බ්ලු ඕෂන් ගෲප් ISO සහතිකය දිනයි
බ්ලු ඕෂන් ගෲප්
ISO
සහතිකය දිනයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නමක් දිනා ඇති බ්ලු ඕෂන් ගෲප් ඔෆ් කම්පැනීස් ආයතනය,
පසුගිය දා අයිඑස්ඕ 9001 : 2000 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලැබීය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් සෙනෙවීර මහතා විසින් මීට
අදාළ ප්‍රමිති සහතිකය බ්ලු ඕෂන් ගෲප් ඔෆ් කම්පැනීස් ආයතනයේ සභාපති එස්.
තුමිලන් මහතා වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේදී ලබාදෙන ලදී.
2011 ජුලි මස අරඹන ලද බ්ලු ඕෂන් ආයතනය, ඉදිකිරීම්, අධ්‍යාපන, නිවාස,
ඉදිකිරීම් ඇඟලුම්, ආයෝජන කම්හල්, සංචාරක ගෘහ භාණ්ඩ ආදි ක්ෂේත්‍රවල තත්ත්ව
සහතික රැසක් දිනා ඇත.
සිස්ටම් කෙයා ඉන්ටර්නැෂනල් ආයතනයේ උපදෙස් පරිදි කෙටි කාලයක් තුළ ආයතනයේ
තත්ත්වය කළමනාකරණ පද්ධතිය අයිඑස්ඕ 9001 : 2000 මට්ටම එසවීමට හැකි විය.
බ්ලූ ඕෂන් ගෲප් ඔෆ් කම්පැනිස් ආයතනය, මඟින් ඉඳි කරන ලද මහල් නිවාස ව්‍යාපෘති
රාශියකි. ඒ අතර නුගේගොඩ රේල්වේ ඇවනිව්, ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්, දෙහිවල
බම්බලපිටිය කොල්ලුපිටිය ආදි ප්‍රදේශවල ඉඳිකරන ලද අර්ධ සුඛෝපභෝගී හා
සුඛෝපභෝගී නිවාස සංකීර්ණ රැසක් වෙයි.
නිශානී ලසිතා හේරත් බන්නැහැක
|