මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ජනපති දිනන සමීක්ෂණ වාර්තාව හංගයි

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ජනපති දිනන සමීක්ෂණ වාර්තාව හංගයි

මෙරට පවතින රාජ්‍ය නොවන සංවිධාන අතර ඉතාම විධිමත් සහ විදෙස් රටවල තානාපති කාර්යාල සමග සමීප සබදතා පවත්වනු ලබන රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙවර ජනාධිපතිවරණයේ ජය කාටද යන්න විමසා බැලීම සදහා මුළු රටම ආවරණය වෙන පරිදි සිදු කළ මහජන මත විමසුමේ ප්‍රතිඵලවලට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විශිෂ්ට ජයක් හිමි වෙන බව හෙළි වීමත් සමගම එම මහජන මත විමසුම රටට ප්‍රසිද්ධ නොකිරීමට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් තීන්දු කොට තිබේ.

විකල්ප ප්‍රතිපති කේන්ද්‍රය් අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ සෘජු අධික්ෂණය යටතේ සිදු කළ මේ මහජන මත විමසුමට අනුව මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 54.1 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි වෙන බවට හෙළි වී තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සියයට 41 ක ඡන්ද ප්‍රතිශතයක් ඉදිරි ජනාධිපතිවරණයේදී හිමි වෙන බවද එම මහජන මත විමසුමින් හෙළි වී තිබේ. එමෙන්ම අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන් 18 දෙනා හට හිමි වෙන ඡන්ද ප්‍රමාණය සහ ප්‍රතික්ෂේප වෙන ඡන්ද ප්‍රමාණය සියයට 4. 9 ක් බවද එම මහජන මත විමසුම අනුව හෙළි වී තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මේ ජන මත විමසුම සිදු කොට ඇත්තේ ඇමෙරිකාව සහ තවත් බටහිර රටවල මෙරට තානාපති කාර්යාල දෙකක උපදෙස් මතය. රටේ පළාත් නවයම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක , ප්‍රධාන නගර , ගම්මාන සහ බුද්ධිමතුන්ගේ මත විමසීම වැනි ප්‍රධාන ධාරාවන් කීපයක් ඔස්සේ මේ මජහන මත විමසුම සිදු කොට තිබේ.

ස්වෙච්ඡා සංවිධාන සහ ස්වෙච්ඡා සේවකයන්ගේ සහභාගීත්වයෙන් මේ මහජන මත විමසුම සති තුනක කාලයක් සිදු කොට තිබේ. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිමි වෙන විශිෂ්ට ජයග්‍රහණය මේ මහජන මත විමසුමෙන් හෙළි වීම නිසා එම මහජන මත විමසුම ප්‍රසිද්ධ නොකිරන ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය් අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතාට අදාළ තානාපති කාර්යාල මගින් උපදෙස් දී තිබේ.

ඊට හේතු වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට විරුද්ධව අන්තර්ජාතික වශයෙන් ක්‍රියාකාරකම් රැසක් සිදු කරනු ලබන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිදු කළ මහජන මත විමසුම මේ මොහොතේ රටට හෙළි වුවහොත් එය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට අවාසි සහගත ලෙස බල පෑමට ඇති ඉඩ කඩ අවම කිරීම බවද අදාල තානාපති කාර්යාල ආරංචි මාර්ග මගින් අණාවරණය වී ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්