ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි
ඉතිහාසය උපයෝගී කරගත්තේ
වර්තමානය ගැන
කියන්නයි
කරුණා පෙරේරා
අප ඔබ හඳුනාගන්නේ කෙටිකතා රචිකාවක් ලෙසට යි. එහෙත් නවකතාකරණයත් ඔබට
සුගම වූවක්. ඔබ කෙසේ ද මේ මාධ්‍යයන් ද්විත්වයේ වෙනස හඳුනා ගන්නේ.
මම සාහිත්‍ය ක්ෂේත්‍රයට පා තබන්නේ කෙටිකතාව ඔස්සේ. ඒ වගේ ම මම තවමත් ප්‍රිය
කරන්නේත් කෙටිකතාකරණයටයි. කෙටිකතා ලියන එක හරි ම සුන්දර අත්දැකීමක්. මගේ
නවකතාකරණයේ ආරම්භය සටහන් වෙන්නේ සුගතපාල ද සිල්වා මහතා නිසයි. මම දිගින්
දිගට ම කෙටිකතා ලියාගෙන යද්දි සුගතපාල මහත්මයා මට කිව්වා “දැන් ඔයා
නවකතාවක් ලියන්න” කියලා. ඔයාගේ හැම කෙටිකතාවක ම නවකතා ලක්ෂණ තියෙනවා කියලා
එතුමා කිව්වා.
කෙටිකතාවකදී අපි චරිත සම්පිණ්ඩනය කරනවා. එය විදාරණය කිරීමේදී නවකතාවක් නිර්මාණය
කරගත හැකියි. කෙටිකතාව කියන්නේ සංක්ෂිප්ත මාධ්‍යයක්. නවකතාව විස්තාරණය වෙන මාධ්‍යයක්. ‘එසඳ’ ඒ නුවරුන් වුණත් මම ලියාගෙන යද්දි දිගින් දිගට
ම කතාව ගෙතෙනවා. චරිත අභ්‍යන්තරයට කිඳා බහිනවා. කෙටිකතාව ඊට සියුම්ව වචන,
සිතිවිලි හරඹයක ප්‍රතිඵලක් ලෙසයි බිහි වෙන්නේ.
ඔබට වඩාත් සුගම ලෙස නිරත විය හැක්කේ මේ නිර්මාණ කාර්යයන් දෙකෙන් කවරක ද?
මට අමාරු කෙටිකතාකරණයයි. එහෙත් කොතරම් අමාරුවෙන් ගොඩනඟා ගත්තත්
‘කෙටිකතාව’ ගැන සමාජයේ ගැඹුරු කියැවීමක් නැහැ. මාධ්‍යයක් විදියට ඒ ගැන
මිනිසුන්ගේ අවධානයක් හෝ කතිකාවක් නැහැ. 1971 දී ආව මගේ මුල් ම කෙටිකතා
සංග්‍රහය “අඳුරට එළියක්” ගැන හරියට සාකච්ඡා වුණා. දැන් එහෙම නැහැ.
මොකක්ද මේකට හේතුව විදියට දකින්නේ. රසවින්දනයේ දුර්වලතාවක් ද, නිර්මාණ
බාහුල්‍ය වීම ද?
මාධ්‍ය සුලබතාවත් එකට හේතුවක්. අද මාධ්‍ය භාවිතය ගොඩනැඟී තියෙන්නේ පුද්ගල
කැමැත්ත, දැන හැඳුනුම්කම් මත. එය නිර්මාණකරුවන්ට විශාල පීඩනයක්. හොඳ
නිර්මාණ මතුකර පාඨකයා අතට යැවීමේ මාධ්‍ය කාර්යභාරය එමඟින් ඉටු වන්නේ නැහැ.
ඒ වගේ ම ඒ ක්ෂේත්‍ර ගැන අවබෝධයක් තියෙන තරුණ මාධ්‍යවේදීන් හරි ම අඩුයි.
අධ්‍යයනයක් තියෙන මාධ්‍යවේදීනුත් අල්පයි. නවකතාවක් කියැව්වත් ඔහේ
කියවාගෙන යනවා මිසක් ඒ ගැන ගැඹුරින් විමසා බලන්නේ නැහැ. ඇත්තට ම නවකතාවක්
කියන්නේ ජීවිතය ගැන උගන්වන පාඩම් පොතක්. මේ දේවල් ගැන සවිඥානික පිරිසක්
මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වී සිටිනවා නම් මේ ගැටලුව එන්නේ නැහැ.
