ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


වටවල වැවිලි සමාගමට රුපියල් මිලියන 409ක ශුද්ධ ලාභයක්

වටවල වැවිලි සමාගමට රුපියල් මිලියන 409ක ශුද්ධ ලාභයක්

වටවල වැවිලි සමාගම ඉකුත් දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන මාස 9 තුළ බිලියන 5.3ක පිරිවැටුමක් වාර්තා කර ඇති බව එම ආයතනය නිකුත් කළ මූල්‍ය වාර්තාව පෙන්වා දෙයි. මෙය 2013 වසර සමඟ සංසන්දනය කරන විට 16.6%ක වාර්ෂික වර්ධනයක් ලෙස වාර්තා වේ. පසුගිය වසරේ මෙම වකවානුව තුළ ආයතනය බදු ගෙවීමෙන් පසු මිලියන 311ක ලාභයක් ලබාගත් අතර මේ වසර තුළ බදු ගෙවීමෙන් පසු උපයා ගත් ලාභය මිලියන 409ක් වේ.

වටවල ආයතනය විවිධ කාලගුණ අභියෝගවලට මුහුණ දුන්න ද එහි පාම් තෙල් අංශය එම ආයතනයේ මෙම දියුණුවට මහත් ඉවහලක් විය. මේ අංශයෙන් ආයතනය මිලියන 593ක ලාභයක් ලැබු අතර මෙයින් තේ සහ රබර්වලින් ලැබු පාඩුව පිරවීමට හැකිවිණි.

මේ වසරේ තුන්වැනි කාර්තුව තුළ ආයතනය ලබා ඇති ශුද්ධ ලාභය මිලියන 147ක් වන අතර එය පෙර වසර හා සැසඳීමේදී 20%ක පහළ බැසීමක් ලෙස වාර්තා වේ. මෙයට මූලික හේතුව වූයේ තේ සහ රබර් අංශ මුහුණදුන් අයහපත් කාලගුණ තත්ත්වයන් බව ආයතනය සඳහන් කරයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්