සුමිගෙන් අහන්න
සුමිගෙන් අහන්න
දිලිප් කුමාර්
ලංකාවට
පැමිණියේ කවදා ද?
දෙහිවල ජේ. එච්. කුමාරසිංහ
ප්රශ්නය - අමරදේව නමින් පාරක් නම්කර නැතැයි ඔබ කියා සිටියත් මොරටුව පරණ ගාලු
පාර ආරම්භ වන ස්ථානයේ සිට එතුමා නමින් පාරක් නම්කර තිබෙන බව සඳහන් කරමි.
පිළිතුර - අප නිවැරැදි කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි.
කුලියපිටියේ ජයසේන අතපත්තු
ප්රශ්නය - ‘සප්ත කන්‍යා’ චිත්‍රපටයට රූකාන්ත ගුණතිලක ගයන ‘සුවඳ දැනී දැනී
දැනෙනවා’ ගීතයේ රචනය හා සංගීතය කාගෙ ද?
පිළිතුර - රචනය අජන්තා රණසිංහ, සංගීතය රෝහණ වීරසිංහ.
මහරගම නීලම්මහර අනුරුද්ධ හේවාපන්න
ප්රශ්නය - ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යයේ එන ගීත රචනා
කාගෙ ද?
පිළිතුර - රත්න ශ්‍රී විජේසිංහගේ.
මාතලේ ධර්මා ඒකනායක
ප්රශ්නය - ඉන්ද්‍රානි පෙරේරා ගයන ‘නෙත් යුග රන්තරු යුවළ තමයි’ ගීතයේ පදමාලාව හා
සංගීතය කාගෙ ද?
පිළිතුර - පදමාලාව හේම ශ්‍රී ද අල්විස්ගේ. සංගීතය වික්ටර් දළුගමගේ.
දකුණු කළුතර තොටුපළ පාරේ සිරි අබේසේකර
ප්රශ්නය - ටෙලි නාට්‍ය නළු බිමල් ජයකොඩිගේ ලිපිනය සොයා දෙන්න.
පිළිතුර - 39/3, ගංගාරාම පාර, වේරහැර, බොරලැස්ගමුව.
වස්කඩුව දෙදියවල ගාමිණි ගුණතිලක
ප්රශ්නය - ‘පූනාම් කී රාත්’ හින්දි චිත්‍රපටය සංගීතවත් කළේ කවුද?
පිළිතුර - සලීල් චෞද්රි.
කිරිඳිවැල අනුපමා දබරේරා
ප්රශ්නය - මාලිනි ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, නීටා ප්‍රනාන්දු, අනෝජා
වීරසිංහ, ගීතා කුමාරසිංහ අතරින් දක්ෂතම සිනමා නිළියන් කවුදැයි
අනුපිළිවෙළින් කියන්න.
පිළිතුර - ඔබ ප්රශ්නය අසා ඇති නම් අනුපිළිවෙළට අනුව තමයි මගේ උත්තරේත්.
ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි
ප්රශ්නය - සරත් බාලසූරිය සංගීතවත් කළ චිත්‍රපට මොනවා ද?
පිළිතුර - සිකුරු දසාව, ජෝඩු වළලු, සතර පෙර නිමිති, පෙති ගෝමර, කුණ්ඩලකේශී,
රක්තා, සුගන්ධි.
කොටුගොඩ නිවාසිපුර රෙක්ස් රූපසිංහ
ප්රශ්නය - හින්දි නළු දිලිප් කුමාර් ලංකාවට පැමිණ තිබේ ද? ඒ කුමක් සඳහා ද?
පිළිතුර - 1952 දී ඔහු ලංකාවට ආවා. ඒ ‘ආන්’ චිත්‍රපටයේ මංගල දර්ශනය වෙනුවෙන්.
ප්‍රේම්නාත්, නිම්මි යන නළු නිළියන් ද එදා දිලිප් සමඟ ආවා.
පිළියන්දල මිරිස්වත්තේ චාමර විජේසිංහ
ප්රශ්නය - ජාතික රූපවාහිනි සංස්ථාව පිළිබඳ ඔබේ අදහස් දක්වන්න.
පිළිතුර - ඒ සම්බන්ධයෙන් මට විශේෂ අදහසක් නැහැ චාමර.
කුලියපිටියේ ජයසේන අතපත්තු
ප්රශ්නය - ‘සුවඳයි මුවේ මල් පැනි’ ගීතය රූකාන්ත ගුණතිලකට පෙර ගැයු මුල්
ගායකයා කවුද?
පිළිතුර - සුමිත් අහංගම.
මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. බේරුවල එල්. චන්ද්‍රසිරි පීරිස්, මඩකළපුවේ ඩුෂානි
තාරුකා සසිදරන්.
|