මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


“නිපුණතා අභිෂේක” දෙවන අදියර මාතරින් ඇරැඹේ

“නිපුණතා අභිෂේක” දෙවන අදියර මාතරින් ඇරැඹේ

මෙරට ඉදිකිරීම් ශිල්පීන්ගේ කුසලතා හඳුනා ගනිමින් ඔවුන් හට වෘත්තිය සුදුසුකමකට මුල පිරීමට අවස්ථාව සලසාලමින් NAITA ආයතනය හොල්සිම් ලංකා සමාගම හා එක්ව ‘නිපුණතා අභිෂේක’ ව්‍යාපෘතියේ දෙවන අදියර මාතර දී පසුගිය මාස කිහිපය තුළ නිපුණතා සංවර්ධන සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙහිදී මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය පුරා ඉදිවූ ඉදිකිරීම් කුටි 80 කදී ඉදිකිරීම් ශිල්පීන් 700 කට වැඩි සංඛ්‍යාවක් එකම දිනයක, එකම ස්ථානයකදී NVQ වෘත්තීය සුදුසුකම් සඳහා පරීක්ෂාවට කෙරිණි. මෙම ශිල්පීන් සියලුම දෙනා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධීක්ෂකවරුන් 100 දෙනෙකුගේ අධීක්ෂණයට ලක් වේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර කුරුණෑගල පැවැත්වුණු අතර එහිදී ඉදිකිරීම් ශිල්පීහු 500 ක සංඛ්‍යාවක් ඇගැයීමට ලක්වූහ.

එම සංඛ්‍යාව පවා අබිබවමින් ඉදිකිරීම් ශිල්පීන් 700 කට අධික සංඛ්‍යාවක් ඇගැයීමට ලක්වන පළමු අවස්ථාව මෙය වන අතර එය අවිධිමත් අධ්‍යාපනයක් සහිත කාර්මිකයන්ට වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට සඳහා වන NVQ-RPL ක්‍රමය ජනතාවට හඳුන්වාදීමක් ලෙස ද හැඳින්විය හැක.

ගඩොල් වැඩ, කපරාරු කිරීම, කපරාරු අලංකරණය, ටයිල් ඇල්ලීම, ගෙබිම සිමෙන්ති දැමීම, කළුගල් ඇල්ලීම සහ ප්‍රවේශම යන විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙම ඉදිකිරීම් ශිල්පීහු ඇගැයීමට ලක්වූහ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්