මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

රනිල් හා චන්ද්‍රිකා බලයට ආවොත් දෙමළ, මුස්ලිම් පක්ෂවල මල්ල කරේ

රනිල් හා චන්ද්‍රිකා බලයට ආවොත් දෙමළ, මුස්ලිම් පක්ෂවල මල්ල කරේ

ප්‍රවීණ දේශපාලන විද්‍යාඥ ආචාර්ය දයාන් ජයතිලක

දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සුළු ජාතික පක්ෂ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය ලබා දෙන්නේ සිය පක්ෂවල කණ්ඩායම් හෝ ආගමික කණ්ඩායම්වල අවශ්‍යතා ඉටුකර ගැනීමේ අභිලාෂය පෙරදැරිවයි. ඔවුන්ගේ ප්‍රතිඥා මතුපිටින් ඉතා අහිංසක සරල ආකාරයට පෙනී ගියත් එහි ඉතා භයානක දේ ඇති බව පැහැදිලියි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව එනම් විධායක බලතල ජනාධිපතිවරයාගෙන් ඉවත් කොට පාර්ලිමේන්තුවට පැවැරීම තුළ සුළු ජාතික පක්ෂවලට ලැබෙන බලතල පිළිබඳවම ඔවුන් පැහැදිලි වශයෙන් දැනුම්වත් වී ඇත.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විග්නේෂ්වරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය විසින් කළ විවේචනය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසා පළාත් ආණ්ඩුකාරවරුන් හරහා එම බලතල ක්‍රියාත්මක වන නිසා පළාත් සභාවල ස්වායත්ත භාවය මදි බවයි.

විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වන තාක් කල් ඔවුන්ට බලතල සෘජුව නොලැබෙන බවත් ඒ සාධක ඉවත් කරන්නේ නම් පළාත් සභාවලට සෘජුව බලතල සේන්දු වීමක් සිදුවන බවත් ඒ අනුව මීට වඩා වෙනස් ආකාරයකට ක්‍රියාත්මක විය හැකි බවත් ඔවුන්ගේ වැටහීම විය හැකියි.

මා මෙහිදී කියන්නේ රහස් ගිවිසුම් පිළිබඳව නොවෙයි. මතුපිටින් පෙනෙන්නට ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥාව මත විය හැකි දේයි. මධ්‍යම රජයේ බලය හකුළුවා පරිවාර රාජ්‍ය මත රටේ මූලික රාජ්‍ය රාමුවේ බලය ඒකරාශි වීමක් මේ තුළ සිදුවනු ඇත.

මෙය ගොයම් ගසෙන් ම ගොයම් කරල විනාශ කොට දැමීමක් ලෙස මා පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුයි.

විධායක බලතල

පසුගිය ජනාධිපතිවරණ සමයන්හිදී දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා නොදීම තුළ මහත් වූ බලපෑමක් නොවූ අතර ජනාධිපතිවරයාගේ විධායක බලතල හැකිළීමේ පොරොන්දුව තුළ රටේ මූලික රාජ්‍ය රාමුවෙන් බලය බිඳ වැටීම සිදුවන නිසා දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සුළු ජාතික පක්ෂ පොදු අපේක්ෂකයාට ස‍හයෝගය ලබාදීම අතිශයින්ම භයානක කරුණකි.

විශේෂයෙන්ම මේ දේශපාලන පක්ෂ විසින් සිය කණ්ඩායම්වල අභිලාෂයන් නියෝජනය කළ ද එම පක්ෂවල අවශ්‍යතාවන් පටු අරමුණුවලට සමස්තය යටපත් කළ නොහැකිය. විධායක ජනාධිපති ක්‍රමයක වැදගත්කම වන්නේ සුළු ජාතික පක්ෂ කුමන ආකාරයකට හැසිරුණත් අවසානයේදී සියල්ල සිදුවන්නේ රටේ සමස්ත ජනතාවගේ ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපතිවරයාගේ විධායක බලතල අනුව වීමයි.

රටේ සමස්තය පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ බලතල පවතින්නේ විධායක ජනාධිපතිවරයාටය. යම් ආකාරයකට විධායක බලතල ජනාධිපතිවරයාගෙන් ලිහා දැමුවහොත් එය ව්‍යවස්ථාදායකයට එනම් පාර්ලිමේන්තුවට පැවරුවහොත් සුළු ජාතික පක්ෂවලට තම සිතැඟි පරිදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. රටේ මූලික රාජ්‍ය රාමුවේ බලය බිඳ වැටුණොත් දෙමළ ජාතික සන්ධානය, සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු ප්‍රාදේශීය සුළු ජාතික පක්ෂවලට විවිධ ඉල්ලීම් කළ හැකියි. එහිදී ඒ සඳහා වගකිවයුතු බලවේගයක් නොමැති වීමෙන් භයානක තත්ත්වයක් උද්ගත විය හැකිය.

