මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»

2014 මොකද වුණේ

2014 මොකද වුණේ

ජනවාරි

03 වැනිදා දිවි නැඟුම ගැසට් පත්‍රයට අත්සන් කිරීම

14 වැනිදා ප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘ මහාචාර්ය ඒ. වී. සුරවීර මහතා අභාවප්‍රාප්ත වීම.

16 වැනිදා දිවි නැඟුම දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම.

17 වැනිදා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට විමල් රූබසිංහ මහතා පත්වීම.

17 වැනිදා අන්තර්ජාතික ජල සම්පාදන කළමනාකරණ ආයතනය මඟින් ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකා ජල සම්පත් තොරතුරු පද්ධතිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් විවෘත වීම.

17 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩල සංවත්සරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් විවෘත වීම.

21 වැනිදා මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් තෙදින නිල සංචාරයකට අප රටට පැමිණීම.

පෙබරවාරි

8 වැනිදා ලොව දෙවැනි වයස්ගත කාන්තාව මාවනැල්ලේ උක්කු අම්මා අභාවප්‍රාප්ත වීම.

11 වැනිදා වෑවලදෙණිය රාජා හස්තියාගේ අවසන් කටයුතු සිදු කිරීම.

21 වැනිදා දැයට කිරුළ ප්‍රදර්ශනය කුලියාපිටියේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් විවෘත විය. කාර්මික විද්‍යාලය වයඹ විශ්ව විද්‍යාලය, කුලියාපිටිය ජාතික පාසල යන ස්ථාන තුනෙහි පැවැති මේ උත්සවය පෙබරවාරි 27 දක්වා පැවැත්විණි.

මාර්තු

8 වැනිදා කොළඹ පිටත වට රවුම් අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට කඩුවෙල දක්වා ප්‍රථම අදියර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් විවෘත වීම.

13 වැනිදා අධිවේගී මාර්ග සඳහා අධි සුඛෝපභෝගී බස්රථ 50 ක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් 13 වැනිදා බාර දෙනු ලැබීම.

17 වැනිදා ප්‍රවීණ කැමරා ශිල්පී එම්. ඒ. ගෆුර්, ජනප්‍රිය නිළි මර්සි එදිරිසිංහ ජීවිතයෙන් සමුගැනීම.

21 වැනිදා රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන ප්‍රදානය.

24 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිට ජිනීවා යෝජනාවලියට එරෙහිව විරෝධය පෑම.

අප්‍රේල්

4 වැනිදා බස්නාහිර පළාතේ නව මහඇමැති ලෙස ප්‍රසන්න රණතුංග මහතාත් දකුණු පළාතේ මහඇමැති ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතාත් දිවුරුම් දීම.

5 වැනිදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ 95 වැනි උපන් දිනය වෙනුවෙන් ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිනමා කෞතුකාගාරයක් විවෘත වීම.

19 වැනිදා මඩකළපුව මන්මුණේ පාලම මහින්ද රාජපක්ෂ ජනාධිතිතුමන් අතින් ජනතා අයිතියට පත්වීම.

25 වැනිදා අභිමංසල ව්‍යාපෘතියේ තෙවන අදියර විවෘත වීම.

25 වැනිදා “අපි වෙනුවෙන් අපි” නිවාස 125 ක් ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කිරීම.

28 වැනිදා වියට්නාම ශ්‍රේෂ්ඨ නායක හෝචි මිං වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම.

30 වැනිදා රැජින දුම්රිය කුරුණෑගල පොතුහැර දී දැයට කිරුළ දුම්රියේ ගැටේ.

මැයි

7 වැනිදා ලෝක තරුණ සමුළුව නිමිත්තෙන් මුද්දරයක් නිකුත් කිරීම.

7 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝන් ඩබ්ලිව්. ඈෂ් මහතා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා හමුවීම.

16 වැනිදා ඡන්ද හිමි නාම ලේඛන සංශෝධනය ආරම්භ කිරීම.

ජුනි

3 වැනිදා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරීම.

20 වැනිදා බෝගම්බර බන්ධනාගාරය රජයට බාර දීම.

22 වැනිදා තෙල් ගබඩා සංකීර්ණය සහ නෞකා තෙල් පර්යන්තය විවෘත කිරීම.

28 වැනිදා ශ්‍රී ලංකාව සහ සී ෂෙල්ස් රාජ්‍යයන් අතර ඒකාබද්ධ ගිවිසුමට අත්සන් තැබීම.

ජුලි

1 වැනිදා ශ්‍රී ලංකන් කොළඹ සිට චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම.

