කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

.


කොස්ලන්දේ විපත ගැන සිතමින්....

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

කොස්ලන්ද ඛේදවාචකයේදී විපක්ෂය හැසිරුණු ආකාරය ගැන, අඩුම ලංසුව තබනවා නම් කිව යුත්තේ එය අවලස්සන බවය. අප මේ කීවේ වැස්සත් පෑව්වත් එහි වරද ආණ්ඩුව පිට පැටවීමේ අපේ ජාතික දුර්ගුණයට අනුව යමින් බදුලු දිස්ත්‍රික්කයේ නායයෑමට ද ආණ්ඩුව වගකිව යුතු යැයි විපක්ෂය කීම ගැනයි. රටේ විපතකදීවත් පක්ෂ භේදයකින් තොරව එකතු වෙන්නට තරම් සදාචාරයක් හා මොළයක් විපක්ෂයට නැතිවීම රටේ අවාසනාවකි.

විපක්ෂය මෙසේ කටයුතු කරද්දී කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විපක්ෂයට ලජ්ජා හිතෙන අන්දමේ නිවේදනයක් නිකුත් කළේය. එමඟින් විපතට පත්වූ පවුල්වලටත්, ශ්‍රී ලංකා රජයටත් සිය සංවේගය පළ කළ ඔවුහු ශෝක වන්නන්ට උපකාර කිරීමටත්, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමටත්, සිදුවූ මහා විනාශය හා පාඩුව තුනී කරගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටත් තමන් සූදානම් බව ඉන් කියා සිටියහ. එමතු නොවේ. ශ්‍රී ලංකා රජයේ හා රජයේ සන්නද්ධ හමුදාවන්ගේ ඉක්මන් ප්‍රතිචාරයත්, වික්‍රමාන්විත මෙහෙයුම් හා විපතට පත්වූවන් බේරා ගැනීමේ උත්සාහය අගය කරන බව ද ඔවුන් වැඩිදුරටත් ඉන් කියා තිබුණේය.

ඇමෙරිකන් තානාපති කාර්යාලයේ නිවේදනය දුටුව ද ඒ සම්බන්ධ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශයක් නම් මේ ලියන මොහොත වන තුරු අපට දැකගත නොහැකි විය. අපට ඔවුන් මතක් වූයේ නිකම්ම නො වේ.

කොස්ලන්දේ විපතේදී හානියට පත් වතු කම්කරු පවුල්වල මුතුන් මිත්තන් මේ රටට හාපුරා කියා ගෙනාවේ බ්‍රිතාන්‍යයන් වන නිසා ය. බ්‍රිතාන්‍යයන් ගෙන ආව ද වතු කම්කරුවන් ඉන්දියාවේ සිට මෙහි පැමිණ ගතවූ අවුරුදු සියයකට වැඩි කාලය තුළ මේ රටේ මුල් බැසගෙන ඇති බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවේ.

වතු කම්කරුවන්ගේ දරු මුනුපුරන් තවදුරටත් වතු කම්කරුවන්ම නොවී සමාජයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වෙනත් ගමනක් යමින් සිටින අතර වතුකරයෙන් බිහිවූ මුල්ම බටහිර වෛද්‍යවරුන් දෙදෙනා ගැන ද විශේෂාංග ලිපියක් ‘සිළුමිණේ’ පළවූයේ මීට දෙසතියකට පෙර ය. එය වෙනම කතාවකි.

එසේ වුවද දැන් මේ විපතට පත්වී ඇත්තේ එසේ වතුකරයෙන් එළියට යමින් සිටින්නන් නොව අවුරුදු සිය ගණනක් තිස්සේ මේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් සැපයූ වතු කම්කරු පවුල්ය. ඔවුන්ට අප සියලු දෙනාගේ උදව්ව උදාවී ඇති කනගාටුදායක අවස්ථාවේදී අවශ්‍ය ය.

එය ආණ්ඩුවේ පමණක් වගකීම හැටියට සලකා කරබාගෙන සිටීමට අපට පුළුවන්කමක් නැත. සුනාමිය හැරුණු කල මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම ස්වාභාවික විපතට අපේ ම මිනිසුන් පිරිසක් ගොදුරු වී සිටියදී අපට ටෙලිනාට්‍ය බලමින් ම කල් ගෙවීමට නොහැකිය.

දැනටමත් බොහෝ ආයතන මේ විපතට හසුවූවන්ට ආධාර කිරීමේ වැඩපිළිවෙළ පටන්ගෙන ඇති අතර පුළුවන් හැම කෙනකුම හැකි තරමින් ඊට දායක වීම කළ යුතුව ඇත්තේය. මෙබඳු ඛේදවාචකයකදී රටේ මිනිසුන් විශාල වශයෙන් ඊට ආධාර උපකාර කිරීමට සම්බන්ධ වන හැටි මෑත කාලයේදී අප දැක ඇති නිසා මේ අවස්ථාවේදී ද ඒ එසේ ම සිදුවනු ඇතැයි අපි කල්පනා කරමු.

ඉතා කෙටි කාලයක් තුළ ඉතා විශාල ආධාර ප්‍රමාණයක් කොස්ලන්දට ගලා යන බවට සැකයක් නැතත් ඒ සම්බන්ධ වෙනත් කාරණයක් ගැන ද අපට සාධාරණ සැකයක් තිබේ. ඒ ඉතා ඉක්මනින් මේ සිද්ධිය ද අපට අමතක වී යනු ඇති බවය. එය කාලාන්තරයක් තිස්සේ අප දැක ඇති දෙයකි. සිද්ධියක ප්‍රබලත්වය අනුව එය මතක හිටින කාලය අඩු වැඩි වෙතත් ඕනෑම සිද්ධියක් නැත්නම් සිද්ධි දාමයක් අමතක වී යන්නට මිනිසුන්ට වැඩි කාලයක් ගතවන්නේ නැත. ඊළඟ ප්‍රවෘත්තියේ වැදගත්කමත් සමඟ ඕනෑම ලොකු කතන්දරයක් යටපත් වී අමතක වී යයි. මෙයට හොඳ උදාහරණයක් වන්නේ යුද්ධය පැවති කාලයේ අප ගත කළ ජීවිතය දැන් බොහෝ දෙනාට මතක නැති වීමය.

වෙන කාට අමතක වුවත් දැනට නායයෑමේ තර්ජනයට ලක්වී ඇති රටේ අනෙක් ප්‍රදේශවල මිනිසුන්ට මේ නායයෑම අමතක නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්