මාධ්‍යවේදිනියක් ලෙස ඔබ කලක් ගත කළා. ඒ අත්දැකීම් අනුසාරයෙන් ඔබට මේ
ගැටලුව ඇති වූයේ කෙසේදැයි විග්‍රහ කළ හැකි ද?
ඇත්තෙන් ම මේ තත්ත්වයට පාසල් අධ්‍යාපනයෙන් සාහිත්‍ය අයින් කිරීම බලපෑම් කළා.
ඉතින් කොහොමද රස වින්දනයක් ගොඩනැඟෙන්නේ. මට මුණගැහිලා තියෙනවා අපේ ලේඛකයන්
ගැන අහලාවත් නැති තරුණ මාධ්‍යවේදීන්. ඇත්තෙන් ම ඔවුන් මාධ්‍යවේදීන් නොවෙයි.
බහු මාධ්‍ය ආගමනය, විශේෂයෙන් රූපවාහිනිය සහ සමාජ වෙබ් අඩවි කෙටිකතාවට,
නවකතාවට බලපෑමක් කළා යැයි ඔබ සිතනවද?
අනිවාර්ය බලපෑමක් කළා. ටෙලිනාට්‍ය මේ අතරින් විශේෂයි. ඉස්සර වගේ නොවෙයි. දැන්
ඒවායේ ගැඹුරක් නැහැ. මිනිස්සු සරල රස වින්දනයට හුරු වෙලා.
අප දකින ඔබ සිටින්නේ යථාර්ථවාදී කතා රීතියේ. නමුත් ඔබේ නවතම නවකතාව
ප්‍රතිනිර්මාණයක්. මෙය ඔබේ වෙනස් එළැඹුමක්.
ඇත්තෙන් ම එදා සිද්ධ වුණු දේවල්මයි අදත් සිදුවන්නේ. අද සිදුවුණු දේවල්මයි එදා
සිදු වූයේ. අද අපිට කෙළින් ම කියා ගන්න බැරි දේවල් අතීතයට ගිහින් හිමින් සීරුවේ
කාටවත් නොරිදෙන්න කියාගන්න පුළුවන්. ගායිකාවක්, නගර සෝභිනියක් ගැන,
රජවරුන්ට ළං වී සිටින අයගේ ජඩ වැඩ වගේ දේවල් මේ නිර්මාණය ඔස්සේ මට කතා කරන්න
පහසු වුණා.
නිදසුනක් ෙලස තරුණ පිරිස ගන්න. ඒ අය සමහරවිට තමන් කරන්නේ වැරැද්දක් බව දන්නවා.
ඒත් එය නිවැරැදි කරගන්න දන්නේ නැහැ. වැරදි කොන් අල්ලා ගැනීම් එමටයි.
උදාහරණයක් විදියට තරුණ නැඟී සිටීම ගත්තත් එහෙමයි. අදත් එහෙමයි. තරුණයන්ගේ
මනසේ අදත් ලොකු ඝට්ටනයක් තියෙනවා. ඒ දේවල් සේරම මේ නවකතාව ඇතුළත තියෙනවා.
එසඳ ඒ නුවරුන් ප්‍රතිනිර්මාණයක් වුවත් මෙය වත්මන් කියැවීමක් බවයි ඔබ
පවසන්නේ.
මේකට ෙත්මා වන්නේ බුදු හාමුදුරුවන් බිම්සර රජතුමාට පොරොන්දුවක් වුණානේ මම
යනවා කියලා. ඒ පොරොන්දුව පවා සංකේතාත්මකයි. බුදු හාමුදුරුවන් වැඩ සිටින
වේළුවනාරාමයේ කුලබේදය දරුණුවට පේන්න නැහැ. ඒත් ෙව්ළුවනාරාමයෙන් පිටත
සිටුවරුන් මිනිසුන් අතර මේ ප්‍රශ්නය දරුණුවට තියෙනවා. හැම ගැහැනියක් ම
හඬනවා. එදත් ගැහැනිය අඬනවා, අදත් අඬනවා. මේක අකාලික ධර්මතාවක්. ගොඩක්
කාන්තාවෝ අද හොරෙන් අඬනවා. මොකද පිරිමින්ගේ අණට උඩින් යන්න බැරි වීම නිසා. ගෝපු
ගේ චරිතය මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට යනවා. එයාට නැතිවෙන්න දෙයක්
නැති නිසා එයා එහෙම අතික්‍රමණය කරනවා. නමුත් අනෙක් අයට එහෙම බැහැ. ඒ නිසා මෙය
අකාලික කියැවීමක්.