1 වැනිදා නාවික හමුදාපති ධූරයට වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා පත්වීම.

5 වැනිදා හොරොව්පතාන මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨය සිසු අයිතියට පැවැරීම.

7 වැනිදා සිට පුරා විද්‍යා සතිය ඇරැඹීම.

14 වැනිදා මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දීම.

14 වැනිදා රේගු දෙපාර්තමේන්තුවේ නව ගොඩනැඟිල්ල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් අතින් විවෘත වීම.

23 වැනිදා දිනමිණ සිටි එෆ්. එම්. ගුවන්විදුලි සේවය ලේක්හවුස් ආයතනයේ දී ඇරැඹීම.

අගෝස්තු

8 වැනිදා වතු පාසල් සඳහා දෙමළ මාධ්‍ය ගුරු සහායකයන් බඳවා ගැනීමට පියවර ගැනීම.

20 වැනිදා නැණසල ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ වැඩ සටහන ඇරැඹීම.

25 වැනිදා පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය විවෘත වීම.

සැප්තැම්බර්

1 වැනිදා අනුර සිරිවර්ධන මහතා ස්වාධීන රූපවාහිනියේ නව සභාපති ලෙස පත්වීම.

1 වැනිදා නාට්‍යවේදී බන්දුල විතානගේ මහතා අභාවප්‍රාප්ත වීම.

1 වැනිදා වෘත්තිය සමිති ව්‍යාපාරයේ නිර්මාතෘ පිලිප්ස් බාලතම්පෝ අභාවප්‍රාප්ත වීම.

9 වැනිදා ජපාන අගමැති ෂින් සෝ අබේ මහතා ඇතුළු පිරිස ලංකාවට පැමිණීම.

16 වැනිදා චීන ජනාධිපති ෂි ජින් පිං මහතා හා පෙන්ග් ලියු ආන් ආර්යාව ලංකාවට පැමිණීම.

19 වැනිදා ආසියානු දේශපාලන පක්ෂවල අන්තර්ජාතික සමුළුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී ඇරැඹීම.

20 වැනිදා ජුසේ වාස් පියතුමා සාන්තුවරයන් අතරට පත්වන බව ප්‍රකාශයට පත් කිරීම.

22 වැනිදා ඌව පළාත් සභා ඡන්දයෙන් සන්ධානය ජය ලැබීම.

26 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පලස්තීන ජනතාවට ඇ. ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීම.

30 වැනිදා ඌව මහඇමැති ලෙස ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දීම.

ඔක්තෝබර්

10 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 65 වැනි සංවත්සරය වෙනුවෙන් මේජර්වරුන් 115 ක් ලුතිනන් කර්නල් ධූරයට පත්කිරිම.

13 වැනිදා වසර 25 කට පසු යාල්දේවී දුම්රිය කොළඹ සිට යාපනයට ගමන් ඇරැඹීම.

20 වැනිදා දිවි නැඟුම 6 වැනි අදියර ඇරැඹීම.

29 වැනිදා කොස්ලන්ද නායයාමේ විපත සිදුවීම.

නොවැම්බර්

16 වැනිදා සිළුමිණ හිටපු කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා අභාවප්‍රාප්ත වීම.

21 වැනිදා ‘දියවිරු අභිමානි උලෙළ’ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ජාතික ධීවර මහා සම්මේලනය එක්ව සංවිධානය කිරීම.

22 වැනිදා දැදුරුඔය ජලාශ ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරීම.

23 වැනිදා අනුරාධපුරය සඳහිරු සෑ ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේ නිධන් කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් සිදුවීම.

23 වැනිදා නවීකරණය කරන ලද ත්‍රිකුණාමලය හා පුත්තලම මහා මාර්ගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත්කිරීම.

29 වැනිදා දිනමිණ හිටපු ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතා අභාවප්‍රාප්ත වීම.

දෙසැම්බර්

1 වැනිදා සිළුමිණ හිටපු ප්‍රධාන කර්තෘ සුජීව භානු දිසානායක මහතා අභාවප්‍රාප්ත වීම.

2 වැනිදා සංචාරක ආකර්ෂණයෙන් පිරි ලොව නිස්කලංක රටවල් දහය අතරට ශ්‍රී ලංකාව එක්වීම.

2 වැනිදා රුපියල් මිලියන 134 ක මුදලක් වැය කර ඉපැරැණි යාපනයේ ඕලන්ද බළකොටුව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය අවසන් කිරීම.

03 වැනිදා තෙදින සංචාරයක් සඳහා මැලේසියානු අගමැති ආර්යාව වන ඩාටින් පදුකා සෙරී මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීම.

