මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»


 සංස්කෘත භාෂාවෙන් පමණක් කතා කරන ගම්මානයක්

 සංස්කෘත භාෂාවෙන් පමණක් කතා කරන ගම්මානයක්

සංස්කෘත භාෂාව, පාලි, හීබෲ වැනි මළ භාෂා ගනයට අයත්වේ. මළ භාෂාවක් යනු ව්‍යවහාරයෙන් නොපවතින භාෂාවකි. පාලි භාෂාව අප අධ්‍යයනය කරනු ලබන්නේ ව්‍යවහාර කිරීම සඳහා නොවේ. සංස්කෘතය ද එසේමයි. හින්දු භක්තිකයින් විසින් බොහෝවිට සංස්කෘත ශ්ලෝක තම ආගමික කටයුතු සඳහා යොදා ගනු ලබයි. ඒ හැර “ඔබගේ සැප සනීප කෙසේද” “කොහොමද ජීවිතේ” “මම මෙහාට යනවා” යනාදී ලෙසින් සංස්කෘත භාෂාව කථා කිරීම සඳහා යොදා නොගනී.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මාතුර් ගම්මානය තමන්ගේ එදිනෙදා කටයුතු මෙන් ම අනෙකුත් සෑම කටයුත්තක් සඳහා ම එකිනෙකා සමඟ සංවාදය සිදුකරනු ලබන්නේ සංස්කෘති භාෂාවෙනි.

සංස්කෘතික වශයෙන් ඉතාම පොහොසත් මාතුර් ග්‍රාමය කර්නාටක ප්‍රාන්තයේ ටුන්ගා ගංගාව අසබඩ පිහිටා ඇති අතර මෙම ගම්මානය ඉන්දියාව පුරා ප්‍රසිද්ධයක් උසුලන්නේ “සංස්කෘත ගම්මානය” ලෙසටයි. එයට හේතුව එළවළු විකුණන වෙළෙන්දියන්ගේ පටන් මෙහි වාසය කරන සියලුම දෙනා පාහේ එකිනෙකා සමඟ කථාබහ කරන්නේ සංස්කෘත භාෂාවෙන් බැවිනි.

දේව භාෂාව ලෙසත් හඳුන්වනු ලබන සංස්කෘත භාෂාව අද බොහෝ තැන්වල අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම දෙවියන්ට කරනු ලබන වන්දනාමාන හා උපහාර සඳහා පමණක් සාමාන්‍යයෙන් භාවිතා වේ.

මාතුර් යනු මුන්ටා ගංඟාව අසබඩ පිහිටි රමණීය පරිසරයක් යුක්ත ඉතාම දැකුම්කළු ගම්මානයකි. එම පරිසර අසිරිය විඳිමින් යන විට හිටි හැටියේම කෙනෙකුට එහි වෙසෙන ජනයා සංස්කෘත ශ්ලෝක කියමින් එකිනෙකා සමඟ කථා කරන ආකාරය විශ්මය ජනක දසුනකි.

ගම්මානයට ඇතුළුවන ඔබ හමුවට එන කෙනෙකු “භාවත නාම් කිම්?” (ඔබගේ නම කුමක්ද?) යනුවෙන් අසනු ඇත. ඉන්පසුව “කොෆි වා චායම් කිම් ඉච්ඡාති භාවන්? (ඔයා බොන්න කැමති කෝපිද තේ ද?)

හලෝ කියන වදන වෙනුවට ඔබ “හරිඕම්” කියා පිළිගනු ඇත. එසේම “කතම් අස්ථි” (කෙසේද සුවදුක්) යන වදන් මාතුර් ගම්මානය තුළ නිරතුරුවම අසන්නට ලැබෙන වදන්වේ. මෙම ගම්මානයේ වෙසෙන මුස්ලිම් ජාතිකයින් පවා සංස්කෘත භාෂාව කථා කරනවා යැයි කීවෝත් ඔබ පුදුමයට පත්වේවි. කුඩා දරුවන් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් කරන්නේ එසේ ම ඉන්දියාව පුරා අතිශයින් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩා සෙල්ලම් කිරීමේදී එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගන්නේ සංස්කෘත භාෂාවෙනි.

