.
ටිකිරි හමුව
ඒ හිනාවෙන්නේ අපට
ද?
බන්ධන හද හදා නිදහසේ සැරිසරන
එකසර ඉලෙක්ට්‍රෝනය නුඹ...
ප්‍රතික්‍රියා කරමින් මොළය සමඟ
විකුම් පායි හඳුනා ගන්නට නුඹ
තාක්ෂණික කාචය තුළ...
කැතෝඩ කිරණ එල්ල වන විට හදට
පිටු අතර සැඟවී
තොම්සන් හා එක්ව රදර්ෆර්ඩ්
වියරුවෙන් හිනාවෙන්නෙ අපට ද?
ගිලගත් අපේ ළමා වියට ද?
විභාග උසාවියේ විත්තිකරුවන්
කිරීමේ සොම්නසට ද?
සින්නක්කරයට ගත් නිදහස
උගුලා දමන සොඳුරු මතකයන්
අයනීකරණය කරන්නට කුමට ද,
මෙතරම් අධිකර පරිණාමක
නිදහසේ සරසවිය දුර ද තව...
සමන්දිනී නවෝද්‍යා
11 ශ්‍රේණිය ‘සී’,
මහසෙන් ජාතික පාසල,
නිකවැරටිය
දේශාභිමානී ගීත
දේශාභිමානී ගී යනු දේශය වර්ණනා කරමින්
දේශයට ආදරයකින් හා භක්තියෙන් යුතුව
ලියැවුණු ගීය. අප මවුබිමේ ඇති ස්වාභාවික
සම්පත් ‘ඓතිහාසික හා සොබා සිරිය මේ ගීවලින්
වර්ණනා වෙද්දී අප සිතේ අප රට ගැන ඇල්මක් හා
ආදරයක් ඇතිවේ. වීර රණවිරුවන්, වෙහෙර
විහාර, වැව්, දාගැබ්, රජවරුන් ආදී සියලුම
දේ දේශාභිමානී ගීවලින් කියැවේ.
“ලංකා ලංකා පෙම්බර ලංකා”, “සසර වසන තුරු”,
“නන් සුරන්” වැනි ගී බොහොමයකින් දේශයට
තිබෙන ඇල්ම, අභිමානය ප්‍රකාශ කරයි.
නුවන් දුමිදු රණසිංහ,
9 ශ්‍රේණිය,
ශාන්ත මයිකල් විද්‍යාලය,
හෝමාගම.
වෘකයා හා ලේනා
දවසක්
ලේනෙක් අත්තෙන් අත්තට පනින කොට නිදා හිටපු
වෘකයකුගේ ඇඟ උඩට කෙලින්ම වැටුණා. වෘකයා එක
පාරට ගැස්සිලා ඌ අල්ලගෙන කන්න හැදුවා. ලේනා
පින්සෙන්ඩු වෙන්න ගත්තා:
“අනේ මාව අත හැරපන්.” වෘකයා එතකොට කිව්වා:
“ හොඳා,
මං උඹ අත හරින්නම්, ඒත් උඹ මට කියපන් මොකද
මට හැමදාම කාන්සි, ඒකට උඹලා ලේන්නු හැම
තිස්සෙම බොහොම විනෝදෙන් ඉන්නේ කියලා
විතරක්.”
ලේනා මෙහෙම කිව්වා:
“ඉස්සෙල්ලා මට ගහට නගින්න දීපන්, මං ගහේ
ඉඳන් කියන්නම්, නැත්නම් මං උඹට බයයි.”
වෘකයා ඌ නිදහස් කළා, ලේනා ගහට නැගලා, ගහ උඩ
ඉඳන් කිව්වා:
“උඹට කාන්සි, උඹ නපුරු හින්දා. නුඹේ හදවත
නපුරුකමෙන් පිච්චෙනවා. අපි විනෝදයෙන්
ඉන්නේ මොකද අපි කරුණාවන්ත යි, කාටවත්
නපුරුකම් කරන්නේ නැහැ.”

ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ලියෝතෝල්ස්තෝයි
උපන්නේ වැඩුණේ හා තම ජීවිතයෙන් වැඩි කලක් ගත
කළේ ගම්බද පරිසරයක යාස්නයා පල්යානා
පෙදෙසෙහිය. ඔහු ළමයින්ට ඉතා ඇළුම් කළ අතර
සිය ගමේ ළමා ළපටියන්ට බොහෝ කෙටිකතා හා
කතන්දර ලිව්වේය.
ඔහු ළමයින් සඳහා ලියූ තම කෙටිකතා සහ
කතන්දර මුද්‍රණය කළේ හෝඩිය හා රුසියානු
කියවීම් පොත් නමැති පොත්වලය.
ලොව විවිධ ජාතීන්ගේ ජීවිතයෙන්, පැරැණි
සාහිත්‍යයෙන් ගත් බොහෝ ඉතිහාස පුවත් හා
මිථ්‍යා කතා තෝල්ස්තෝයි ඒවාට ඇතුළු කළේය.
පුරාණ ග්‍රීක පඬිවරයෙකු වූ ඊසොප්ගේ සරල හා
කෙටි උපමා කතා ඔහුගේ සිත් ඇද ගත්තේය.
මෙය පළවෙන්නේ
තෝල්ස්තෝයිගේ කූඹියා හා පරෙවියා නම් උපමා
කතා එකතුවෙහි කතාවකි.
(සූරිය ප්රකාශනයකින් උපුටා ගැනිණි.)
මා
දුටු සීගිරිය
කුරුලු ගීතයයි ඈතින් ඇසෙන්නේ
පුෂ්ප සුගන්ධය දැන් දැන් දැනෙන්නේ
සීත පවන මට සැනසුම ගෙනෙන්නේ
සීගිරියයි මේ ලොව අටවන පුදුමයනේ
බිතුසිතුවමේ රූ සිරියයි මා දුටුවේ
සිංහ කටින් පඩිපෙළකුයි මා දැක්කේ
කාශ්‍යප රජුයි ඒ මාලිග තැනුවේ
අප රටේ උරුමය සැමදා රැකුණේ
කේ. එම්. ඒ. එච්.
කුමාරසිංහ
7 ශ්‍රේණිය ‘ඩී’,
ඉබ්බාගමුව මධ්‍ය විදුහල,
ඉබ්බාගමුව
අපේ වැඩ අපිම කර
ගනිමු
වැඩ යනු කාර්යයන් ය. අප කළයුතු කාර්යයන්
බොහෝ ය. ඒවා තනිවම කර ගැනීම අපගේ
යුතුකමකි.
අධ්‍යාපනය ලබන දරුවන් වශයෙන් අපි අපගේ
වැඩ කර ගත යුතුවේ. නමුත් දෘශ්‍යාබාධිත හෝ
මහලු අයට තම වැඩ කර ගැනීම අසීරු ය. ඒ
අවස්ථාවල ඔවුනට උදවු කිරීම අපේ යුතුකමකි.
සමහරු තමාගේ වැඩ කරගැනීමට දාසයන් ළඟ තබා
ගනිති. එය වැරැදි ක්‍රියාවකි. අපේ වගකීම්
මෙන් ම අපේ කාර්යයන් ද අපි තනිවම කර ගත යුතු
ය. අපේ වැඩ අපිම කර ගනිමු. ඉන් අපේ ඉලක්ක සඵල
වේ.
විහඟ සුලක්ෂණ,
7 ශ්‍රේණිය,
ගුරුගෙදර, සපුගස්කන්ද.
මා
දුටු ගිරා පවුල
මාර ගසේ බෙණයේ ගිරා පවුලක් ජීවත් වෙති.
ගිරා අම්මා ගිරා තාත්තා සහ පුංචි ගිරා පැටවු
දෙදෙනෙක් එහි සිටිති. ගිරා මව සහ ගිරා පියා
වනයේ ඈතට ගොස් ආහාර සොයාගෙන එති. කුරුලු
පැටවු මව හා පියා එන තුරු බලා සිටිති. කුරුලු
පැටවු සතුටින් කීචි... බීචි... ගාමින් ගිරා
මව කෑම කවන තුරු, බලා සිටිති. තටු ගසමින්
කූඩුව තුළ දඟලති. ඒ දැක මා සිතට දැනුණේ
ප්‍රීතියකි.
