මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

.


Astrology - සතියේ කල දසාව

 

ශ.ව. 1936 ක්වු ධනු රවි 20 භාග දුරු­තු­මස පුර තුදු­ස්වක තිථිය ලත් ජන­වාරි මස 4 වැනි ඉරිදා සිට 10 වැනි ශනිදා දක්වා....
- හරිප්‍රිය ගුණසේකර

මේ සතියේ සහෝ­ද­ර­ය­කුගේ කට­යුතු පිළි­බ­ඳව දැඩි අව­ධා­න­යක් යොමු කර­න්නට සිදු­වෙයි. උත්සව හා ප්‍රිය සම්භා­ෂණ ආදිය සඳහා ඇරැ­යුම් ලැබේ. හදිසි ධන ලාබ­යක් අත්වී­මට ඉඩ ඇත. එය ඇතැම් විට ලොත­රැයි ජයක් විය හැක. දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු වෙනු­වෙන් වෙහෙස වීමට සිදු­වෙයි. නව ව්‍යාපාර ආරම්භ කරන අයට ඒ සඳහා සම්බන්ධ කර­ගන්නා සේව­ක­යන් ගැන වඩාත් සැල­කි­ලි­මත් විය යුතුය. ගෘහ ජීවි­තයේ නව වැඩ පිළි­වෙ­ළ­කට යොමු වීමෙන් විවිධ කාර්ය­යන් පිළි­බ­ඳව අත්හදා බැලී­මට අව­ස්ථාව උදා­වෙයි. විශේෂ ඇර­යුම් මතු­වී­මෙන් කාගෙත් පැස­සු­මට ලක් වෙයි. විදේශ ගම­නක් සම්බ­න්ධව තැන්පත් මුද­ලක් වැය කෙරෙනු ඇත. තරග ආදි­යෙන් ජය ලැබේ.

ජය අංකය - 9
සුබ දවස - ඉරිදා

වෘත්තිය කට­යු­තු­ව­ලට අදාළ ඉහළ නිල­ධා­රීන්ගේ සහාය ලබා ගනී. ඒ මගින් රැකි­යාවේ උසස් වීමක් ලබා ගැනී­මට ඉඩ ලැබේ. අන් අයගේ සහාය පැතී­මට උත්සාහ නොකළ යුතු වනුයේ අන­වශ්‍ය ප්‍රශ්න මතු­වී­මට ඉඩ ඇති නිසාය. නව මිතුරු මිතු­රි­යන් හඳුනා ගැනී­මට මේ සතියේ අව­ස්ථාව සැලසේ. දේශ­පා­ලන කට­යු­තු­වල නිරත අයට සුබ කාල­යකි. පිට කොන්ද බෙල්ල හා පාද ආබාධ ඇති­වී­මට ඉඩ ඇත. ඈත පළා­තක ඥාති­ය­කුගේ ඇරැ­යු­මක් ලැබී­මෙන් දුර ගම­න­කට යොමු කෙරේ. විදේශ ගමන් බලා­පො­රොත්තු වන අයට ඒ පිළි­බඳ සම්මුඛ පරී­ක්ෂණ වලට කැඳ­වීම් ලැබේ. අවි­වා­හක අයට මංගල යෝග උදා වෙයි.

ජය අංකය - 1
සුබ දවස - සිකු­රාදා

පදිං­චියේ තාව­කා­ලික වෙන­සක් සිදු­වෙයි. ගැටලු මතු වුවද ඇසුරු කර­න්නන්ගේ සහ­යෝ­ගය ලැබී­මෙන් තම කාර්ය­යන් සතු­ටු­දා­ය­කව නිමා කැර ගැනී­මට හැකි වෙයි. හදිසි ධන ලාබ ලැබිය හැකිය. ආදා­යම ඉහළ මට්ට­මක පවතී. එහෙ­යින් යහ­මින් මුදල් අත­මිට ගැව­සෙන සති­යකි. අවි­වා­හ­ක­යන්ට මංගල යෝග උදා­වෙයි. වැඩි­හි­ටි­යන්ගේ අනු­ග්‍ර­හ‍යෙන් ඒ පිළි­බඳ තීර­ණ­ය­කට එළැ­ඹිය හැකි­වෙයි. භාෂා පරි­ව­ර්ත­ක­යන්ට, ප්‍රචා­රක කට­යු­තු­වල යෙදෙ­න්නන්ට, මුද්‍ර­ණ­ක­රු­වන්ට යහ­පත්ය. අම­තක වී ගිය ණය මුද­ලක් ආපසු ලබා ගැනී­මට හැකි වෙයි. ඈත පළා­තක සිටි ඥාති­ය­කුගේ පණි­වු­ඩ­යක් මත එහි යාමට සිදු­වෙයි.

