ඉන්දියාවට වීසා නිදහසක්

සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය ගුවන් තොටුපොළවලදීම සංචාරක වීසා ලබා දීමට ඉදිරියේදී කටයුතු සිදු කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය. මේ පහසුව එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදෙන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.ඉන්දීය අගමැතිවරයා මේ බව අනාවරණය කළේ දෙ‍රට අතර විශේෂ ගිවිසුම් හතරක් පසුගිය සිකුරාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අස්සන් කළ අවස්ථාවේදී ය.මේ ගිවිසුම අස්සන් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ නිල හා රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර දරන සියල්ලන්ට වීසා ලබා ගැනී‍මකින් තොරව ඉන්දියාවේ සංචාරය කිරීමට ඉඩ පහසුකම් සැලැසිණි.

විස්තර »

අසල්වැසි සොම්නස

 


 ඡායාරූපය - විමල් කරුණාතිලක

 යකඩ යකා තලෙයිමන්නාරමට

වසර 25කට පසු තලෙයිමන්නාරම දක්වා දුම්රිය මඟ ජනතා අයිතියට පැවරීමත් සමඟ ඉන්දු ලංකා සබඳතා වැඩිදියුණු කරමින් ඉදිරියේදී ඉන්දු ලංකා නැව් සේවාව යළි ඇරැඹෙනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා සිළුමිණට කීය.ඉන්දීය ණය සහනාධාර යටතේ පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් ගමන් කළ හැකි වන පරිදි මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය මඟ යළි පුනරුත්ථාපනය කරන ලදී.

විස්තර »

වාහන ආනයන ගැසට් නිවේදනයට විරුද්ධව පෙත්සම් 4ක්

මෙරටට රථ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2015 පෙබරවාරි 10 දින නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම් 4 ක් විභාගයට ගෙන ඇති අභියාචනාධිකරණය ඒ සඳහා මාර්තු 27 දිනට පෙර කරුණු දක්වන‍ ලෙස මුදල් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයන්ට නියෝග කර ඇත.

විස්තර »

ඉන්දියානු කලාපය සාම කලාපයක් විය යුතුයි

- ඉන්දීය අගමැති

ශ්‍රී ලංකාවේ සාමය සහජීවනය සංවර්ධනය සඳහා ඉන්දියාව තම අවංක ආධාර හා සුබ පැතුම් පිරිනමන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉකුත් සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් පැවැසීය.13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් හා ඉන් ඉදිරියට ගමන් කිරීමෙන් ශ්‍රී ලංකාවට තවත් අභිවෘද්ධියට පත්වීමට හැකි වනු ඇතැයි ද මෝදි කී ය.ශ්‍රී ලංකාවේ සියලු ජනකොටස්වල අභිමතාර්ථ ඉටු කරදීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ එක්ව ක්‍රියා කරන බවත්,

විස්තර »

ඡන්දෙට කලින් ව්‍යවස්ථා සංශෝධනය ඕනෑ

අතුරලියේ රතන හිමි

තුනෙන් දෙකේ ඡන්ද බලය වර්තමාන පාර්ලිමේන්තුවේ තිබෙන නිසා ව්‍යවස්ථා සංශෝධනය හා මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු කිරීම පාර්ලිමේන්තුව විසුරුවන්නට පෙර සිදු කළ යුතු බව ‘පිවිතුරු හෙටක්’ ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයා වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය වුවද බහුතරය පවතින්නේ එම පක්ෂයට බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

විස්තර »

ලෙඩ හඳුනාගන්න අලුත් ක්‍රමයක්

අධෝ මුඛයෙන් පිට වන වායුව රෝග ගණනාවක් හඳුනාගැනීමේ හොඳ ක්‍රමයක් බව ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් ටෙක්නොලොජි ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇත.ආහාර ජීර්ණයේ අතුරු ඵලයක් ලෙස නිපදවෙන වාතය පරීක්ෂා කිරීමෙන් මහබඩවැලේ පිළිකා, බඩවැලේ වේදනාකාරී තත්ත්වය, නිරාහාරව සිටීම නිසා ඇති වන පිළිකා ආඝාතය, හෘදයාබාධ, ආතරයිටිස්, වියපත්වීම හා භින්නෝන්මාදය වැනි රෝග හඳුනාගත හැකි බව ඔවුහු පවසති.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්