ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


වාණිජ අරමුණ නැති නිසා අපිට තරගයක් නෑ

වාණිජ අරමුණ නැති නිසා අපිට තරගයක් නෑ
 

හෙරිටේජ් ටී. වී. ආයතනයේ අධ්‍යක්ෂ හේම නලින් කරුණා මෙරට රූපවාහිනි නාළිකා අතර හෙරිටේජ් ටීවී (Heritage - TV) සුවිශේෂී නාළිකාවක් ලෙස හැඳින්වීම නිවැරැදි ය. ඒ එම නාළිකාව වෙනස්ම තේමාවක් ඔස්සේ සිය වැඩසටහන් විකාශය කරනු ලබන නිසා ය. ‍ පසුගිය මාර්තු 01 වැනිදා සිට මෙම නාළිකාවේ වැඩසටහන් නවතම මුහුණුවරකින් දවසේ විසි හතර පැය පුරා විකාශය කිරීම ආරම්භ විය. හෙරිටේජ් - ටීවී නාළිකාවේ වැඩ සටහන්වල සිදුවූ වෙනස්කම් මොනවාද? ඒ සඳහා ගනු ලැබූ පියවර කවරේ ද යන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පසුගිය දිනෙක අපි හෙරිටේජ් - ටීවී නාළිකා ප්‍රධානී හේම නලින් කරුණාරත්න හමුවීමු.

* පසුගියදා සිදුවුණු ‘Heritage tv’ නාළිකාවේ අලුත් වෙනස කුමක් ද?

අපේ Heritage TV නාලිකාව කේබල් රූපවාහිනී නාළිකාවක් හැටියට ආරම්භ වුණේ දවසේ පැය 24 ම නරඹන්න හැකිවන ආකාරයෙන්. ටික කලකදී එම කාලසීමාව පැය 6 ක් දක්වා අඩු කරන්න සිදුවුණා. නැවතත් අපේ රූපවාහිනී නාලිකාවේ විකාශන කාලය පැය 24 කරන්න අප කටයුතු කළා. පසුගිය මාර්තු 01 වැනිදා තමයි එය සිදුවුණේ. Dialog අංක 28 නාලිකාවෙන් තමයි අපේ Heritage TV විකාශය නරඹන්න හැකියාව ලැබෙන්නේ. මේ නව වෙනසත් එක්ක අප Heritage TV නාලිකාව හැටියට අලුත් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

* ‘Heritage TV’ නාළිකාවෙන් විකාශය වන වැඩසටහන් පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න...?

අපේ නාළිකාව Natural, Discavery වැනි ජාත්‍යන්තර රූපවාහිනී නාළිකාවල විකාශය වැඩසටහන්වල ආකෘතීන් ආකාරයේ වැඩසටහන්. ඒ නිසා ප්‍රධාන තේමා 4 ක් ඔස්සේ අපේ නාළිකාවෙන් වැඩසටහන් විකාශය කරනවා. ඒ තේමා 4 වන්නේ සොබාදහම, ජන උරුමය, සංස්කෘතික උරුමය සහ ලෝක උරුමයයි. ප්‍රධාන වශයෙන්ම Heritage TV නාලිකාවේ තේමාව වන්නේ ‘අපේ උරුමයෙන් ලොවට’ යන්නයි. ඉහත තේමා 4 ට ඇතුළත් වන වැඩසටහන් පමණමයි අප විකාශය කරන්නෙ. ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, දේශපාලනික සංවාද Heritage TV නාලිකාවේ නෑ. එම තේමාවන් හතර ඔස්සේ වාර්තා වැඩසටහන්, කාලීන වැඩසටහන් සහ තෝරාගත් සංගීත, නර්තන වැඩසටහන් ආදියයි. ඒ ඔස්සේ අපේ උරුමය පිළිබඳ කතා කරන්න දැනුම්වත් කරන්න අපි සැම විටම උත්සාහ ගන්නවා.

* මෙහිදී නාළිකාව මඟින් අලුතින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් මොනවා ද?

විසි හතර පැය පුරාම වැඩසටහන් විකාශය කිරීම, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ වැඩසටහන් විකාශය කරන රූපවාහිනී නාලිකාවලට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ලංකාවේ බොහොමයක් රූපවාහිනී නාලිකා රාත්‍රී 12 න් පසුව වැඩසටහන් විකාශය නවතා දමනවා. ඒ නිසා ස්වභාවික වශයෙන්ම එතැනදී ගැටලුවක් මතු වෙනවා. රාත්‍රී 12 න් පසුව රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය කිරීමට සුදුසු කිසියම් වැඩ සටහනක් විකාශය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. පෞද්ගලික රූපවාහිනී නාලිකා කීපයකත් ජාතික රූපවාහිනියෙත් වැඩ කළ මම දන්නවා, රාත්‍රී කාලයේ විකාශය කළ හැකි වැඩ සටහන් විකාශය කිරීමට ඇති බාධාවන් සහ ගැටලු. මම ඒ පිළිබඳව ගැඹුරින් කල්පනා කරල අපට තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තුන්තිස් පැය පිරිත් සජ්ජ‍ායනයක් විකාශය කරන්න. එය පසුගිය පෙබරවාරි 28 වැනිදා රාත්‍රීයේ සිට විකාශය කළා. ඒ වගේම අපේ රටේ ඉතිහාසයට සොබාදහමට, ජන ජීවිතයට සම්බන්ධ තේමා ඔස්සේ ලියවුණු පොත් එළිදැක්වීමේ උත්සව පිළිබඳ සකස් වුණු ‘රන් පන්හිඳ’ වැඩසටහන නව ආරකින් ගෙන එන්නට අප සූදානම් වෙලා තිබෙනවා.