3 වැනිදා නව තාක්ෂණය ඔස්සේ විශ්‍රාම වැටුප් ක්‍රමයේ ලියාපදිංචි කිරීම.

8 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් නාම යෝජනා භාර දීම.

12 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 02 බළගණයට අයත් ඇන්ටනෝව් 32 ගුවන් යානය කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට රත්මලාන කඳවුර දක්වා පියාසර කරමින් තිබියදී අතුරුගිරියේ දී අනතුරට ලක්වීම.

22 වැනිදා ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම දෙසැම්බර් 23 සහ 24 දෙදින තුළ රාජ්‍ය ආයතනවලදී සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කිරීම.


එතෙර..

ජනවාරි

02 වැනිදා ඇන්ටාක්ටිකාවේ හිමේ එරී ගිය චීන පර්යේෂන නෞකාව ස්නෝ ඩ්‍රැගන්, පර්යේෂකයන් සහ කාර්ය මණ්ඩලය 52ක් සමග නිරුපද්‍රිතව බේරා ගනී

11 වැනිදා ඊශ්‍රායෙල් හිටපු අගමැති ඒරියල් ශැරෝන් හෘදයාබාධයකින් මිය යයි.

14 වැනිදා යුක්රේන රජයට විරුද්ධව එරට ජනතාව ගෙන ගිය විරෝධතා ව්‍යාපාර උත්සන්න වේ. එමගින් එරට ජන ජීවිතය අඩාල වූ අතර පස් දෙනෙක් පොලිස් ප්‍රහාරවලින් මිය යයි.

පෙබරවාරි

07 වැනිදා 2014 ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය රුසියාවේදී ආරම්භ වේ.

24 වැනිදා ලෝකයේ ආරක්ෂක අංශවලට වඩාත්ම අවශ්‍ය කර තිබෙන මිනිසා ලෙසින් හැඳින්වූ මත්ද්‍රව්‍ය ව්‍යාපාරික එල් චාපෝ මෙක්සිකෝවේදී අත්අඩංගුවට පත් වේ.

මාර්තු

1 වැනිදා රුසියාව ක්‍රිමියාවට හමුදා යැවීම ආරම්භ කරයි. යුක්රේනය සහ ක්‍රිමියාව අතර පවතින සටන්වලදී ක්‍රිමියාවට සහය දැක්වීම එහි අරමුණයි.

1 වැනිදා චීනයේ කුන්මින්ග් හි දුම්රිය පොළක දී කණ්ඩායමක් විසින් සිදු කරන ලද පිහි ඇණුම් හේතුවෙන් පුද්ගලයන් 29ක් මියගොස් 130ක් තුවාළ ලබයි.

16 වැනිදා ක්‍රිමියානු ජනතාවගෙන් සියයට 97ක් යුක්රේනයෙන් වෙන් විය යුතු බවට කැමැත්ත ප්‍රකාශ කරමින් ජනමතවිචාරණයේදී ඡන්දය භාවිතා කරයි.

අප්‍රේල්

5 වැනිදා ඇෆ්ගන් ජනාධිපතිවරණයේදී අපේක්ෂා නොකළ තරම් වැඩි ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කරයි. එම ප්‍රමාණය සියයට හැටකි. මැතිවරණයේදී ඡන්දය භාවිතා නොකරන ලෙස තලේබාන් සටන්කාමීන් ජනතාවට තර්ජනය කර තිබේ.

7 වැනිදා ඉන්දියාව ලොව මෙතෙක් පැවති විශාලතම මැතිවරණය පවත්වයි. එහි ජයග්‍රහණය භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි හිමිකර ගනී. මැතිවරණයේදී මිලියන 814ක් ජනතාව ඡන්දය භාවිත කර තිබේ.

14 වැනිදා නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්තවාදීන් එරට දැරියන් 280ක් පැහැර ගනිති.

මැයි

4 වැනිදා නාවික යා ත්‍රා ගැටුමක් මුල් කර ගනිමින් චීනය සහ වියට්නාමය අතර උණුසුම් වාතාවරණයක් ඇති වේ.

17 වැනිදා මාලි රාජ්‍යයේ කැරළිකරුවන්ගේ වෙඩි පහරකින් එරට ජනාධිපතිවරයා දිවි ගලවා ගනී.

25 වැනිදා පෙට්රෝ පොරොශෙන්කෝ යුක්රේන ජනාධිපතිවරණය පහසුවෙන් ජයගනී. ඔහු එරට ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකි.

