ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


වර්ල්පූල් නිෂ්පාදන ගෙන්වා බෙදාහැරීමට සොෆ්ට්ලොජික් සූදානම්

වර්ල්පූල් නිෂ්පාදන ගෙන්වා බෙදාහැරීමට සොෆ්ට්ලොජික් සූදානම්

ලොව විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙළෙඳ නාමයක් වන වර්ල්පූල් සමඟ විශේෂ ගිවිසුමකට එළඹීමට සොෆ්ට්ලොජික් රීටේල් සමාගම පසුගියදා කටයුතු කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ සඳහා වර්ල්පූල් නිෂ්පාදන ගෙන්වා බෙදාහැරීමට එම සමාගම කටයුතු කරනු ඇත. සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් රීටේල් සමාගම හරහා මින් ඉදිරියට වර්ල්පූල් නාමය යටතේ එන මුළුතැන්ගේ උපකරණ, රෙදි සෝදන යන්ත්‍ර, වියළන යන්ත්‍ර, ශීතකරණ, අධිශීතකරණ, අයිස් නිෂ්පාදන යන්ත්‍ර, පිඟන් සෝදන යන්ත්‍ර, විදුලි උඳුන්, මයික්‍රෝවේව් උදුන්, වායු සමීකරණ යන්ත්‍ර, ජලය පිරිසුදු කිරීමේ යන්ත්‍ර ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට පැමිණීමට නියමිත ය.

වසර ගණනාවක් තිස්සේ මෙරට අලෙවි ක්ෂේත්‍රය තුළ පෙරළියක් සිදුකරමින් ලොව ඉහළම තලයේ නිෂ්පාදන මෙරටට ගෙන්වා බෙදාහරින සමාගමක් ලෙස කීර්ති නාමය දිනා ගැනීමට සොෆ්ට්ලොජික් සමාගම සමත් වී තිබේ. හොඳම මට්ටමේ සේවාවක් සමඟින් පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සාධාරණ මිලට ලොව ඉහළම තලයේ නිෂ්පාදන පහසුවෙන් ලබා ගැනීම අවස්ථාව සලසා දීම සොෆ්ට්ලොජික් සමාගමේ ප්‍රධාන ඉලක්කය වී ඇත.

පාරිභෝගිකයන් අතර මෙතරම් ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමාගම සමත් වී ඇත්තේ එහෙයිනි.

වසර පුරා විවිධාකාරයේ වට්ටම් හා දීමනා ලබාදෙන අතරම පාරිභෝගිකයන්ට තම අතේ ඇති මුදලට භාණ්ඩ මිලදී ගත හැකි වන පරිදි පහසු ගෙවීමේ ක්‍රම රැසක් තිළිණ කිරීමට ද සොෆ්ට්ලොජික් කටයුතු කරයි. එමෙන්ම මෙරට ප්‍රධාන පෙළේ බැංකු සියල්ලෙන්ම පාහේ නිකුත් කරනු ලබන ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මෙම ගෙවීම් ක්‍රම වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතී. සුපිරි තලයේ අලෙවියෙන් පසු සේවය සහ අසමසම සොෆ්ට්ලොජික් වගකීම ආදී සාධක නිසා පාරිභෝගිකයන්ට තම ආයෝජනය පිළිබඳව කිසිඳු චකිතයක් නොමැතිව භාණ්ඩ මිලදීගත හැකි වේ.

වර්ල්පූල් සමඟ ඇතිකර ගත් මෙම ගිවිසුම පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවැසී ය.

“මේ ආකාරයට වර්ල්පූල් වැනි ලොව ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාමයක් සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම අපට විශාල සතුටක්. වර්ල්පූල් නිෂ්පාදනවල විශිෂ්ටත්වය හා නිර්මාණශීලී බව වැනි සාධක නිසා ඒවා ලොව පුරා පාරිභෝගිකයන් මිලියන ගණනකගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා.”

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්