කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

කොස්ලන්ද මීරියබැද්ද වතුයායට ඉහළින් තවත් ප්‍රදේශ දෙකක නායයෑමේ ලකුණු පහළ වීමෙන් පසු එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටී. තවදුරටත් නායයෑමේ ලකුණු පහළ වී ඇත්තේ මීරියබැද්ද එස්. කේ. කොටස සහ අම්පිටිතැන්න කොටසය. මීරියබැද්ද එස්. කේ. කොටසේ දැනට පවුල් පණහක් පමණ ජීවත්වන අතර අම්පිටිතැන්න කොටසේ පවුල් හැත්තෑවක් පමණ වෙසෙති. එස්. කේ. කොටසේ විශාල භූමි ප්‍රදේශයක් ඉරිතලා ගොස් ඇති අතර මීට වසර කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නාය යෑමකින් එක් පුද්ගලයෙක් මියගොස් තිබේ.

විස්තර »


හපුතලේ කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ සිදුවූ නායයාමේදී පස් කන්දට යටවී මිය ගිය අයගේ සිරුරු සෙවීමේ මෙහෙයුමක හමුදා භට පිරිසක් යෙදී සිටියේ මෙසේ ය. තලවාකැලේ සිට පැමිණි දියණියක තම මව සහ පියා අහිමිවී ගිය ශෝකය වාවාගත නොහැකිව හිස කළු ගලකට තදකර වැළපුණු අයුරු (ඉහළ). ඡායාරූපය - සුලෝචන ගමගේ

ශ්‍රී ලන්කන් යානා එකතුව ඉහළට

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා එකතුවට එක්වූ නවතම ඒ - 330 ගුවන් යානය පෙරේදා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට ළඟා විය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ප්‍රංසයේ එයාර්බස් සමාගමෙන් ලබා ගැනීමට නියමිත ඒ 330 - 300 යානා 7 න් පළමුවැන්න මෙය වන අතර දෙවන යානය මේ වසර අගදී ද, ඉතිරි යානා 2015 වසරේදී ලබා ගැනීමට ද නියමිතය.

විස්තර »

දිස්ත්‍රික්ක 7ක නායයෑමේ අවදානමක්

මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟම බදුල්ල මහනුවර, නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල හා මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ගණනාවක නායයෑමේ ලක්ෂණ මතුවී ඇති බවත් ඒ ස්ථාන පිළිබඳව අදාළ පළාත් හා ප්‍රාදේශීය බලධාරීන් දැනුම්වත් කර ඇති බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශ ප්‍රධානී ආර්.එම්.එස්.‍ බණ්ඩාර මහතා පවසයි. ය

විස්තර »

උතුරු දුම්රිය වැඩි කිරීමට සැලසුම්

කොළඹ සහ යාපනය අතර ගමන් ගන්නා මඟීන් පිරිස ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පැවතීම නිසා තවත් දුම්රිය කිහිපයක් ධාවනයට යෙදවීමට සැලසුම් කරමින් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නව දුම්රියයන් යෙදීමට සැලසුම් කිරීම නිසා දැනට ධාවනය වන දුම්රියයන් සඳහා ආසන වෙන් කිරීම් සිදු කරනු ලබන්නේ නොවැම්බර් 25 දක්වා පමණක් බවත් යාපනයට දුම්රිය....

විස්තර »

වැස්ස දිගටම

ශ්‍රී ලංකාව ඉහළ අහසේ ඇති ගනකම වලාකුළු ස්තරය අඩු පීඩන කලාපයක් වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මධ්‍යම, ‍ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ පළාත්වලට ඉරිදා දිනයෙත් මිලිමීටර් 100 දක්වා වැස්ස ඇතිවීමට ඉඩ ඇතැයි ද අකුණු අනතුරු ඇතිවීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණානායක පවසන්නීය.

විශ්‍රාම වැටුප් විෂමතා සියල්ල ඉවතට

2015 අයවැය යෝජනා අනුව විශ්‍රාමික වැටුප 2015 නව වැටුප් ව්‍යුහයට අනුව සකස් කෙරෙන නිසා දැනට විශ්‍රාම වැටුප් ලබන පන්ලක්ෂ හතළිස් දහසකගේ විශ්‍රාම වැටුප වැඩි වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. බී. එම්. අෂ්රොෆ් මහතා කියයි.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්