ඒ අනුව පළමු වැඩසටහන මඟින් උපාලි සමරසිංහ මහතා විසින් රචිත ‘දුටුගැමුණු මහරජ මඟ ඔස්සේ’ කෘතිය පිළිබඳවත් එම කෘතිය එළිදැක්වූ උත්සවය පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් කළා. ඊළඟට අපි කාන්ති විජේතුංග මහත්මිය විසින් රචිත ‘මා දුටු මියන්මාරය’ පොත සහ එම පොත එළිදැක්වීම පිළිබඳව තොරතුරු ගෙන එනවා. මෙවැනි පොත් එළිදැක්වීමේ උත්සව පිළිබඳව තොරතුරු ගෙන ඒමෙන් අප බලාපොරොත්තු වන එක් වැදගත් කරුණක් තිබෙනවා. ඒ; මෙවැනි උත්සවවලදී ලංකාවේ සිටින බුද්ධිමතුන්ගේ දේශන ඈත පිටිසර ගම්වල සිටින අයටත් අසන්නට දකින්නට සැලැස්වීම.

* මෙවැනි වැඩසටහන් මඟින් අනෙකුත් නාලිකා සමග තරගයක් දෙන්න ‘Heritage TV’ ආයතනයට පුළුවන් ද?

අද රූපවාහිනිය කියන්නේ මහ විශාල තරගයක් බව ඇත්ත. නමුත් Heritage TV නාලිකාව ඉන්නේ ඒ; තරගයේ නෙමෙයි. අපි ‘ඩයලොග්’ ආයතනය හරහා විකාශය වන නිසා විශාල වාණිජ අරමුණු අපට නැහැ.

* වාර්තා වැඩසටහන් වැඩිවීම ප්‍රේක්ෂකයින්ට නීරස බවක් ගෙනඒවි ද?

අපේ රටේ බොහොමයක් රූපවාහිනී නාලිකාවලින් විකාශය කරන වාර්තා වැඩසටහන්වල ආකෘතීන්ට අනුව ‘අපෝ, වාර්තා වැඩසටහන්නම් එපා’ කියන තැන තමයි අපේ රටේ තරුණ ප්‍රේක්ෂකයින් ඉන්නේ. එසේ වී තිබෙන්නේ වාර්තා වැඩ සටහන්වලට ආකර්ෂණයක් ඇතුළත් නොකරන නිසා, නමුත් අපි උත්සාහ දරනවා, ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා වාර්තා වැඩසටහනකට තියෙන්න ඕන ඒ ආකර්ෂණීය බව ඇතුළත් කර, ප්‍රේක්ෂකයින්ට කම්මැළි නොමැතිව ලංකාවේ ලස්සන පමණක් නොවෙයි නොදන්නා වටිනාකම් දැකගන්න දැනගන්න හැකිවන ආකාරයෙන් වැඩසටහන් ඉදිරිපත් කරන්න. අපි ඉදිරියේදී එලෙස අපේ නාළිකාව ඔස්සේ පෙන්වන්න සූදානම් වන ස්ථාන අපේ රටේ බහුතරයක් නොදුටු ස්ථාන බව මට විශ්වාසයි. මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඇවිදීමේ අවස්ථාව ලද මාධ්‍යකරුවෙක් හැටියට මට කියන්න පුළුවන්. මෑතදී අප සොයා ගිය ඒ සුන්දර ස්ථානවලට මමත් ගියේ පළමු වතාවට කියලා.

* පැය 24 ක් පුරා වැඩසටහන් ඉදිරිපත් කිරීම අභියෝගයක් නේද?

ඔව් ඇත්ත තමයි. අපි මාසයකට වැඩසටහන් සියයක් නිපදවිය යුතු වෙනවා. මෙහිදී තරමක් වේගයෙන් වැඩ කරන්න සිදුවන බව ඇත. මේ විදියට වැඩ කරන්න ආශාවක් කැමැත්තක් තිබෙන පිරිස් අපි බිහි කරනවා. ඔවුන්ව අපි පුහුණු කරනවා. අද බොහෝ දෙනෙක් කැමැති රූපවාහිනී නිවේදකයෙක් හෝ නිවේදිකාවක් වෙන්න. එසේ නැතිනම් ටෙලි නාට්‍යයක රඟපාන්න. නමුත් රූපවාහිනී පිටපත් රචනයට බොහෝ දෙනෙක් උනන්දු නෑ. එවැනි දේට අද හොද අවස්ථා තියෙනවා. එවැනි පිරිස් අපි බිහි කරනවා. ඔවුන් සමඟ වැඩ කිරීම පහසුයි. මේ අභියෝගය මට ඉදිරියට යන්න ආශාවක් ඇති කරනවා.

* ‘Heritage TV’ නාළිකාව නරඹන්න ලැබෙන්නේ ලංකාවේ සීමිත පිරිසකට පමණයි කිව්වොත්...?

මම පළමුව ස්තුතිවන්ත වෙනවා මේ සඳහා Dialog ආයතනය අපට අවස්ථාව ලබාදීම පිළිබඳ. ඔවුන් අපට අත දුන්නේ නැතිනම් අපට රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතරට යන්න ලැබෙන්නේ නෑ. කෙසේ හෝ ඉදිරියේදී අපේ විකාශය සැමටම පෙන්වන්න අවස්ථාව ලැබුණොත් එය කරන්න සූදානම්. මම හිතන්නේ නෑ අපේ නාලිකාව අංග සම්පූර්ණයි කියා. අපි උත්සාහ ගන්නේ දැන් කරන වැඩේ ඉතාම හොඳින් කරන්න.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්