ජුනි

2 වැනිදා නව පලස්තීන රජය හමාස් කැරළිකරුවන්ගෙන් ද සමන්විත බව ප්‍රකාශයට පත් වේ.

2 වැනිදා ස්පාඥ්ඥයේ රජු ජුවන් කාලෝස් ධූරය අත්හරී. ඔහුගේ පුත් ෆිලිපේ නව රජු ලෙස වැඩ බාර ගනී.

8 වැනිදා මාරියා ෂරපෝවා සහ රෆායෙල් නඩාල් පංශ විවෘත ටෙනිස් තරගාවලිය යළිත් ජයගනී.

ජූලි

13 වැනිදා ආර්ජන්ටිනාව 1-0 ලෙසින් පරාජය කළ ජර්මනිය ලෝක පාපන්දු කුසලානය දිනා ගනී.

17 වැනිදා නැගෙනහිර යුක්රේනයේ දී මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 යානයක් ත්‍රස්තවාදී ප්‍රහාරයකට හසුව කඩා වැටෙයි.

25 වැනිදා ඉරාකය නව කතානායකවරයෙක් සහ ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගනී.

අගෝස්තු

2 වැනිදා ඉබෝලා වසංගතයක් ලෙසින් ලොව පුරා පැතිරීමේ අවධානයක් පවතින බව ප්‍රකාශයට පත් වේ

3 වැනිදා චීනයේ යුනාන් ප්‍රදේශයේ ඇතිවූ රිච්ටර් මාපක 6.1ක භූ කම්පනයෙන් අවම වශයෙන් 661ක් මියගොස් ඇතැයි වාර්තා වේ. තුවාළ ලැබූ සංඛ්‍යාව 2400කි.

17 වැනිදා අයිඑස් මුස්ලිම් අන්තවාදීන් ඇමරිකානු ජනමාධ්‍යවේදී හතලිස් හය හැවිරිදි ජේම්ස් ෆොලේ ගෙල සිඳ මරා දමයි.

සැප්තැම්බර්

2 වැනිදා එයිඑස් මුස්ලිම් අන්තවාදීන් දෙවැනි ඇමරිකානු ජනමාධ්‍යවේදියා ද මරා දමයි. ඔහු 31හැවිරිදි ස්ටීවන් ‍සොට්ලොෆ් ය.

18 වැනිදා බ්‍රිතාන්‍ය සමග තවදුරටත් රැඳී සිටිය යුතු බව ප්‍රකාශ කරමින් ස්කොට්ලන්ත ජනතාව ජනමතවිචාරණයේදී ඡන්දය භාවිතා කරයි.

20 වැනිදා කැලිෆෝර්නියාවේ ලැව් ගිනි පැතිරීමෙන් අක්කර 92 139ක් විනාශ වේ.

ඔක්තෝබර්

8 වැනිදා ඇමරිකාවේ දී හඳුනාගත් පළමුවෙනි එබෝලා රෝගියා මිය යයි.

12 වැනිදා එවෝ මොරාලස් බොලිවියානු ජනාධිපතිවරයා ලෙස තුන්වැනි වරටත් තේරී පත්වෙයි. ‍

22‍ වැනිදා ග්‍රාහකයක් මතට සාර්ථක ලෙස අභ්‍යාවකාශ යානාවක් මගින් පර්යේෂන යානයක් ගොඩබස්වයි. මෙම ග්‍රාහකය පෘථිවියේ සිට සැතපුම් මිලියන 310ක් දුරින් පිහිටා ඇතැයි විද්‍යාඥයෝ තහවුරු කර තිබේ.

කැනඩාවේ පාර්ලිමේන්තුවට කඩා වැදුණු තුවක්කුකරුවකු වෙඩි පහර එල්ල කරයි. එක් සෙබලෙක් මිය යයි.

නොවැම්බර්

11 වැනිදා චීනය සහ ඇමරිකාව කාලගුණ වෙනස්වීම් සම්බන්ධව ඓතිහාසික ගිවිසුමකට එළඹේ.

29 වැනිදා ඊජිප්තුව හිටපු ජනාධීපති හොස්නි මුබාරක්ට ‍එරෙහිව නඩු විමසීම අරඹයි.

දෙසැම්බර්

15 වැනිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි අවන්හලක දී තුවක්කුකරුවකු පැය 16ක් පුරා ප්‍රාණ ඇපකරුවන් රඳවා ගනී.

16 වැනිදා තලේබාන් ප්‍රහාරයකින් පකිස්තානයේ හමුදා පාසලක දරුවන් ඇතුළු 145ක් මිය යයි.

17 වැනිදා කියුබාව ඇමරිකානු සිරකරුවන් නිදහස් කරයි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්