ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Hollywood News

සෝනම්ට දැන් හොඳටම හොඳයි

රසික පිරිසගේ ආදරය දිනාගත් ජනප්‍රිය නළුවෙකුට හෝ නිළියකට උණක්, හෙම්බිරිස්සාවක් හැදුණොත් එය ලොව පුරාම පැතිරෙන්නට ගත වෙන්නෙ තත්පර කිහිපයක් විතරයි. හැබැයි, විශේෂ වර්ගයක උණක් හැදුණොත් ඒ පුවත ලොව පුරා ලැව්ගින්නක් මෙන් පැතිරෙනවා විතරක් නොවෙයි, මිලියන ගණනක රසික සමූහයක් හඬවන්නටත් සමත් වෙනවා.

පසුගිය සතියේ බොලිවුඩ්පුරයෙන් පළවූ එබඳු පුවතක් නිසා බොලිවුඩ් චිත්‍රපට ලෝලීන්ගේ හදවත් සසල වුණා ය කීවොත් නිවැරැදියි. ඒ, ජනප්‍රිය යොවුන් නිළි සෝනම් කපූර්ට සූකර උණ වැලඳී ඇති බව දැනගන්නට ලැබීමෙන්. සෝනම්ට මේ මාරක උණ වැලඳී ඇත්තේ, ‘ප්‍රේම් රතන් ධාන් පායෝ’ නම්වූ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටිද්දීයි.

ඉන්දියාවේ ගෞඩාල් ප්‍රදේශයේදී මේ රූගත කිරිම් කටයුතු සිදුවෙද්දී සෝනම්ට තදබල ලෙස උණ රෝගයක් හටගෙන තිබෙනවා. වහාම ගුවන් යානයකින් මුම්බායි නුවරට රැගෙන පැමිණි සෝනම්ව කෝකිලාබෙන් නම්වූ පෞද්ගලික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන් කියා සිටියේ ඒ උණ, සූකර උණ කියලයි. ඇයට ඒ මොහොතේ කැස්සක් සහ හුස්ම ගැනීමේ අපහසු ගතියක් පැවැති බවයි වෛද්‍යවරු පැවසුවේ.

මේ වන විට ඉන්දියාවේ සූකර උණ වසංගතයක් බවට පත්වෙලා. විශාල පිරිසක් මේ රෝගයෙන් මිය ගිහින්. ඒ නිසා සෝනම්ට ඉක්මනින්ම ප්‍රතිකාර කෙරුණා. ඒ මොහොතේ ඇය අසල ඇගේ මව, සුනිතා සහ පියා ජනප්‍රිය නළු අනිල් කපූර් රැඳී සිටියා. ඔවුන් දෙදෙනා කීවේ සෝනම්ට වැලඳී ඇත්තේ සූකර උණ යැයි හඳුනා ගන්නට කලින් තමන්ට සෙම්ප්‍රතිශ්‍යාව සමඟ ළා උණක් පවතින බව ඇය පැවසූ බවයි.

සෝනම්ගේ අසනීප තත්ත්වය උත්සන්නව පවතිද්දී ඇගේ දෙමවුපියන් තම හිතවතුන් ගෙන් සහ රසික පිරිසගෙන් ඉල්ලා සිටියේ ඇය වෙනුවෙන් දේව පිහිට පතන ලෙසයි. ඒ අනුව බොහෝ පිරිසක් සෝනම් වෙනුවෙන් නොයෙකුත් පුද පූජා පැවැත්වූවා. පසුගිය සති අන්තය වන විට සෝනම්ගේ අසනීප තත්ත්වය හොඳ අතට හැරුණේ කාගේත් සිත්වලට සැනසුම් සුසුම් එක්කරමින්. තවත් සතියකින් පමණ ඇයට සුපුරුදු ලෙස වැඩ කටයුතුවල යෙදිය හැකියැයි පියා, අනිල් කපූර් පැවසුවේ තම දියණියට සුවය පැතූ සියලුම දෙනාට ස්තුති කරමින්.

‘ප්‍රීටි කළේ කැත වැඩක්’

පසුගිය වසරේ ජූනි මාසයේ 13 දා ජනප්‍රිය නිළි ප්‍රීටි සින්ටා, මුම්බායි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. තමන්ගේ පෙම්වතා වූ ව්‍යාපාරික නෙස් වාඩියා තමන්ට අතවර කළ බවටයි පැමිණිල්ලේ සටහන් වුණේ. ප්‍රීටි කියන හැටියට මේ අප්‍රසන්න සිදුවීම ඇතිවුණේ මුම්බායි හි පිහිටි වැන්කේඩ් ක්‍රීඩාංගණයේදී පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගයක් පැවැත්වෙන අතරතුරදීයි.

