ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ජාතික සිනමාව අනතුරේ

ජාතික සිනමාව අනතුරේ

ලෝකයේ බොහෝ රටවල සිදුවූවාක් පරිදි අපේ ජාතික සිනමාව ද කෙමෙන් විනාශ වෙමින් පවතින බවක් පෙනෙන්ට තිබෙනවා. එය ස්වභාවිකව නොව දැනුවත්ව සිදුවන්නක් ලෙසයි හඳුන්වන්න පුළුවන් වන්නේ.

දැනට ලෝකයේ විවිධ රටවල ජාතික සිනමාව විනාශ වෙලා. කලකට ඉහත ලංකාවට පැමිණි අන්තර් ජාතික චිත්‍රපට විචාරක සම්මේලනයේ (FIPRESCI) ප්‍රධාන ලේකම් වූ ක්ලවුස් ඊඩර් දේශනයක් පවත්වමින් කියා සිටියේ තුර්කිය, හංගේරියාව, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය පමණක් නොව රුසියාවේ පවා ජාතික සිනමාව බිඳ වැටී ඇති බවයි. මෙය හොලිවුඩ් ආධිපත්‍යය විසින් ඇතිකරනු ලැබ ඇති තත්ත්වයක් ලෙසයි ඔහු හැඳින්වූයේ.

“ජර්මනියේ සංඛ්‍යා ලේඛන අනුව සිනමාහල්වල ආදායමෙන් 90% ක් ලැබෙන්නේ ඇමෙරිකන් චිත්‍රපටවලින්. ජර්මන් චිත්‍රපටවලින් 5% යි.” යනුවෙන් ඉහත දේශනයේදී ක්ලවුස් ඊඩර් කියා සිටියා මට මතකයි. ඇත්තටම ඉතාලි නව යථාර්ථවාදය, ප්‍රංශ නවරැල්ල පවා විනාශ කළේ ඇමෙරිකානු චිත්‍රපට බෙදාහරින්නන්. එබඳු බරපතළ චෝදනාවක් එල්ල කළේ බ්‍රසීලයේ විශිෂ්ටතම සිනමාකරුවා වන ග්ලෝබර් රෝෂා.

2005 දී විතර පෝලන්ත සිනමාවේ දැවැන්තයකු වූ ආන්ද්‍රේ වජ්ඩා ද ඇමෙරිකන් ආධිපත්‍යයට එරෙහිව කතා කළා. ඒ අනුව පෝලන්ත සිනමාවත් මේ ආධිපත්‍යයේ ගොදුරක්.

අපේ සිනමා කර්මාන්තය කෙරෙහි ඇමෙරිකාව බල පාන්නේ කොහොම ද? මේකට හොඳ උදාහරණයක් මට සිහියට නඟන්න පුළුවන්. 1990 දී චිත්‍රපට ආනයනය විවෘත කරන්නැයි ඇමෙරිකාව අපේ රටට බල කර කිව්වා. ඒක කිව්වේ පැරිසියේ පවත්වන්ට යෙදුණු ලංකාවට ආධාර දීමේ ජාත්‍යන්තර සමුළුවේදි ඇමෙරිකානු දූත පිරිස විසින්. මෙයින් සාක්ෂාත් වන කාරණාව වන්නේ චිත්‍රපට ආනයනය විවෘත කිරීම ලංකාවට ණය දීම කෙරෙහි පවා තීරණාත්මකව බලපාන බවයි. ආනයනය නිදහස් කිරීමෙන් ඉනික්බිතිව එක දිගට ගලාගෙන ආවේ ඇමෙරිකානු චිත්‍රපට. දේශීය චිත්‍රපටවලට ණය දීම අත්හිටවුණා. එම චිත්‍රපටවලට නොයෙක් බාධා එන්ට පටන්ගත්තා.

අද දේශීය චිත්‍රපටවලට ණය දීමක් සිදු නොවන තරම්. එලෙස ණය දීම කෙසේ වෙතත් අද චිත්‍රපට සංස්ථාව පවා යැපෙන්නේ මහා භාණ්ඩාගාරික වාර්ෂිකව වෙන් කරන මුදලකින්. සංස්ථා සේවකයන්ට පඩිනඩි ගෙවන්නේ ඒ මාර්ගයෙන්.

ඇත්තටම චිත්‍රපට සංස්ථාවට ස්වාධීනව යැපෙන්න බැරි ද? එහෙම යැපිලා දේශීය චිත්‍රපටවලට ණය දෙන්න බැරි ද? ණය දීලා ජාතික සිනමාව දියුණු කරන්න බැරි ද? මං කියන්නේ පුළුවන් කියලයි. මේකට අවශ්‍ය වන්නේ අලුත් විදියට හිතලා නව කළමනාකරණයකින් යුතුව කටයුතු කරන පාලක පිරිසක්. විනෝද බද්ද චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම, සිනමා කර්මාන්තය වෙනුවෙන් ලොතරැයියක් ආරම්භ කිරීම වැනි ව්‍යාපෘති ඔස්සේ ජාතික සිනමාව නංවන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒක ඇමෙරිකානු ආධිපත්‍යයට එරෙහිව අපේ සිනමා කර්මාන්තය තහවුරුව පිහිටන්න ලොකු අනුබලයක් වේවි.

හොලිවුඩ් චිත්‍රපට පමණක් නොව බොලිවුඩ් හා කොලිවුඩ් (දෙමළ) චිත්‍රපට ආක්‍රමණය ද අපිට තිබෙන බරපතළ තර්ජනයක්. අද අපේ රූපවාහිනි නාළිකාවල මොනතරම් ඉන්දීය චිත්‍රපට විකාශය වෙනව ද? ඒත් ඊට සාපේක්ෂව ඉන්දීය රූපවාහිනි නාළිකා එකක්වත් සිංහල චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය මිලදී ගන්නේ නැහැ. මේක ඉතාම අගතිගාමි තත්ත්වයක්.

ජාතික ප්‍රතිපත්තියක් මත අපේ සිනමා කර්මාන්තය නියාමනය නොකළොත් ඉතා නුදුරු කලෙකදි දේශීය සිනමාවක් කියා දෙයක් නැත්තටම නැතිවෙන්න ඇති ඉඩකඩ බහුල බව අවසාන වශයෙන් සඳහන් කරන්න කැමැතියි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්