ලෝක මොබයිල් කොංග්‍රසයේ දී හුආවෙයි
ලෝක මොබයිල් කොංග්‍රසයේ දී හුආවෙයි
නව සන්නම් නාම සංකල්පය හඳුන්වා දෙයි
 |
හුආවෙයි පාරිභෝගික ව්‍යාපාර සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී
රිචඩ් යූ. |
හුආවෙයි පාරිභෝගික ව්‍යාපාර සමූහය නව මාදිලියේ මොබයිල් උපකරණ රැසක් සමඟ
එහි නවතම සන්නම් නාම සංකල්පය වන “Dreams Inspire Creativity”
හඳුන්වා දෙමින් 2015
ලෝක මොබයිල් කොංග්‍රසයේ දී පාරිභෝගිකයන්ට නව තාක්ෂණික අත්දැකීමක්
පිරිනමන ලදී. සිහින සහ නව්‍යකරණයේ බලය ලෙස නම් කර ඇති මෙම නව සන්නම් නාම 2.0
සංකල්පය අභ්‍යන්තර අධ්‍යාත්මික අභිප්‍රේරණය සන්නිවේදනය කරන අතර
පාරිභෝගිකයන් සමඟ හැඟීම්බර සම්බන්ධතාවක් ගොඩනඟයි.
හුආවෙයි සමාගමේ ටර්මිනල අංශ ප්‍රධානී හෙන්රි ලියුෆුලි මහතා මෙම නව සංකල්පය
පිළිබඳ කතා කරමින්, “හුආවෙයි අරමුණ වනුයේ ගුණත්වය, අත්දැකීම් සහ උසස් සේවාව
සමඟ ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරව ප්‍රචලිත හොඳ සන්නම් නාමයක්
ගොඩනැගීමෙහිලා වූ අපගේ ප්‍රධාන උපාය මාර්ගය කෙරේ අඛණ්ඩව අවධානය යොමු කිරීම
සැබෑ ජාත්‍යන්තර තරගකරුවකු බවට පත්වීම ය.”
අපගේ සියලුම ජයග්‍රහණයන් පිටුපස තිබෙන ශක්තිමත්ව අභියෝගයන්ට මුහුණ දීමේ
අප සතු හැකියාව ස්මාර්ට් ෆෝන් සන්නම් නාම අතරින් හුආවෙයි නාමය ශ්‍රී ලංකාවේ
දෙවැනි ස්ථානයට ගෙන ඒමට හේතු විය. අපි අඛණ්ඩව නව්‍යතාවයක් බිහි කරමින්
අනාගතයේ දීත් අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් කළ නොහැකි යැයි සිතන දේවල් කළ හැකි
දේවල් බවට පත් කරන්නෙමු.”
|