ඒ, 2014 මැයි 30 වැනිදායි. ප්‍රිටි පොලීසියෙහි පැමිණිලි කළේ ජූනි 13 දායි. මේ ගැන වැඩිදුර පරීක්ෂණ කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතිනවා.

“ප්‍රීටි පොලිසියේ පැමිණිල්ලක් කිරිම හරිම කැත දෙයක්. අපිව හෑල්ලුවට ලක්කිරිමක් එයින් සිද්ධ වෙලා තියෙනවා” මෙහෙම කීවේ නෙස් වාඩියායි. ඔහු තම හිටපු පෙම්වතිය ගේ පැමිණිල්ල ගැන එලෙස කතා කළේ මාස 8 කට පසුවයි. නෙස්ගේ එම ප්‍රකාශයෙන් පසුව මාධ්‍ය වෙත කරුණු දක්වමින් කතා කළේ, ඔහුගේ මව වන මොරීන් වාඩියා මහත්මියයි.

ඇය මෙලෙස කියා සිටියා... “අපි, තමන්ගේ පාඩුවේ ජීවත්වන මිනිස්සු. මාධ්‍යවලට හැම තිස්සෙම කතා කරන්න යන්නෙ නැහැ. ප්‍රීටි කරපු දේ නම් අපිට අනුමත කරන්න බැහැ.

ඒක හරිම පහත් වැඩක්. මේ කාරණය ගැන තවමත් පරීක්ෂණ කෙරෙන නිසා මීට වඩා වැඩි යමක් මම මේ වෙලාවෙදි කියන්න යන්නෙ නැහැ...” කවුරුත් දන්නා අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ‘කිංස් ලෙවන් පන්ජාබ්’ කණ්ඩායමේ සම අයිතිකරුවන් වන්නේ ප්‍රීටි සහ නෙස්.

‘බෙල්ල ගහල ගිය’ වැඩක්

බෙල්ල ගහල යන වැඩවලට තමයි, ජනප්‍රිය නළු රිතික් රෝෂන්වත් හසුවෙන්නේ. ඔහු එක්තරා චිත්‍රපටයක ප්‍රධාන චරිතයක දර්ශන කිහිපයක් රඟපාමින් සිටිද්දී තමයි මේ කරදරයට වැටුණේ.

චිත්‍රපටයේ නම ‘මොහෙන්ජෝ දාරෝ’, චිත්‍රපටවල ත්‍රාසජනක දර්ශන හෝ සටන් දර්ශන නිරූපණය කරන්න රිතික් පෙන්වන දක්ෂතාව සිනමා ප්‍රේක්ෂකයන් දන්නවා. ඔහු එවැනි ජවනිකා වෙනුවෙන් කැපවෙන්නේ තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව ගැන පවා නොතකමින්.

‘මොහෙන්ජෝ දාරෝ’ චිත්‍රපටයේ එක්තරා දර්ශනයක තවත් කිහිප දෙනෙකු සමඟ සටන් කරන්න රිතික්ට නියමිතව තිබුණා. ඔහු ඒ වෙනුවෙන් හොඳින් පුහුණු වුණා.

රූගත කිරීමේ කටයුතු සිදු කෙරුණේ ‘භුජ්’ ප්‍රදේශයේ. දැන් සියල්ල සූදානම්. අධ්‍යක්ෂවරයාගේ විධානය අනුව රිතික් සහ පිරිස සටන් ජවනිකාව ඇරැඹුවා. මෙහි දර්ශන කිහිපයක් රූගත කෙරුණත් සියල්ල මුළුමනින්ම රූගත කරන්න නොහැකි වුණේ අනපේක්ෂිතවයි. සටන නිරූපණය කරද්දී රිතික්ගේ බෙල්ල උළුක්කු ‍වුණා.

රිතික්ට බෙල්ල හොල්ලන්නවත් බැරිවූ බවයි චිත්‍රපට කණ්ඩායමේ ශිල්පියකු පැවසුවේ. ඉක්මනින්ම වෛද්‍යවරයකු හමුවූ රිතික්ට උපදෙස් ලැබුණේ දින කිහිපයක් ගතවනතුරු නිවෙසට වී විවේක ගන්නා ලෙසයි. මේ හේතුවෙන් අධ්‍යක්ෂවරයාට සිදුවුණේ ‘මොහෙන්ජෝ දාරෝ’ චිත්‍රපටයේ රුගත කිරීම් සති කිහිපයකට නවතා දමන්නයි. රිතික් මේ චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂවරයාගේ සහාය අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කළ බවයි දැන ගන්නට ලැබුණේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්