කලර්ස් මොබයිල් ජංගම දුරකථන පෙළක්
කලර්ස් මොබයිල් ජංගම දුරකථන පෙළක්
ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයේ නව්‍ය තාක්ෂණික යෙදවුම් සමඟ හඳුන්වාදෙන කලර්ස්
මොබයිල් නවතම ජංගම දුරකථන පෙළක් හඳුන්වා දෙයි. ජංගම දුරකථන ක්ෂේත්‍රයේ නවීන
තාක්ෂණික යෙදවුම් හඳුන්වාදීමට පමණක් සීමා නොවුණු ගෙවන මුදලට උපරිම
තාක්ෂණික විසඳුම් ලබාදෙන නිෂ්පාදන මාදිලි සිය පාරිභෝගිකයින් අතට පත්
කිරීමට උත්සාහ දැරීම කලර්ස් මොබයිල් හි තවත් සුවිශේෂිතාවයකි.
ඒ යටතේ කලර්ස් මොබයිල් 3ජී ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය පාදක කරගත් ලොව විස්මිත නවතම
විශේෂාංග ඇතුළත් X 18 සහ X 28 යනුවෙන් නව ස්මාට් ජංගම දුරකථන මාදිලි දෙකක්
පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය.
X 18 Hero ඇන්ඩ්‍රොයිඩ්
ස්මාට් ජංගම දුරකථන භාවිතා කරන්නන් අතරට ප්‍රවේශ වීම අපේක්ෂාවෙන් පසුවන
පුද්ගලයින් සඳහා දැරිය හැකි මිල ගණන් යටතේ ලබාගැනීමේ හැකියාව පවතී. සිම්පත්
දෙකක් භාවිතා කිරීමේ පහසුකම් සහිත ඇන්ඩ්‍රොයිඩ් 2.3.5 කාණ්ඩයට අයත් වන අතර
කැමරා දෙකම බලගැන්වෙන ගිගාහර්ට්ස් එකක ප්‍රොසෙසරයක්, මෙගා බයිට් 256 ක රැම්
එකක් සහ මෙගා බයිට් 512 ක රොම් එකකින් ද සමන්විත වේ.
|