මෙත්මිණි පියුමි
කුමාරසිංහ,
2 ශ්‍රේණිය,
දිද්දෙනිය මහ විදුහල,
දිද්දෙනිය.
මං හැමදාමත් මහ
පාරේ!
හිරු නැඟෙන්නට පෙර,
දවසේ සුබ අසුබ දැනගෙන,
මා සොයා එන ඔබ,
ගනියි ලොතරැයි
විස්සේ කොළ තබා මා අත
බිහිවුණත් කෝටිපතියන්,
දවස ගානේ හැම රැයේදිම,
සරදමකි දෛවය,
පුරුදු පරිදිම මා මහ පාරේ ය
අරවින්දි සිරිවර්ධන
12 ශ්‍රේණිය ‘ඒ’,
කන්නන්ගර මධ්‍ය විදුහල,
මතුගම
කුරුල්ලෝ
කුරුල්ලෝ අපේ යාළුවෝ ය. උදේ පාන්දරින් ම
අවදි වෙලා ගීත ගයනවා. ළමයි කුරුල්ලන්ට
ආදරෙයි. ගෙවල්වලත් සුරතලයට ඇති කරනවා.
කුරුල්ලන් ලෝකයේ ලස්සන වැඩි කරනවා. කුරුල්ලෝ
ගොවියන්ගේ ඉටු මිතුරෝ ය.
කුරුල්ලෝ නැතිදාට ලෝකයම පාළු වෙනවා. එම
නිසා කුරුල්ලන් රැක ගැනීම අපේ යුතුකමකි.
යූ. ලිතුම් දම්කෙත්,
2 ශ්‍රේණිය ‘සී’,
එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය,
මුල්ලේරියාව
දක්ෂ දරුවෝ
“සමනල සිහින” කාව්‍ය සංග්‍රහය
වැලිගම
සිද්ධාර්ථ විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ
ඉගෙනුම ලබන ඩබ්ලිව්. ජේ. පසන් චාමිකර සිසුවා
විසින් රචනා කරන ලද “සමනල සිහිනය” කාව්‍ය
සංග්‍රහය පසුගිය දා විද්‍යාලයීය ප්‍රධාන
ශාලාවේදී, ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී
විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන
ලද උත්සවයේදී එළිදැක්විණ.
කුඩා කල සිටම කාව්‍ය නිර්මාණයට දස්කම්
දක්වන පසන් සිසුවා කාලයක සිටම ටිකිරි හමුවට
කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරන්නෙකි.
ඉංග්‍රිසි භාෂාවට දස්කම් දක්වන ඔහු ගායනා
තරගවලට ද ඉදිරිපත්ව දස්කම් දක්වා ඇත්තේය.
පැරකුම් සමුදුර
පැරකුම් නිරිඳුන්
පෙර කළ ඇති පින්
රට දැය වෙත දුන්
මහ වැව පැරකුම්
රන්වන් කරලින්
බර වූ ගොයමින්
කෙත් සරු කරමින්
දියවර ලැබ දුන්
සරු
කරමින් රට
යහමින් හැම විට
සිරිලක් දෙරණට
කැඳවයි සිරිකත
ගත සිත නළවා
තුරුපත් සොළවා
වැව් දියකඳ හා
රහසක් මුමුණා
පුලතිසි පුරයේ
සමුදුරු ඉවුරේ
හමනා නලවැල්
සුව සෙත් සපිරේ
සමුදුරු පැරදු
මහ වැව් තැනවූ
පැරකුම් නිරිඳු
සිහිවෙයි දැනුදු
ඩබ්ලිව්. ජේ. පී. චාමිකර
8 ශ්‍රේණිය ‘ඊ’,
සිද්ධාර්ථ බාලක විද්‍යාලය,
වැලිගම, මාතර

|