කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සුමිගෙන් අහන්න

සුමිගෙන් අහන්න

දිලිප් කුමාර් ලංකාවට පැමිණියේ කවදා ද?

දෙහිවල ජේ. එච්. කුමාරසිංහ

ප්‍රශ්නය - අමරදේව නමින් පාරක් නම්කර නැතැයි ඔබ කියා සිටියත් මොරටුව පරණ ගාලු පාර ආරම්භ වන ස්ථානයේ සිට එතුමා නමින් පාරක් නම්කර තිබෙන බව සඳහන් කරමි.

පිළිතුර - අප නිවැරැදි කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි.

කුලියපිටියේ ජයසේන අතපත්තු

ප්‍රශ්නය - ‘සප්ත කන්‍යා’ චිත්‍රපටයට රූකාන්ත ගුණතිලක ගයන ‘සුවඳ දැනී දැනී දැනෙනවා’ ගීතයේ රචනය හා සංගීතය කාගෙ ද?

පිළිතුර - රචනය අජන්තා රණසිංහ, සංගීතය රෝහණ වීරසිංහ.

මහරගම නීලම්මහර අනුරුද්ධ හේවාපන්න

ප්‍රශ්නය - ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යයේ එන ගීත රචනා කාගෙ ද?

පිළිතුර - රත්න ශ්‍රී විජේසිංහගේ.

මාතලේ ධර්මා ඒකනායක

ප්‍රශ්නය - ඉන්ද්‍රානි පෙරේරා ගයන ‘නෙත් යුග රන්තරු යුවළ තමයි’ ගීතයේ පදමාලාව හා සංගීතය කාගෙ ද?

පිළිතුර - පදමාලාව හේම ශ්‍රී ද අල්විස්ගේ. සංගීතය වික්ටර් දළුගමගේ.

දකුණු කළුතර තොටුපළ පාරේ සිරි අබේසේකර

ප්‍රශ්නය - ටෙලි නාට්‍ය නළු බිමල් ජයකොඩිගේ ලිපිනය සොයා දෙන්න.

පිළිතුර - 39/3, ගංගාරාම පාර, වේරහැර, බොරලැස්ගමුව.

වස්කඩුව දෙදියවල ගාමිණි ගුණතිලක

ප්‍රශ්නය - ‘පූනාම් කී රාත්’ හින්දි චිත්‍රපටය සංගීතවත් කළේ කවුද?

පිළිතුර - සලීල් චෞද්රි.

කිරිඳිවැල අනුපමා දබරේරා

ප්‍රශ්නය - මාලිනි ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, නීටා ප්‍රනාන්දු, අනෝජා වීරසිංහ, ගීතා කුමාරසිංහ අතරින් දක්ෂතම සිනමා නිළියන් කවුදැයි අනුපිළිවෙළින් කියන්න.

පිළිතුර - ඔබ ප්‍රශ්නය අසා ඇති නම් අනුපිළිවෙළට අනුව තමයි මගේ උත්තරේත්.

ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි

ප්‍රශ්නය - සරත් බාලසූරිය සංගීතවත් කළ චිත්‍රපට මොනවා ද?

පිළිතුර - සිකුරු දසාව, ජෝඩු වළලු, සතර පෙර නිමිති, පෙති ගෝමර, කුණ්ඩලකේශී, රක්තා, සුගන්ධි.

කොටුගොඩ නිවාසිපුර රෙක්ස් රූපසිංහ

ප්‍රශ්නය - හින්දි නළු දිලිප් කුමාර් ලංකාවට පැමිණ තිබේ ද? ඒ කුමක් සඳහා ද?

පිළිතුර - 1952 දී ඔහු ලංකාවට ආවා. ඒ ‘ආන්’ චිත්‍රපටයේ මංගල දර්ශනය වෙනුවෙන්. ප්‍රේම්නාත්, නිම්මි යන නළු නිළියන් ද එදා දිලිප් සමඟ ආවා.

පිළියන්දල මිරිස්වත්තේ චාමර විජේසිංහ

ප්‍රශ්නය - ජාතික රූපවාහිනි සංස්ථාව පිළිබඳ ඔබේ අදහස් දක්වන්න.

පිළිතුර - ඒ සම්බන්ධයෙන් මට විශේෂ අදහසක් නැහැ චාමර.

කුලියපිටියේ ජයසේන අතපත්තු

ප්‍රශ්නය - ‘සුවඳයි මුවේ මල් පැනි’ ගීතය රූකාන්ත ගුණතිලකට පෙර ගැයු මුල් ගායකයා කවුද?

පිළිතුර - සුමිත් අහංගම.

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. බේරුවල එල්. චන්ද්‍රසිරි පීරිස්, මඩකළපුවේ ඩුෂානි තාරුකා සසිදරන්.

ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]