ඔබ ස්ත්‍රීවාදී ලේබලය ගසා නොගත්තත් මේ කෘතියේ යටිපෙළ ගොඩනඟන්නේත් කාන්තාවට
සිදුවන අකටයුතුකම් විවරණය කරන්නයි.
මම ස්ත්‍රීවාදිනියක් නම් නොවෙයි. මේ ප්‍රශ්න ගැන නිර්මාණ ඔස්සේ කදිමට කතා කරන්න
පුළුවන්කම තියෙනවා. ලේබල් ගහගෙන, උද්ඝෝෂණ කරගෙන ස්ත්‍රිය ගැන කතා කළාට එය
සාර්ථක නැහැ කියලයි මගේ හැඟීම.
ඔබේ නිර්මාණවල මතු කරන මනුෂ්‍යත්වය ගැහැනු පිරිමි භේදයකින් තොර ව ගලා යන්නක්
බවයි අපේ හැඟීම.
අන්න එය තමයි අපි මතු කළ යුතු. මනුෂ්‍යත්වය කියන කාර්යයේදී ගැහැනු පිරිමි භේදය
ප්‍රතික්ෂේප වෙලා පොදු මානව කියන හැඟීම මතු වෙනවා. ඒත් හිතේ පුංචි කොනක තියෙනවා
කාන්තාව ගැන විශේෂ අවබෝධයක්. එය ගොඩනැඟෙන්නේ නිර්මාණකාරියක් වුවත් මමත්
ගැහැනියක් නිසා.
ඒ නිසා ද ඔබ ගෝපුලා ගේ චරිතය දෙස සානුකම්පිත බැල්මක් හෙළන්නේ. කාන්තාව මුහුණ දෙන
සදාකාලික ගැටුම පිළිබඳ ඔබ සවිඥානික ද?
ඇත්තෙන් ම මට කියන්න ඕන සියල්ල ම කියා ගන්න බැරි වුණා. මට කියන්න ඕන දේවල්
තියෙනවා තව ඉතිරි වෙලා. අමු අමුවේ කියන්න ගිහින් ලේබල් ගහගන්න මම කැමැති නැහැ.
එහෙම කියන එක අපේ සංස්කෘතියත් නොවෙයි. “පහන්ටැඹ යට” කියවා බලන්න. එතකොට
වැටහේවි අපි කොයිතරම් දේවල් දරා ගත යුතු ද කියලා. නමුත් වර්තමාන පරම්පරාව
එහෙම නැහැ. සංස්කෘතික ගැටුමකට මුහුණ දෙන්න ඔවුන් දන්නේ නැහැ.
ප්‍රතිනිර්මාණ කාර්යයේ දී පුනරුක්ති දෝෂ බෙහෙවින් සිදුවිය හැකියි. ඔබ එය
වළක්වා ගත්තේ කෙසේ ද?
නිර්මාණකරුවා ලියන්නේ වාර්තාවක් නොවෙයි. අද ගොඩක් නිර්මාණකරුවන් තමන්ගේ
නිර්මාණවලට තමතමන් කියවපු, බලපු බොහෝ දේ ඔබ්බන්න උත්සාහ ගන්නවා. එතකොට
නිර්මාණය නොවෙයි මතු වෙන්නේ. මමත් පොත පත කියවනවා. නමුත් ඒවා මම මගේ පොත්වලට
ගන්නේ නැහැ.
මූලික ම දේ නිර්මාණාත්මක විය යුතුයි. ආශ්‍රය කරන මූලාශ්‍ර මත ම යැපුණොත් තමයි ඒ
ගැටලුව මතු වෙන්නේ. ‘එසඳ ඒ නුවරුන්’ වල බුදු බණවත් වැඩිය නැහැ. පරිකල්පනයයි
වැදගත්. එතකොට තමන් ඒ පරිසරයේ කොටසක් බවට පත්වෙනවා. කතාව ඉබේ ම
ගොඩනැඟෙනවා. ඒ පරිසරයේ කොටසක් බවට පත්වුණා ම පුනරුක්ති දෝෂ එන්නේ නැහැ.
