උදේසිරිත් කරන වැඩ
උදේසිරිත්
කරන වැඩ
 උදේසිරි අලුත් නාට්‍යයක් සාදා ඇත. උදේසිරි කියන්නේ උදයසිරි වික්‍රමරත්න
යි. එයා ඉස්සර ඉඳලා ම හොඳ හොඳ නාට්‍ය සෑදුවේ ය. දැන්වීම් වැඩට බැස්සාට පස්සේ
නාට්‍ය හදන්නේ නැති වෙයි කියා හිතුවාට එහෙම වුණේ නැත. ළඟ දී හැදූ ‘සුද්දෙක් ඔබ
අමතයි’ හා ‘රඟපෑම් ඉවරයි’ කියා නාට්‍ය ද හොඳ ම හොඳ බව බලාපු අය කියති.
ඉතින්, උදේසිරි ගේ අලුත් ම නාට්‍යය තමා ‘පෙම් යුවළක් ඕනෑ කර තිබේ.’ ‘තිබේ’
කියන්නේ පණ නැති දේ ගැන කියන කොටයි. ගස් තිබේ, ගෙවල් තිබේ කීවත් මිනිසා තිබේ
මිනිස්සු තිබෙති කියන්නේ නැත. ඒත් උදේසිරි හීන්නූලෙන් වැඩේ දෙන්නට දක්ෂ නිසා
දැනදැන ම ‘තිබේ’ කියන්නේ දැන් ඉන්නා පෙම් යුවළවලට පණ නැති බව කියන්න දැයි
දන්නෙත් නැත. ඒත් ඔවුන්ටත් වැලංටයින් දවසට පණ එයි.
කොහොම වුණත් නාට්‍යය හරි ම ලස්සනය . මුල ඉඳලා ම ප්‍රේමය ගලාගෙන යයි. නියම ප්‍රේමය
මොකක් ද කියා එහි රඟපාන ඇත්ත ම පෙම් යුවළ හොඳ හැටි පෙන්වති. රඟ පෑමේ ආසාවට එන
අනෙක් පෙම් යුවළවල් රත්තරන් ආභරණ ඉදිරියේ ‘ඉමිටේෂන්’ කෑලි වාගේ පැත්තකට
වීසි වී යති. නාට්‍යය බලන්නෝ ප්‍රේමයෙන් කුල්මත් වෙති.
ඇත්ත පෙම් යුවළ ගේ ප්‍රේම හරි ම උසස් ය. කොල්ලාත් කෙල්ලත් දෙන්නකු නො ව එක ම එක්
කෙනෙකි. දුෂ්ටයා නිකම් රඟ පෑමට කෙල්ල ගේ ඇඟට අත තබා හොඳ හැටි ගුටි කයි. සැබෑ
ප්‍රේමය එහෙම ය. තමා ගේ කොල්ලාට මිස මදුරුවකුට වත් ඇඟේ වහන්න දෙන්නේ නැත.
මේ පෙම් යුවළ ගේ ප්‍රේමය රස විඳින කොට පරණ කෑලි නිකම් ම මතකයට එයි. ‘නැත ලොවේ අන්
රසඳුනා - ආදරේ සේ සුව දෙනා’ යැයි සරච්චන්ද්‍ර කීවේ ඇත්ත ම ඇත්ත ය. ‘සුව දෙන සිත
සැනසුම් - අම මිහිරකි ලොව රස පෙම්’ යැයි මානවසිංහ කීවේත් ඇත්ත ම යි. ‘පේමතෝ
ජායතී සෝකෝ’ කියා වත් මතක් වන්නේ නැත. මේ ප්‍රේමය හරි ම සුන්දරය. ‘ප්‍රේමය නම්
අසේනිය කුසුමක් වේ.’
ඉස්සර චිත්රපටිවලත් ප්‍රේම ජවනිකා තිබුණේය. පෙම්වත්තු මල් ගස් වටේ කැරකි
කැරකී නටති, සින්දු කියති. ලොකු කොණ්ඩයක් බැඳගෙන සාරියක් ඇඳගත් පෙම්වතියත්
රැලි කොණ්ඩයකුත් ගිනිකූරු රැවුළකුත් තිබෙන පෙම්වතාත් ඇත්වැල් බැඳගෙන නටන
හැටි බලන්න ලස්සනය. සින්දුත් එහෙමය. ‘දෙන්න සුදෝ දෑතට ඔය දෑත’, ‘මා ප්‍රාර්ථනා
ආශාවෝ’ මතක් වෙන කොටත් ආසා ය.
මේකත් නාට්‍යයක් වුණාට ප්‍රේමය චිත්‍රපටියක් සඳහා කරන ප්‍රේමයකි. ඒත් අර වාගේ
නැත. නැටුම් නැත. ප්‍රේම කරන්නේ බොක්කෙන් ම ය. චිත්‍රපටිය වෙනුවෙන් කළත් කරන්නේ
නාට්‍යයක් නිසා එළියට එන්නේ නියම ප්‍රේමය යි. උදේසිරි හීන් නූලෙන් ම ඒකත්
අඟවයි.
*************
දැන් නාට්‍යය ඉවර ය. ප්‍රේමයත් ඉවර ය. ඒත් ප්‍රේමයෙන් මුසපත් වීම නම් තව මත්
තිබේ. රඟ පෑ අය එකා දෙන්නා වේදිකාවට ඇවිත් ආචාර කරති. අන්තිමේ අර සැබෑ පෙම්
යුවළක් ආවෝ ය.
ප්‍රේම ලෝකයෙන් සැබෑ ලෝකයට කඩාගෙන වැටුණේ එතකොට ය. අනේ, මේකත් සැබෑ ප්‍රේමයක්
නො වේ, රඟපෑමකි. ඇත්ත ම ඇත්ත වාගේ පෙනුණත් ඒකත් රඟ පෑමකි. නාට්‍යය ඉවර වුණා ම
ප්‍රේමයත් ඉවර ය. බලන කොට ඔක්කොම රඟ පෑම් ය. උදේසිරි ‘රඟපෑම් ඉවර යි’ කිව්වාට රඟ
පෑම් ඉවර නැත. කවදා වත් ඉවර වෙන්නේත් නැත.
බලමු උදේසිරිත් කරන වැඩ.
යාළුවෙක්
|