අදිසි හස්තය

රටේ මෙම මූලික රාජ්‍ය රාමුවෙහි බලය හැකිළෙන පරිදි විධායක බලතල ඉවත් කිරීමේ පොරොන්දුව අනුව සුළු ජාතික පක්ෂවල සහයෝගය විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවන බව එම සුළු ජාතික පක්ෂවල ප්‍රතිඥාව අනුව අපට වඩාත් පැහැදිලියි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොරොන්දුව අනුව විධායක බලතල ඉවත් කිරීම හරහා උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම, පොලිස් බලතල, ඉඩම් බලතල උතුර දකුණ යා කිරීමේ ඉල්ලීම් යළිත් මතුවීමට බොහෝ දුරට ඉඩ ඇත.

ආණ්ඩුවක් පිහිටුවීමට නම් සිංහල ජාතීන්ගේ ඡන්දයන්ට වඩා සුළු ජාතීන්ගේ ඡන්ද ලැබුණහොත් ඉතාමත් ප්‍රමාණවත් යැයි මංගල සමරවීර මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබුණි. සුළු ජාතීන්ගේ ඡන්දයෙන් රජයක් පිහිටුවීමේ අරමුණ අනුව ඔවුන්ගේ දේශපාලන මූලෝපායන් ඉතාමත් පැහැදිලියි.

මෙහිදී පැහැදිලි කරගත යුතු සුවිශේෂී අදහසක් වන්නේ ආණ්ඩුවක් පිහිටුවීමට නම් මේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙකුත් සුළු ජාතික පක්ෂවල ඉල්ලීම් සඳහා රනිල් හා චන්ද්‍රිකා පැහැදිලිවම එකඟ වේයැයි ඔවුන් විශ්වාස කරන අතර ඔවුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් අරමුණ කොට ගනිමින් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය නොදෙන බව පැහැදිලියි.

එල් ටී ටී ඊ සංවිධානය සමඟ උතුරු නැ‍ඟෙනහිරට වැඩි ආසන සංඛ්‍යාවක් ලබාදීමේ අරමුණින් සුනාමි යාන්ත්‍රණයේ ගිවිසුම් අත්සන් කළා, 1995 වසරේ සටන් විරාම ගිවිසුම් අස්සන් කළා, එල් ටී ටී ඊ ය සමඟ සටන් විරාම ගිවිසුම් ඇති කරගත් රනිල් වික්‍රමසිංහ මහතා මේ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා පිටුපසින් සිට මෙහෙයවන බව ඉතා පැහැදිලියි.

ඔවුන්ට නිරන්තරයෙන් ගැටලුව වී තිබුණේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. විග්නේෂ්වරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ අදහස වූයේ විධායක ජනාධිපති ක්‍රමය නිසා පළාත් ආණ්ඩුකාරවරුන් හරහා බලතල ක්‍රියාත්මක වීම නිසා පළාත් සභාවලට ස්වායත්ත භාවයක් නොමැති බවයි. රටේ මූලික රාජ්‍ය රාමුව තුළ ඇති බලය බිඳ වැටුණහොත් පළාත් සභාවලට මීට වඩා වෙනස් ආකාරයකට ක්‍රියාත්මක විය හැකියි. මධ්‍යම රජය දුර්වල වුවහොත් මධ්‍යම රජය හා පරිවාර ඒකකයන් අතර සහසම්බන්ධය බිඳී ගියොත් මධ්‍යම රජය හා පරිවාර ඒකකයන් අතර සම්බන්ධය බිඳ වැටීම වැළැක්විය නොහැකිය.

සොරුන් රැලක් විසින් ශරීරයෙන් ඉතා කුඩා පුද්ගලයා ජනෙල් පොලු අතරින් රිංගවා සොරකම සඳහා නිවෙස තුළට රිංගවීමට උත්සාහ කරනවා වගේ දෙයක් තමයි රනිල් චන්ද්‍රිකා විසින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත්තයව මෙහෙයවන්නෙ. මේ වන විට විපක්ෂයෙ පොදු අපේක්ෂකයා වටා ඒකරාශි වී සිටින දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු ජාතික පක්ෂ බහුතරයක් රනිල් සහ චන්ද්‍රිකා හවුල සමඟ එක්වී සිටී.

ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරනු ලබන විකල්ප විසඳුම් දෙන ලෙස රනිල් සහ චන්ද්‍රිකා යොදා ගෙන ඇත. සටන් විරාම ගිවිසුම් එල් ටී ටී ඊ ය සමඟ ඇතිකර ගත් මොවුන් සුළු ජාතික පක්ෂවලට ජාතිවාදී පක්ෂවලට හෝ ආගමික මත දරන්නන්ට මොවුන්ගෙන් වැඩි ඉඩකඩක් හිමි වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය විය හැකියි.