ජය අංකය - 5
සුබ දවස -   බදාදා

මිශ්‍ර­ඵල දෙන සති­යකි. ගමන් බිම­න්ව­ලින් අඩු­වක් නැති අතර ආදා­යම් මාර්ග වර්ධ­නය කර ගනී. තීරණ ගැනී­මේදී ඉක්මන් වී‍ෙම් ස්වරූ­ප­යක් පෙන්නුම් කරයි. මුදල් අධි­කව වැය වෙයි. මේ වැය කිරීම් නිසා ආර්ථි­කයේ යම් බිඳ වැටී­මක් පෙන්නුම් කරයි. මිතු­රන් අතර සුහ­ද­තාව වර්ධ­නය වෙයි. සමාජ සේවා කට­යු­තු­වල නිරත අයට යහ­පත්ය. අධ්‍යා­පන කට­යුතු කෙරෙහි උන­න්දුව වැඩි­වන සති­යකි. පාද ආබාධ හා හිස­ර­දය ඇති වෙයි. අවි­වා­හක අයට මංගල යෝග උදා වෙයි. සතු­ටින් ගත කරන කාල­යකි.

ජය අංකය - 8
සුබ දවස - සෙන­සු­රාදා

බුද්ධි­මත් අය සමඟ මිත්‍ර සබ­ඳතා ඇති­කර ගැනී­මෙන් ජීවන රටාවේ නව නැම්මක් ගොඩ නඟා­ගත හැකිය. තම රාජ­කාරි කට­යු­තු­ව­ලට අම­ත­රව අති­රේක ව්‍යාපාර ඇරැ­ඹී­මට උත්සාහ දරයි. මුදල් ප්‍රශ්න­ය­කට මුහුණ පෑමට සිදු වෙයි. මිතු­ර­කුගේ අනු­ග්‍ර­හ­යෙන් එය විසඳා ගැනී­මට හැකිය. බුද්ධි­මත්ව ගන්නා තීරණ තුළින් සහන සැලසේ. කෘෂි­ක­ර්මාන්ත කට­යු­තු­වල නිරත අයට සුබ­දා­ය­කය. හවු­ල්ක­රු­වන්ගේ අඩු­පා­ඩු­වක් නිසා සිතේ උදා­සීන තත්ත්ව­යක් ඇති­වෙයි. දරු­වන්ගේ අනා­ග­තය පිළි­බඳ ප්‍රශ්න කෙරෙහි වැඩි උන­න්දු­වක් ඇති කැර ගනී. අප­ත්‍ය­වීම් ඇති විය හැකි හෙයින් ආහාර ගැනී‍ෙම්දී කල්ප­නා­කාරී විය යුතුය.

ජය අංකය - 8
සුබ දවස - අඟ­හ­රු­වාදා

එක අර­මු­ණක රැඳී සිටීම අප­හසු වෙයි. අම­නාප වූවන් නැවත මිත්‍ර­වෙයි. බලා­පො­රොත්තු රැසක් ඉටු­කැර ගැනී­මට හැකි වෙයි. අධ්‍යා­පන කට­යු­තු­ව­ලට නැඹු­රුව සිටින දරු දැරි­යන් වෙනු­වෙන් වැඩි කාල­යක් කැප කර­න්නට සිදු වී‍ෙමන් විවේ­කය අඩු වෙයි. සති අග කෙටි ගමන් බිමන් අධික වෙයි. වැඩි­හිටි ස‍හෝද­ර­ය­කු‍ෙග් උප­කා­ර­යෙන් වාහ­න­යක් මිලදී ගැනී­මට හැකි වෙයි. ආහා­ර­පාන ගැනී­මේදී කල්ප­නා­කාරී විය යුතුය. ස්ථාන පිළි­බඳ මත­භේ­ද­ය­කට ඉඩ ඇත. එහෙත් පවුලේ සහ­යෝ­ගය නිසා බොහෝ දුරට එම ප්‍රශ්න­ව­ලට මුහුණ දීමට පහසු වෙයි.

ජය අංකය - 1
සුබ දවස - සඳුදා

රජයේ සේවයේ යෙදී සිටින අයට අති­කාල දීමනා ලබා ගැනී­මට අව­කාශ සැල‍ැසේ. සිතට එක­ඟව කට­යුතු කිරී­මට අප­හසු වන දින­යකි. පවුලේ කට­යුතු සාර්ථ­කව කැර ගැනී­මට හැකි­වෙයි. පෙම් සබ­ඳතා සාර්ථක කැර ගැනී­මට හැකි වෙයි. විශේෂ වර­ප්‍ර­සාද ලබා ගැනී­මට හෝ සමා­ජයේ කැපී පෙනෙ­න්නට උත්සාහ ගනී. සේවා ස්ථානයේ නිරත සෙසු අය­ගෙන් චෝදනා එල්ල වීමට ඉඩ ඇත. සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැක.

