![]() ![]() |
||
මම තාමත් පෙම්වතියක්
ඉෂාරා සඳමිණී ගැන කවුරුත් කතා කරන්නේ ‘උතුම් පැතුම්’ ටෙලි නාට්‍යයේ ඇය රඟදක්වන ‘උත්පලා’ චරිතය නිසයි. ඇය මේ වනවිට නිවේදිකාවක, නිළියක ලෙස ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සුරූපිනියක්. ඉෂාරා මේ දවස්වල ඇගේ ජීවිතයේ සොඳුරු පැතුමක් ඉටුකර ගන්නට වෙහෙසෙන බව අපිට දැන ගන්නට ලැබුණා. මේ පුවතේ ඇත්ත නැත්ත සොයා බලන්නත් එක්ක අපි ඇයට කතා කළා. ‘ මම හෙට අනිද්දාම විවාහ වෙන්නට සූදානම් වෙනවා කියලා පුවත්පතක පළ වෙලා තිබුණා. ඒත් මෙතරම් ඉක්මනින්ම විවාහ වෙන්නට මගේ සූදානමක් නැහැ. එයට තව මාස කීපයක්ම ගත වේවි. මම දැන් පෙම්වතියක්. මගේ පෙම්වතා ගැන තොරතුරු මගේ රසිකයන්ට ළඟදීම කියන්න තමයි හිතාගෙන ඉන්නේ.’ බිහිසුණු
අත්දැකීමක්
පසුගිය දවස්වල කාවිංග පෙරේරා නේපාලයේ රූ ගැන්වෙන නවතම චිත්‍රපටයක් වෙනුවෙන් රංගන දායකත්වය ලබාදුන්නා. කාවිංග එහි ගත කළ කාලයේ ලැබූ අපූරු අත්දැකීමක් අපිටත් දැන ගන්නට ලැබුණා. ‘මේ චිත්‍රපටය උපාලි ගම්ලත්ගේ අධ්‍යක්ෂණයක්. මෙහි දර්ශන නේපාලයේ හිමාල කන්දේ තමයි රූගත කිරීම් සිදු කළේ. මම ජීවිතේ පළමු වතාවට අඩි දහස් ගණනකින් යුතු වූ හිමාල කන්ද තරණය කළා. ඒ අත්දැකීම තරමක් බිහිසුණුයි. මොකද අඩි දහස් ගණනක් දුරට විහිදෙන හෙල් බොහොමයක් කන්ද පහළට බසිත්දී හමුවෙනවා. ඒ වගේම හිම කුණාටු, හිම කඳු කඩා වැටීම්, ගල් පෙරලීම් නිතර ඇති වෙනවා. ඒ විදිහට අපි අපේ ගමන ආරම්භ කරනකොට අපේ ජීප් රියට විශාල ගලක් පෙරළුණා. අපි කාටවත් අනතුරක් නොවුණත් ජීප්එකට ඩැමේජ් වුණා. මම මෙහි රඟදක්වන්නේ කැම්පස් සිසුවෙකුගේ චරිතයක්. කැම්පස් සිසුන් පිරිසක් රිසර්ච් එකක් වෙනුවෙන් හිමාලයට යනවා. ඒ වටා ගෙතෙන සුන්දර කතාවක් මෙය. අධික සීතල අතරේ රඟපාන්න සිදුවීමත් කාලයක් යනතුරුම මගේ මතකයේ රැදේවි.’ කපුටු ආදරේ
මේ දවස්වල අනුෂා දමයන්ති වැඩිපුරම නර්තන පුහුණුවිම්වල යෙදෙනවා. ඒ ඇයට විදේශයන්හි ප්‍රසංග කීපයක් පැවැත්වීමට ආරාධනා ලැබී ඇති නිසයි. ඒ අතරතුරදී නිවෙසට එන සුරතල් සතුන් නිසා මේ ජනප්‍රිය නිළිය අපූරු අත්දැකීම් ලබන බවත් ආරංචියි. කවදටත් අනුෂා නිවෙසට එන සතුනට කෑම බීම ලබා දෙමින් උන්ට ආදරය කරුණාව දක්වනවා. මේ ආදරය නිසාම ඇගේ නිවෙසේ ලේනුන්ට කුරුල්ලන්ට වැඩි ඉඩකඩක් වෙන් වෙනවා. මේ දවස්වල හැමදාම උදේ පාන්දර අනූෂා බලන්නට අමුත්තෙක් අනූෂාගේ නිවෙසට එන බව අපිටත් ආරංචි වුණා. මේ ගැන අනූෂාගෙන්ම අහල බලන්න අපි සිතුවා. ‘මම හැමදාම උදේට පුරුද්දක් විදිහට ගෙදරට එන සතුන්ට කෑම දානවා. දැන් හැමදාම උදේට කපුටෙක් මම කෑම දෙනකම්ම ජනේලෙ ළඟට වෙලා ඉන්නවා. මමත් මේ කපුටු පැටියට කෑම ටිකක් දාලා තමයි මගේ අනෙක් වැඩ කටයුතු අරඹන්නේ. මොන දෙයක්ද මන්දා ඌ උදේ පාන්දරම අමුත්තෙක් වගේ අපේ ගෙදරට එනවා. ‘
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |