එක්ස්පෝ ලංකා උපහාර ලබයි
එක්ස්පෝ ලංකා උපහාර ලබයි

එක්ස්පෝ ලංකා සමූහය පසුගියදා පැවති ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උලෙළේ දී
බහුවිධකරණය වූ සංවිධාන අංශයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
එක්ස්පෝලංකා සමූහය මෙම සම්මානය දිනා ගත්තේ දෙවන වතාවටයි. වරලත් සහතිකලත්
ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් මෙම සම්මාන උලෙළ
සංවිධානය කරනු ලබයි. ACCA සම්මාන උලෙළේදී විවිධ අංශ 7 කින් ව්‍යාපාරික ආයතන 14
ක් ඇගයීමට ලක්කරන ලදි. තමන් ක්‍රියාත්මක වන රට තුළ සිය පාරිසරික, සමාජයීය
හෝ පූර්ණ තිරසාරත්ව තොරතුරු වාර්තා කරන සංවිධාන ඇගයීමට හා සම්මානයට පාත්‍ර
කිරීම මෙම සම්මාන උලෙළේ අරමුණ වේ.
අලෙවි, ආයතනික සන්නිවේදන හා ආයතනික සමාජ වගකීම් අංශයේ ප්‍රධානී පැඩී
වීරසේකර මහතා අදහස් දක්වමින් පැවසුවේ, “තිරසාරත්වය අපේ ව්‍යාපාරයේ හදවත
බඳුයි. GR14 මාර්ගෝපදේශයන්ට අනුව තිරසාරත්ව ක්‍රමෝපාය සහ භාවිතයන් වෙත
අනුගත වීමට පාරදෘශ්‍ය අනාවරණයන් වෙත ඇති කැපවීම අපට මඟ පෙන්වනවා.
පාරිසරික බලපෑම, සමාජයීය වගකීම්, තොරතුරු තාක්ෂණ පාලනය සහ මානව ප්‍රාග්ධන
සංවර්ධනය වැනි අංශ ගණනාවක් අපේ තිරසාරත්ව ක්‍රමෝපාය යටතේ ආවරණය වෙනවා. මෙම
සම්මානය අප වෙත ලැබුණු විශාල ගෞරවයක් සේ අපි සලකනවා.” යනුවෙනි.
තිරසාර සංවර්ධනය, එහි බලපෑම්, GR14 මාර්ගෝපදේශනයන් ඇතුළු මූලික
කාර්යසාධක දර්ශක අනුබද්ධ ගණනය කළ ප්‍රතිඵල සහ බාහිර මිනුම් පිළිබඳව
සහභාගිවන ආයතන විසින් ලබා දෙන විස්තරාත්මක පැහැදිලි කිරීම් භාවිත කරමින්
ACCA ශ්‍රී ලංකා ආයතනය තිරසාරාත්මක වාර්තාකරණයන් පිළිබඳව නිශ්චය කිරීම්
සිදුකරයි.
ශ්‍රී ලංකාවේ වගකීම් සහගත සමාගම් සමූහයක් වශයෙන් එක්ස්පෝ ලංකා සමාගම තිරසාර
පිළිවෙත් සිය ව්‍යාපාර මෙහෙයුම් හා ඒකාබද්ධ කර එහි සාමාජීය, පාරිසරික හා
ආර්ථිකමය ප්‍රතිලාභ සිය සේවකයින්ට, ප්‍රජාවන්ට හා අනෙකුත් හවුල්කරුවන්ට
ලබා දීමට නිරන්තරයෙන්ම කටයුතු කරයි.
|