ජය අංකය - 3
සුබ දවස -  අඟ­හ­රු­වාදා
 

උරුම හිමි­කම් පිළි­බඳ ප්‍රශ්න­ය­කට තම වාසි­යට හේතු­වන ආකා­ර­යෙන් තීන්දු ලබා ගැනී­මට හැකි­වෙයි. පිට ප්‍රදේ­ශ­ය­කින් ඉඩ­මක් මිලදී ගැනී­මට ගන්නා උත්සා­හය සාර්ථක වෙයි. හිතට එන සිති­විලි පාල­නය කර ගැනී­මට උත්සාහ කළ යුතුය. ක්ෂණික තීරණ ගැනීම ද කර­දර වැඩි­වී­මට හේතු­වක් විය හැක. ඉව­සි­ලි­ව­න්තව හා කල්ප­නා­කා­රීව කට­යුතු කළ යුතුය. කෘෂි­ක­ර්මාන්ත කට­යු­තු­වල ආ‍යෝජ­නය කිරී­මෙන් ආර්ථික වාසි සැලසේ. ස්වයං රැකි­යා­වල යෙදෙන අයට ලාබ ප්‍රයෝ­ජන අත්වෙයි.

ජය අංකය - 7
සුබ දවස - සෙන­සු­රාදා

සංචා­රක ව්‍යාපා­රයේ නිරත අයට ආර්ථික වාසි අත්වෙයි. ගෘහ ජීවි­තය සතු­ටු­දා­යක වෙයි. දේපළ වර්ධ­න­යක් ඇති­වෙයි. ධන ලාබ­යක් හිමි­කර ගැනී­මට අව­ස්ථාව උදා වෙයි. නිවා­ස­යක් මිලදී ගැනී­මට හෝ නිවෙ­සට අලු­තින් කොට­සක් එක් කිරී­මට හැකි­වෙයි. විදේශ ශිෂ්‍යත්ව ලාබ අත්කැර ගැනී­මට හැකි වෙයි. තරග විභාග ආදි­යෙන් ජය අත්වෙයි.

ජය අංකය - 8
සුබ දවස - ඉරිදා

නොයෙක් හේතුන් නිසා අඩ­පණ වූ වැඩ කට­යුතු ‍යළි ගොඩ නඟා ගත හැකිය. අනා­ගත දියු­ණුව පිළි­බ­ඳව වෙහෙ­සෙයි. අස­ල්වැසි ස‍හයෝ­ගය ලබා­ගැ­නී­මට හැකි වෙයි. තාක්ෂ­ණික සේවා, දේශීය වෛද්‍ය අංශ ආදි­යට සම්බ­න්ධව අධ්‍යා­ප­නය ලබන අයට යහ­පත්ය. උසස් අධ්‍යා­ප­නය ලබන අයගේ පැතුම් ඉටු­වෙයි. ශරීර සෞඛ්‍යය ගැන වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතුය. විශේ­ෂඥ වෛද්‍ය උප­දේශ ලබා ගැනීම කෙරෙහි උන­න්දු­විය යුතුය. වාත රෝග, චර්ම ‍රෝග ආදිය ඇති වීමට ඉඩ ඇත.

ජය අංකය - 2
සුබ දවස -  බ්‍රහ­ස්ප­තින්දා
 

මේ සුබා­සුබ මිශ්‍ර සති­යකි. ගෘහ ජීවි­තයේ අඩු­පාඩු සපුරා ගැනී­මට හැකි වෙයි. හිත­වත් අයගේ සහාය තුළින් වෙළෙඳ ව්‍යාපාර සාර්ථක කර ගැනී­මට හැකි වෙයි. මෙතෙක් පසු­බෑ­ම­කට හේතු වුණ තන­තු­රක් ගැනී­මට හැකිවේ. ඒ සඳහා හිත­වත් අය­කුගේ සහාය ලැබේ. මංගල කට­යු­තු­වල සුබ කාල­යක් වුවද තීරණ ගැනීම කල් දම­න්නට සිදුවේ. දරු­වන් නොමැති අයට දරු­පල වාසනා ගෙන දෙයි.

ජය අංකය - 9
සුබ දවස - සඳුදා

රහස් වැඩ පිළි­වෙ­ළක් අනා­ව­ර­ණය වීමෙන් තමන්ට සහාය දෙන අය ඇසු­රෙන් ඈත්වී­මට උත්සාහ දරනු ඇත. එයින් තමාට අවශ්‍ය කට­යුතු බලා­පො­රොත්තු වූ ආකා­ර­යට ඉටු කර ගැනී­මට නොහැකි වේ. උගත් අයගේ ඇසුර තුළින් විසඳා ගත නොහැකි ප්‍රශ්න­ව­ලට විස­ඳුම් ලබා ගැනී­මට හැකි වෙයි. දුර බැහැර ඥාති­යකු නිවෙ­සට පැමි­ණෙයි. විදේශ රැකියා සඳහා ඉල්ලුම් කළ අයගේ බලා­පො­රොත්තු ඉටු කැර ගැනී­මට හැකි­වෙයි.

ජය අංකය - 6
සුබ දවස - අඟ­හ­රු­වාදා

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්