ප්‍රතිනිර්මාණයකදී කතාව කිහිපවරක් ලියමින් සංස්කරණය කරගත යුතුයි. ඒ ගැන
ඔබේ අත්දැකීම කෙබඳු ද?
ඇත්තෙන් ම මම ලියන්නේ එක්වරයි. එයට ම අනුගත වූ විට පහසුවෙන් ලියැවෙනවා. මෙය
වෙන අයකුට වෙනස් විය හැකියි. හැබැයි මම අනන්තවාරයක් හිතනවා. මනසින් මම
අභ්‍යාසයේ නිරත වෙනවා.
අද ප්‍රතිනිර්මාණ රැල්ලක් බිහි වී තිබෙනවා. සිනමාව මීට බෙහෙවින් ගොදුරු වෙලා.
ඔබත් මේ රැල්ලේ ගොදුරක් වුණා ද?
ගොඩක් අය ප්‍රතිනිර්මාණිත සිනමා කෘති පහුගිය කාලේ නිපදවූයේ එක් කොට්ඨාසයක්
පිනවීමට යැයි මට සිතෙනවා. ඒ කියන්නේ පාලක පන්තිය. ඒ වැරදි ආකල්පය නිසා අනෙක්
සියලු දේ අමතක වුණා. ඒක නොවෙයි කරන්න ඕන. ඉතිහාසය කියන්නේ වර්තමානය කියැවීමට
යොදා ගත හැකි හොඳ ම මාර්ගයයි. එදා සහ අද මේ සියල්ල එක ම සිද්ධි. මේ මනුෂ්‍යයා
ජීවත්වන කාලය ඇතුළත සංසිද්ධිවල චරිත විතරයි වෙනස්. අභ්‍යන්තරය එකයි. ඒ නිසා
ඉතිහාසය මම උපයෝගී කරගන්නේ වර්තමානය ගැන කියන්නයි. අද වගේ ම එදත් බලය හමුවේ
සියලු අකටයුතුකම් සාධාරණීකරණය වෙනවා. ඒ නිසා අද ගැන කියන්න තියෙන
උවමනාවටයි මම පැරණි කතාවක් යොදා ගත්තේ. ඇත්තෙන් ම මේක අත්හදා බැලීමක්. එය
සාර්ථක යැයි සිතෙනවා.
කවුරු හරි ඔබට චෝදනා කළොත් මේ රටේ මේ තරම් සමාජ සංසිද්ධි ලියන්න තියෙද්දි ඒවා
නොලියා ප්‍රතිනිර්මාණ කරමින් ඉන්නේ අත්දැකීම් නිර්මාණ බීජ නැතිකම නිසා කියලා.
මට ඕනෑ තරම් නිර්මාණ බීජ තියෙනවා. ඒත් ඒවා අමු අමුවෙන් ලිවීම නිෂ්ප්‍රයෝජනයි
කියලයි මට සිතෙන්නේ. රාජාණ්ඩු කාලේ වේවා, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකාලේ වේවා එක
ම දේ තමයි වෙන්නේ. බොහොම නිර්මාණාත්මක ව අද සිදුවෙන දේ වෙනත් පැතිකඩකත්,
කෝණයකත් නිර්මාණශීලී ව ගොඩනඟන්න පුළුවන්කම තියෙද්දි ඇයි අපි එයින්
ප්‍රයෝජන නොගන්නේ. උපහාසය, අපහාසය, සෝපාහාසය විතරක් නොවෙයි නිර්මාණාත්මක
දේ පවා බොහොම අපූරුවට ගොඩනඟන්න අපේ පැරණි සාහිත්‍ය ඇසුරෙන් ම පුළුවන්කම
තියාගෙනත් ඇයි අපි එය නොකරන්නේ. කාලය පමණක් වෙනස් වී සිද්ධි හැමදාමත්
සිදුවුණේ එක ම ආකාරයටයි. මම මතු කරන්නේ ඒ සත්‍යයයි.
සංලාපය -
සුමුදු චතුරාණී ජයවර්ධන
සේයාරුව - විමල් කරුණාතිලක
|