කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සිනා කතා

ඕකෙදි විතරක් නෙමෙයි

‘දැන් අජිත් කීප සැරයක් ඔය පෙරකදෝරු විභාගෙ කළා නේද අනේ. මේ සැරෙත් එයා ෆේල් ද? දණහිස මඳක් වැසෙන සේ ඇඟට හිරවුණු කලිසමක් හැඳ, හැඩයකින් තොර තම සිරුර දෙපසට අඹරවමින් අමුතුම ගමන් තාලයකින් තමා වෙත ආ ඉනෝකා දෙස බලා චාන්දනී ඇසුවේ ඔලොක්කු සිනාවක් නඟමිනි.

‘ඔය විභාගෙ විතරක් නෙමෙයි අනේ. කොයි වැඩේ කරන්ඩ ගියත් ඔය මනුස්සයා ෆේල්.’ ඉනෝකා කීවේ තම සැමියාට හිතෙන් සාප කරමිනි.
 

ජන්ම ගතිය

‘මිනිස්සු වයසට යනකොට බුද්ධියෙනුත් මුහුකුරා යන්ඩ ඕනෙ නේද? එහෙම නේද වෙන්ඩ ඕනෙ?’ ප්‍රියන්ත එසේ කීවේ තේ කෝප්පය ද රැගෙන සුලෝචන ඉදිරියේ වාඩිවෙමිනි.

‘ඇයි ප්‍රියන්ත, එහෙම කිව්වෙ?’ සුලෝචන ඇසුවේ එහි අරුත වටහා ගැනීමට නොහැකි වීමෙනි.

“අර සෝමපාල මහත්තයා කියන්නෙ, ‘එයා ‘සිංහබාහු’ අබිබවා යන නාට්‍යයක් ලිව්වය, ඒක ලිව්වට පස්සෙ සරච්චන්ද්‍ර උන්නැහේ මිනිහගේ මූණවත් බැලුවේ නැත’ කියල. ඇත්තටම ඔය මනුස්සයගෙ වයර් මාරුවෙලා ද?” ප්‍රියන්ත ඇසුවේය.

‘කොයිතරම් ධීර වීර තනතුරු දැරුවත්, සෝමපාල කොලිටි එක මතු වෙනවා කියන්නෙ ඔන්න ඕකට තමයි.’ සුලෝචන කීවේ සිනාසෙමිනි.
 

සැක හිතුවොත්...?

ප්‍රේමචන්ද්‍ර මහත්තයගෙ නැන්දම්මා මළයි කියන ආරංචියට උදේම රාමනායක මළගෙදර පැත්තෙ ගියා. ප්‍රේමචන්ද්‍ර මහත්තයගෙ ගේ ඉස්සරහ මහපාරේ හරහට කට්ටියක් කොඩි දානවා. තව කට්ටියක් ගේ දොරකඩ හට් එකක් ගහනවා. කවදාවත් නැතුව ඒ අස්සෙ ප්‍රේමචන්ද්‍ර මහත්තයා මහපාරේ එහාට මෙහාට ඇවිදිනවා. රාමනායක තරමක පුදුමයෙන් ප්‍රේමචන්ද්‍ර මහත්තයා ළඟට කිට්ටු වෙලා මෙහෙම ඇහැව්වා.

‘මොකද, ප්‍රේමචන්ද්‍ර මහත්තයා කවදාවත් නැතුව මේ පාරෙ සක්මන් කරන්නෙ? ව්‍යායාම කරනවාවත් ද?’

ප්‍රේමචන්ද්‍ර මහත්තයා ගමන බාල කරලා, රාමනායක දිහාට හැරිලා, හීන් හිනාවක් නඟමින් මෙහෙම උත්තර දුන්නා.

‘නෑ රාමනායක, ඔය නැන්දම්මා අපේ ගෙදරට එක්කගෙන ආවෙත් අසනීප ගතිය වැඩිවුණාට පස්සෙනෙ. ඒ හින්දා අපේ නැන්දම්මා මෙහෙ ඉඳලා මළ වගක් මිනිස්සු දන්නෙ නැහැනෙ. මාත් දැන් වයසක මනුස්සයා. මෙහෙත් මෙතන සුදු කොඩි දානවා, හට් ගහනවා. මේ පාරේ යන එන මිනිස්සු හිතන්ඩ බැරි නැහැ, ප්‍රේමචන්ද්‍ර උන්නැහේ තමයි මැරිලා තියෙන්නෙ කියල. ඒ සැකේ දුරු කරන්ඩ තමයි මම මේ මහපාරේ ඇවිදින්ඩ පටන් ගත්තෙ, කාටත් පේන්ඩ.’
 

රෝග නිධානය

‘තමුන්ගෙ ඔය බඩේ අමාරුවට හේතු වෙච්ච රෝග නිධානය හැංගිලා තියෙන්නෙ මහ බඩවැලේ. ඒකට නියම විදියට ප්‍රතිකාර නොකර, ඔය අත්බේත් කළාට පලක් වෙන්නෙ නැහැ.’ වෙද ගෙදර වෙත ගිය සුජිත් ඇ‍ඳෙහි හොවා අඩහෝරාවක් ඉක්මවා ඔහු පරීක්ෂා කළ වෙද මහතා අනතුරුව කීවේ නළල රැළි නංවමිනි.

‘අනේ බුදු වෙද මහත්තයො, තමුන්නාන්සෙ කියන විදියකට ප්‍රතිකාර කරලා මේ ලෙඩේ සුවකර ගන්ඩ මං එකඟ වෙන්නං. ඒත් මූලික කාරණේ ඒක නෙමෙයි. අර එළියෙ ඉන්න මගේ වයිෆ්ගෙ කනට විතරක් ඔය රෝග නිධාන කතාව යන්ඩනං ඉඩක් තියන්ඩ එපා.’ සුජිත් කීවේ වෙද මහතා ඉදිරියේ බැගෑපත් වෙමිනි.

‘ඒ මොකද, තමුන්නැහෙ එහෙම කියන්නෙ?’ වෙද මහතා ඇසුවේ අදහාගත නොහැකිවාක් මෙනි.

‘අපේ තෙල්මගෙ තරම දන්නෙ මමනෙ වෙද මහත්තයො. ඔය ගෑනි තමන්ට වාසියක් වෙනවා නං තමන්ගෙ අම්මා අප්පා වුණත් විකුණන්ඩ දෙපාරක් හිතන්නෙ නැහැ. ඉතින් ඔය මගෙ රෝග නිධාන කතාව නිකං හරි කනට වැටුණොත්, නිධානෙ ගන්ඩ ඔය ගෑනිට මාව මරන එක බොහොම සුළු දෙයක්.’ සුජිත් විස්තර කරමින් කීවේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්