එසේම ගම පුරාම පවතින බෝඩ් ලෑලිවල “මාර්ග ස්වාච්චානය විරාජතේ සුපජනනා විරාජන් තේ’ (පිරිසිදුකම මහ මාර්ගවලට වැදගත් වන්නා සේම හොඳ මිනිසුන් සිටීම ගම්මානයට වැදගත් වේ.) සඳහන් වී ඇත. මේ හැර “කෝවිල පිරිසුදුව තබා ගන්න.” “ගංඟාව පිරිසිදුව තබා ගන්න”, “වෘක්ෂලතා ජාතියේ ධනයයි” යන වදන් තැන් තැන්වල සඳහන් වී ඇත්තේ සංස්කෘත භාෂාවෙනි. ඇතැම් නිවෙස්වල ඉදිරිපස දොරටුවේ “මෙම නිවසේ සංස්කෘත භාෂාව කථා කළ හැක” යනුවෙන් සඳහන් කර ඇති සේම නිවෙස් තුළ පවතින භාණ්ඩ හා කුළුබඩු ආදිය සහිත බෝතල් වල සඳහන් වන්නේ සංස්කෘත භාෂාවය.

මෙම සංස්කෘතික උරුමය මාතුර් ගම්වාසින්ට හිමි වූයේ වෙදය හදාළ උගතුන්ගෙනි. ඔවුන් කේරළයේ පල්ඝාත් නමැති ගම්මානයේ සිට මාතුර්වලට පදිංචියට ඈත අතීතයේ පැමිණි බව ඉතිහාසය සඳහන් කරයි. පල්ඝාත් ගම්මානයේ සිට උතුරට සංක්‍රමණය වූ ඔවුනට කාවේරි හා මුන්නා ගංඟා අසබඩ පරිසරය අතිශයින් හිතකර තත්ත්වයක පැවතීම නිසා එහි පදිංචි වී ඇත.

ඔවුන් සමඟ ආගමික ඇදහිලි මෙන් ම එම ඇදහිලිවලට හා වේදයට සම්බන්ධ සංස්කෘත භාෂාව ද මෙහි පැමිණි බව කියැවේ. චාතුර් හා හෝසාහල්ලි නම් ගම්මානවල මෙම වේදික උගතුන් තමන්ගේ වේදයන්ට සම්බන්ධ අධ්‍යයන කටයුතු දිගටම සිදු කරනු ලැබූ අතර එයට සංස්කෘත භාෂාව ද සම්බන්ධ විය. විජයනගර් අධිරාජ්‍යයේ අග රජු මාතුර් හා හොඩාගල්ලි ගම්මාන මෙම වේදික උගතුන්ට 1512 දී ත්‍යාග කරනු ලැබූ බව සඳහන් වන තඹ පතක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පවතී.

මෙම ගම්මානයේ පාසල් යන දරුවන්ට ළදරු පංතියේ සිට සංස්කෘත භාෂාව හැදෑරීම සිදුවේ. සංස්කෘත භාෂාව සියලුම පාසල් දරුවන් හා හැදෑරිය යුතු අනිවාර්ය විෂයකි.

එසේම මෙම ගම්මානයෙන් බිහිවුණු උගතුන් අතර ඉන්දියාවේ විශ්වවිද්‍යාල කිහිපයකම සංස්කෘත භාෂාව උගන්වන මහාචාර්යවරු 30 ක් පමණ සිටින බවත් පැවසේ.

ඉන්දියාවේ “සිලිකෝන් මිටියාවත” තම නවාතැන ලෙස තෝරාගත් මෘදුකාංග විශේෂඥයින් 50 ක් පමණ මෙම ගමෙන් බිහි වූ අය බව ද පැවසේ.

කෙසේ වෙතත් ඩෙනිම් කලිසම් හා ටී ෂර්ට් හැඳ නවීන පන්නයට සැරසී සංස්කෘත භාෂාවෙන් එකිනෙකා සමඟ කථා බහ කරමින් විහිළු තහළු කරමින් ගමනේ යන තරුණ පිරිස් දකින කෙනෙකු තමා මේ සිටින්නේ කුමන යුගයකට යන්න සිතා ගැනීමට නොහැකිවනු ඇත.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්