සුළු පක්ෂ

විධායක බලතල ඉවත් කර එය පාර්ලිමේන්තුවට පැවරු විට සුළු ජාතික පක්ෂවලට තීන්දු තීරණ ගැනීමේ හැකියාව වැඩි වනු ඇත. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ වැනි ජනාධිපතිවරයකුගේ නායකත්වය යටතේ එවැනි අවස්ථාවකට ඉඩකඩ සීමා වනු ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා දින සියයකින් විධායක බලය පාර්ලිමේන්තුවට පැවරූ විට රනිල් චන්ද්‍රිකා පාලනයකදී දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු ජාතික පක්ෂවලට ඔවුන්ගේ ඉල්ලීම්වලට ඉඩකඩ ලැබෙනු ඇත.

මේ අනුව පැහැදිලි වන්නේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු ජාතික පක්ෂ විශාල ප්‍රමාණයක් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දෙන බව ප්‍රකාශයට පත්කර තිබුණත් ඔවුන් පැහැදිලිවම විශ්වාස කරන්නේ රනිල් සහ චන්ද්‍රිකාවයි. පසුගිය දිනක රායප්පු පෝශප් මන්නාරමේ රදගුරු තුමා මුණගැසීම තුළ ඔහු හැසිරෙන්නේ කාගේ අවශ්‍යතාවට ද යන්න පැහැදිලි වෙයි. මන්නාරමේ රදගුරුවරයා පළමු වතාවට ලෝකයට මහ බොරුවක් ප්‍රකාශ කළා ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේදී එක්දහස් හත්සියයක් අපේ හමුදාව අතින් ඝාතනයට ලක්වුණා කියලා. එතුමා කළ ඒ වැඩේට අපි විරුද්ධයි. එවැනි රදගුරු කෙනකු බැහැදැකීමත් නුසුදුසුයි.

රාජ්‍ය රාමුව

අපිට මෙහිදී පැහැදිලිවම පේනවා රනිල් හා චන්ද්‍රිකාගේ බලලෝභීකම නිසා පොදු අපේක්ෂකයා තුළින් ඔවුන් බලයට පත්වීමට උත්සාහ කරන බව. මෙහිදී විදෙස් බලපෑම් අනුව ඔවුන් ක්‍රියා කරනවා ද කියන්න මා ළඟ සාක්ෂි නැත. රනිල් සහ චන්ද්‍රිකා බටහිර ලෝකයට නතුවන තුරු දෙමළ ඩයස්පෝරාව ඔවුන්ට බලපෑම් කරන්නේ නැත. එම රටවල් රනිල් හා චන්ද්‍රිකා ඔවුන්ගේ බලපෑම්වලට නතු කරගත්ත ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ නතු කරගැනීමට නොහැකියි.

සුළු ජාතික පක්ෂ විසින් පළාත් සභා හරහාත්, මධ්‍යම රජය හරහාත්, බටහිර රනිල් චන්ද්‍රිකාට කරනු ලබන බලපෑම් නිසාත් බහුතරයගේ මතය සුළුතරයකගේ දේශපාලන න්‍යාය පත්‍රයක් වීම වැළැක්විය නොහැකි කරුණකි. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ඉතා කෙටි කලකින් බල විරහිත ජනාධිපතිවරයා වීමත් සමඟ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විධායක බලතල හිමි අගමැතිනිය වන බව දෙමළ ජාතික සන්ධානය ඇතුළු සියලු සුළු ජාතික පක්ෂ හඳුනාගෙන ඇත. මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකතු වීමට වඩා ඔවුන් පැහැදිලිවම එකතු වී සිටින්නේ රනිල් සහ චන්ද්‍රිකා සමඟය.

විධායක ජනාධිපති ක්‍රමය යනු රටේ මූලික රාජ්‍ය රාමුවයි. එහි බලය බිඳ දැමීම යනු ශක්තිමත් මධ්‍යම ආණ්ඩුව බිඳ වැටීමයි. ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවකට දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු ජාතික පක්ෂ කිසිදි‍ෙනක කැමැත්තක් දක්වන්නේ නැහැ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සීමාවන්ට ලක්වන අතර මූලික රාජ්‍ය රාමුව විධායක ජනාධිපති ක්‍රමය වන බව ඔවුන් නිතර පැවැසූ අතර සියල්ල මේ විධායක ජනාධිපති ක්‍රමය යන රාමුව තුළ කේන්ද්‍රගත වී ඇතැයි ඔවුහු නිතර පැවැසූහ. විධායකය ඉවත් කරන තැන ඔවුන්ගේ ඉල්ලීම් සපුරාගත හැකි කදිම තැනක් යැයි ඔවුන් සිතූ හෙයින් ඔවුන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පළ කිරීමට උත්සාහ දරා ඇත.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්