේදිකාවේදී
ඉදිරිපත් කරන ලද ‘ලිවින් ලව්’ නම්වූ නර්තන විශේෂාංගයට පසුගිය සතියේ පුළුල්
ප්‍රසිද්ධියක් ලැබුණා.
එයට වඩාත්ම හේතු වුණේ මැඩෝනා වැනි වියපත් රංගන
ශිල්පිනියක් සහ ගායිකාවක් ඉදිරිපත් කළ එම රංගනයට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය
වූ නිසයි.
යොවුන් ශිල්පිනියකට නොදෙවැනි ලෙස ඇය නිරූපණය කළ රංගනයට බොහෝ දෙනා
ප්‍රශංසා කළා.
ඒත් ඇයගේ එම රංගනය අතරතුර දී පුංචි ඇබැද්දියකුත් සිදුවෙලා. වේග රිද්මයේ
ගීතයට අනුව නටමින් සිටි ඇය එක්වරම වේදිකාව මත ඇද වැටිලා.
එහෙම වැටුණත් ඇය ඇගේ
රංගනය නතර කළේනම් නැහැ. රසික රසිකාවන් පිනවමින් දිගටම ඒ රංගනය ඉදිරිපත්
කළා.
තමන්ට සිදුවූ මේ අනපේක්ෂිත අත්දැකීම සිනහවකින් අමතක කර දැමු මැඩෝනා
පැවසුවේ තමන් හැඳ සිටි ඇඳුමේ තද ගතිය නිසා මේ අත්වැරැද්ද සිදුවූ බවයි.
මේ වන විට 56 වැනි වියෙහි පසුවන මැඩෝනා විවිධාකාර ව්‍යායාම් මෙන්ම යෝග
ව්‍යායාම්වල ද යෙදී සිටිනවා.
‘ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ'ට තහනමක්
‘ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’ චිත්‍රපටය මේ වන විට ලොව පුරා රටවල් රැසක තිරගත
වන්නේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින්. නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන්නේ ජැමී ඩෝනාන් සහ ඩැකෝටා ජොන්සන්.
මේ චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කිරීම අත්හිටුවා තිබෙනවා. ඉන්දීය රැඟුම් පාලක
මණ්ඩලයේ නිර්දේශය අනුවයි මේ තීරණය ක්‍රියාත්මක වී ඇත්තේ. චිත්‍රපටයේ ඇතුළත්
වන ලිංගික ජවනිකා මේ තහනමට හේතු වී තිබෙනවා. මෙවැනි චිත්‍රපට ඉන්දීය
සිනමාහල් තුළ ප්‍රදර්ශනය කිරීම නුසුදුසු බවයි. එරට රැඟුම් පාලක මණ්ඩලයේ
ප්‍රධාන විධායක ශර්වන් කුමාර් පවසන්නේ.
චිත්‍රපටයේ බෙදා හැරීම් කටයුතු
සිදුකරන යුනිවර්සල් සහ කොම්කාස්ට් යන සමාගම් දෙක මේ තීරණය නැවත සලකා බලන ලෙස
අභියාචනයක් ද ඉදිරිපත් කරලා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මණ්ඩලය විරෝධය දක්වා
ඇත්තේ චිත්‍රපටයේ ඇතුළත් වන ඇතැම් දෙබස් ඛණ්ඩයන්ට බවයි.
කෙසේ වෙතත් මේ
චිත්‍රපටයේ ඇතුළත් වන එවැනි දෙබස් සහ ලිංගික දර්ශන මේ වන විට ඉවත් කිරීමට
පියවර ගෙන ඇතැයි යුනිවර්සල් සහ කොමිකාස්ට් යන සමාගම් දෙක තම අභියාචනයෙහි
සඳහන් කර තිබෙනවා. මැලේසියාව, ඉන්දුනීසියාව සහ කෙන්යාව යන රටවල ද ‘ෆිෆ්ට්
ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’ චිත්‍රපටය තිරගත කිරීම තහනම් කරලා.
සබඳකමක් නැත හමුවීමක්
ජනප්‍රිය නළු ලියනාඩෝ ඩි කැප්රියෝ සහ ගායිකා රිහානා පෙම්වතුන් යැයි වරින් වර
ආරංචි පැතිරී ගියා. ඒත් ඔවුන් දෙදෙනාගේ ආදරය කිසිවකුටවත් වටහා ගන්නට
හැකියාවක් ලැබුණෙ නැහැ. ලියනාඩෝ සහ රිහානා සැබවින්ම එකිනෙකාට ආදරය
කරනවාදැයි ලොව කිසිවකුට තේරුම් ගියේ නැහැ.
මෑතකදී එක්තරා සුපිරි උපන් දින සාදයකදී බොහෝ දෙනකු දුටු දසුනකින් ලියනාඩෝ -
රිහානා යුවළට පටබැඳෙන කටකතාවලට අලුත් පණක් ලැබුණා. මේ උපන්දින සාදයට
දෙදෙනාම පැමිණ සිටියා.
දෙදෙනා එකම තැනක හිඳගෙන කතාබහක යෙදී සිටින අයුරු කාටත්
පෙනුණා. ඕපාදූප පතුරුවන්නන්ට මේ ටික හොඳටම ඇති. ඔවුන් දිගට හරහට මේ ගැන හිතේ
හැටියට කටකතා පැතිරුවේ විදුලි වේගයෙන්.
කටකතා එලෙස පැතිර යද්දී එය මැඬ
පැවැත්වූයේ ලියනාඩෝගේ සහායකයෙක්. ඔහු කීවේ ලියනාඩෝ සහ රිහානා අතර කිසිඳු
සබඳකමක් නැති බවයි. ලියනාඩෝ තවමත් තනිකඩයෙකු යැයි ඔහු කී කතාව රසික
රසිකාවන් පිළිනොගන්නා බවකුයි දැන් පෙනෙන්නේ.
සුජීව තේවහෙට්ටිගේ
|