කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සමීප රූප

ස්වර්ණා රංගන තාරකාව

ස්වර්ණා ගේ ස්වර්ණ වර්ණනා රංගනාවලියක් 'සමීප රූපයේ' ඇ‍ඳේ. ආසන්නම සමීප රූපයෙහි ඉන්ද්‍රචාප දකින්නේ, රිදී තිරයේ දුටු ස්වර්ණා ගේ භාවපූර්ණ, මුහුණ නොව, සිනා සපිරි මුහුණින් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ‘හිරු’ සිනමා සම්මානය සුරතෙහි රඳවාගෙන තම සොම්නස පළ කරන මුහුණයි. ඒ සමඟම ස්වර්ණාගේ රංගන ප්‍රතිභාව විශද කරන ලද රිදී තිරය වර්ණවත් කළ, චිත්‍රපට රැසක ජවනිකා සමීප රූපයෙහි ඇ‍ඳෙනු ඉන්ද්‍රචාප දකී.

‘හංස විලක්’, ‘දඩයම’, ‘සුද්දිලාගේ කතාව’, ‘සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා’, ‘බව දුක’, ‘කැඩපතක චායා’, ‘අනන්ත රාත්‍රිය’ වැනි සරසවිය, ජනාධිපති සිනමා සම්මාන සිග්නීස් (ඕසීඅයිසී) ස්වර්ණ සංඛ ආදී වූ සිනමා උලෙළ රැසක ස්වර්ණාගේ ස්වර්ණ වර්ණ රංගනයට පිරිනැමුණු සම්මාන සඳහා හිමිකම් පෑ ස්වර්ණා මල්ලවාරච්චි නම් වූ අපගේ සිනමාවේ රන් තාරකාව ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන මහාර්ඝ සම්මානයකින් පුදනු ලැබීම ඉන්ද්‍රචාපට මෙන් ම ස්වර්ණ වැනි නිළියකගේ යථාර්ථවාදී රංගන නිපුණතාවට ඇලුම් කරන ආදරය කරන ඕනෑම කලා කරුවකුට සතුටක් දැනවූ පුවතක්ම වී යයි සිතේ.

සම්මානයෙන් තොරව වූවත් ස්වර්ණාගේ අපූර්ව රංග කුසලතා අප දුටු ‘හන්තානේ කතාව’, ‘සත් සමුදුර’, ‘තුං මං හන්දිය’, ‘අහස් ගව්ව’, ‘මී හරකා’ වැනි චිත්‍රපට ද මතකයට නැගෙනු වැළැක්විය නොහේ. රංගනය නම් වූ සඳුන් කැටයක් මිට මොළවා ගෙන උපන්න ද ස්වර්ණා ගේ ජීවිතය නම් රෝස මලින් සැදුණු යහනාවක් නොවූ බව ඇගේ සමීපතම මිතුරු මිතුරියෝ දනිති. එහෙත් ‘දඩයමෙ'හි රත්මලී සේ ඈ අධිෂ්ඨානශීලී, අභීතව අභියෝග ඉදිරියේ නොසැලුණු දිරිය කාන්තාවක් බව සමීප රූපයෙහි සටහන් වී ඇත්තේය. ස්වර්ණා යනු ජාතියේ පිනෙන් ලද නිළියකි. එබඳු අනෙක් කලා කරුවන් අතර දිදුලන තාරකාවක් බඳු ස්වර්ණා ගේ සමීප රූපයෙහි ඇගේ කතා කරන දෑස් ඇ‍ඳේ.

මාලිනී උපහාරය

ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින සේ විරුදාවලී ලැබූ මාලිනීගේ ‘සමීප රූපය’ ඉන්ද්‍රචාපට පෙනේ. එදා තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂවරයාගේ ‘පුංචි බබා’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි මාලිනී‍ෙග් රංගන දිවියට අඩ සියවසක් සපිරීම වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය මූලිකව කටයුතු කොට සංවිධානය වෙමින් තිබූ උපහාර උලෙළක් නිශ්චිත දිනයකින් තොරව ඈතට ගොස් ඇති බවක් ඉන්ද්‍රචාපට දැන ගන්නට ලැබිණ.

මාලිනී ෆොන්සේකාට රාජ්‍ය මට්ටමින් ගෞරව ප්‍රණාමයක් පිරිනමන්නේ නම් ඈ ඊට ඕනෑවටත් වඩා සුදුසුකම් ලබා සිටින, අපගේ නිළි නාමාවලියේ පෙරමුණෙහිම සිටින්නියයි. ඈ රංගනයට අමතරව, දේශපාලනය තෝරා ගැනීම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීම, නොවැදගත් කාරණා යයි ඉන්ද්‍රචාප නොපවසයි. එහෙත් රාජ්‍ය ගෞරවයකින් පිදුම් ලැබීමට මාලිනී ගේ රංගන කිසිදු අඩුවකින් තොරව සුදුසුකම් සපුරා ඇති බව ඉන්ද්‍රචාපට හැ‍ඟේ.

මෙරට මතු නොව එතෙර දී පවා ඈ තම රංගන කුසලතා සඳහා හිමිකර ගෙන ඇති සම්මානාවලිය ඊට දෙස් දෙයි. සම්මානවලට අමතරව, එතෙර සිනමා උලෙළ ජූරියක අසුන් ගැනීමට පවා ඈ සුදුසුකම් ලද්දී ඇගේ ප්‍රතිභාන්විත රංගන ප්‍රාතිහාර්යය නිසා බව ඉන්ද්‍රචාප දනී. ඈ වෙනුවෙන් පවත්වන්නට සැලසුම් වූ ගෞරව ප්‍රණාම උලෙළ යථාවක් වී සමීප රූපයෙහි ඇ‍ඳේවි යයි ඉන්ද්‍රචාප අපේක්ෂා කරයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්