ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ශ්‍රීපාද වන්දනාකරුවනට පැනඩෝල් සහනය

ශ්‍රීපාද වන්දනාකරුවනට පැනඩෝල් සහනය

ස්මිත්ක්ලයින් බීචම් සමාගමේ ප්‍රධානතම වෙළෙඳ සන්නාමය වන පැනඩෝල් පසුගිය දා ශ්‍රීපාද වන්දනාකරුවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක නිරත විය. ඒ අනුව සිය ප්‍රධානතම ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය වන ‘පැනඩෝල් සුව සවිය’ යටතේ එම වන්දනාකරුවන් වෙනුවෙන් ප්‍රථමාධාර හා සහන කඳවුරක් පැවැත්වීමට පැනඩෝල් කටයුතු කළේ ය. දිවයිනේ නන් දෙසින් ශ්‍රීපාද පින්බිමට ඇදී ආ දහස් සංඛ්‍යාත ජනකායකට දින 5 ක් පුරා සහනය ගෙන ඒමට මෙම සහන කඳවුර සමත් විය.

පැනඩෝල් සුව සවිය සහන කඳවුර වෙත වන්දනාකරුවෝ 1200 ක් පමණ සහනය පතා පැමිණියහ. ඊට අමතරව එමඟින් බැතිමතුන් 220,000 කට පමණ වක්‍රව සෙත සැලසුණු බවට ගණන් බලා තිබේ. නල්ලතන්නිය පොලිස් ස්ථානයට යාබදව පිහිටා තිබූ එම සියලු පහසුකම් සහිත සහන මධ්‍යස්ථානය තුළදී ප්‍රථමාධාර හා සහන සේවා සපයන ලදී. කඳවුර සඳහා ඇඳන් සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් සපයා තිබූ අතර දවස පුරා බැතිමතුන්ට සහනය සැලසීමට පුහුණුවලත් ප්‍රථමාධාර සහායකවරු සූදානමින් සිටියහ.

පසුගිය කාලය පුරා ‘පැනඩෝල් සුව සවිය’ වැඩපිළිවෙළ යටතේ සමාජ සත්කාර ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට පැනඩෝල් කටයුතු කළේ ය. මේ අතරින් රටේ වැදගත් ආගමික හා සංස්කෘතික උත්සව ඉලක්ක කරගෙන සහන කඳවුරු පැවැත්වීම බෙහෙවින් කැපී පෙනේ. මේ වන විට අනුරාධපුර, මිහින්තලේ, තන්තිරිමලේ, මහනුවර, නල්ලූර් සහ තලවිල යනාදී ප්‍රදේශවල එසේ සහන කඳවුරු පවත්වා ඇත. මෙය දැනටමත් මෙරට මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට සමීප වැඩසටහනක් වී ඇති අතර ඉදිරියේදීත් එය පැනඩෝල් සහ ශ්‍රී ලාංකිය ජනතාව අතර ඇති බැඳීම තවදුරටත් තහවුරු කරන සාධකයක් වනු නිසැක ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්