සම්මානනීය නර්තන ගුරුතුමිය ස්වර්ණ කාන්ති සිරිනාම...
සම්මානනීය
නර්තන ගුරුතුමිය
ස්වර්ණ කාන්ති සිරිනාම...
ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ කැපී පෙනෙන දෘෂ්‍යමය සංස්කෘතිය උරුමයන් අතර හෙළ
නර්තන කලාව ආකර්ෂණීය හා අද්විතීය වේ. මෙකී ඓතිහාසික වූ මහඟු උරුමය පරපුරෙන්
පරපුරට දායාද කරමින් ලක් දෙරණෙහි සුවහසක් දනන් නෙත් සිත් ආනන්දයෙන්
පුරවමින් නර්තන කලාවේ සම්ප්‍රදායන් මෙන් ම අගයයන් රැක ගනිමින් නර්තනය
සමාජගත කිරීමේ සත්කාරය සඳහා උරදෙන්නේ ප්‍රවීණ නර්තන ශිල්පීන් හා ශිල්පිනියන්
ය. එලෙස උපතින් ම රැගෙන ආ සහජ දක්ෂතා දියුණු කර ගනිමින් සුවහසක් දූ දරුවන්
අතරට නර්තනය රැගෙන ගිය ප්‍රවීණ නර්තනාචාර්යවරියක ලෙස ස්වර්ණා කාන්ති
සිරිනාම හැඳින්විය හැකියි. එනිසාම ඇය පසුගියදා කොළොම්තොට භූෂණ හා කලා භූෂණ
සම්මානයෙන් පිදුම් ලැබුවාය.
වයස අවුරුදු 03 ක සිඟිත්තියක ලෙසින් නර්තනයට අත්පොත් තබන ඇය පැමිණි ගමන් මඟ
පිළිබඳ කතාබහ කරන්නේ හදපිරි සතුටිනි.
“නර්තනය වැනි විශිෂ්ට කලාවකට නැඹුරු වෙලා නර්තන ක්ෂේත්‍රය වෙනුවෙන් මෙපමණ කලක්
සේවය කරන්නට මට මං පෙත් විවර කළේ මම මූලික අධ්‍යාපනය ලැබූ කොළඹ ශාන්ත පාවුළු
මිලාගිරි බාලිකා විදුහලයි. මගේ ගෞරවනීය ස්තූතිය මං මගේ පාසලට පළමුව පුද
කරනවා.
මම අවුරුදු 3 දී ඉන්දියානු හා දේශීය නැටුම් කලාවන් ප්‍රගුණ කරන්න පටන් ගත්තා.
එදා සිට ඇරැඹුණු මගේ නර්තන දිවියේ දී මා ඉහළම ජයග්‍රහණය ලැබුවේ 1976 වසරේ දී
රජයේ නර්තන ගුරුවරියක ලෙස සේවයට බැඳීමයි. මුලින්ම පත්වීම ලැබුණේ මාර / ශ්‍රී
සුමංගල මහා විදුහලට. ඉන්පසු 1980 - 1982 වසරවල සෞන්දර්යය ගුරු විදුහලෙන්
ගුරු පුහුණුව ලබා පාසල් ගණනාවකම සේවය කළා. නර්තනය පිළිබඳව දරුවන්ගේ කුසලතා
එළි දක්වමින් ඔවුනට සමාජයේ යා යුතු මඟ එළි පෙහෙළි කර දීමට හැකි වීම ගුරු මවක්
ලෙස මම ලැබූ භාග්‍යයක් ලෙස මම දකිනවා.”
ස්වර්ණා පවසන්නේ හද පිරි බැතියෙනි. දරුවන් වෙනුවෙන් නර්තනය ප්‍රගුණ කර ඔවුන්
ගේ කුසලතා එළිදැක්වීම වෙනුවෙන් ඇය ගත් ප්‍රයත්නයේ ප්‍රථිපලයක් ලෙස 1992
වසරේ පවත්වන්නට යෙදුණු පළමු නෘත්‍ය ප්‍රසංගය හැඳින්විය හැකියි. මෙනිසාම ඇය
සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ ප්‍රවීණ නර්තනාචාර්යවරියක බවට ද පත්ව ඇත.
“මම ශ්‍රී ලංකාවේ නිස්කෝ සංවිධානයේ විශේෂ කලා කණ්ඩායමේ නර්තන උපදේශිකාවක ලෙස
කටයුතු කළා. එලෙසම ඇමෙරිකාවේ විශේෂ කලා සංගමයේ වොෂිංටන් DC ජාත්‍යන්තර කලා
ශිල්පී සාමාජිකත්වය ද ඇමරිකාවේ ජෝන් එෆ් කෙනෙඩි පෙරදිග ආශ්‍රිත
සාමාජිකත්වය ද හිමි කර ගනිමින් ටවර් රඟහල් පදනමේ ස්ථිර කලා ශිල්පිනියක් ලෙස
මා ලැබූ අත්දැකීම පළපුරුද්ද හා ප්‍රවීණත්වය අපගේ නව පරපුරේ කලා ළැදි අංකුර
දරු දැරියන් අතර බෙදා දෙමින්, සිරිනාම කලායතනයේ නියෝජ්‍ය
කලායතනාධිපතිනිය ලෙසත් කටයුතු කළා. මේ ආකාරයෙන් දෙස් විදෙස් නර්තන
කටයුතු, උලෙළවල් මම නියෝජනය කළා. රටට කීර්තියක් අත්කර දුන්නා.”
මෙලෙස රටට දැයට සේවයක් කරන්නට මට ඉඩකඩ සලසා දුන්, මගේ පියාණන්, ශ්‍රීමතී
රසාදරී ගුරු මෑණියන්, ශාන්ති විරාජ් ගුරු පියාණන්, ශ්‍රී ජයනා ගුරු පියාණන් මම
හද බැතියෙන් සිහිපත් කරනවා.
තුෂාරි
|