කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Bollywood News

සාජ්ජ දාලා ඡන්ද නීති කඩලා

ඉන්දියාවේ ගුරුගෝන් නගරයට කිලෝමීටර 26ක දුරින් පතාඋඩි මාළිගාව පිහිටා තිබෙනවා. රජ පෙළපතකට උරුමකම් කියන මේ මාළිගාව දැන් අයිතිව තිබෙන්නේ කාටදැයි කවුරුත් දන්නා දෙයක්. පතාඋඩි මාළිගාවෙහි වත්මන් උරුමක්කාරයා වන්නේ සුපිරි නළු සායිෆ් අලි ඛාන්. මේ අයිතිය ඔහුට හිමිවුණේ ඔහුගේ පියා වූ නැසීගිය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මන්සූර් අලි ඛාන් පතාඋඩි කුමරුන්ගෙන්.

පතාඋඩි මාළිගයෙහි පසුගිය 15, 16 සහ 17 යන දිනවල දී සුපිරි සාදයක් පැවැත්වුණා. 15 දා සවස් යාමයේ දී ඇරඹුණු මේ සාදය, 17 වැනිදා මැදියම් රැය වන තුරු පැවැත්වුණු බවයි පැවසෙන්නේ.

දින දෙකක් තිස්සේ ඇදී ගිය මේ සාදයේ නිමිත්ත වුණේ සායිෆ් සහ කරීනා කපූර් ගේ දෙවැනි විවාහ සංවත්සරයයි. එවැන්නක් වෙනුවෙන් මෙලෙස සතුටුවීම වරදක් නම් නොවෙයි. ඒත් මෙවැනි සාදයක් නිසා අසල්වැසියන්ට කරදරයක් සිදුවීම අනුමත කරන්න බැහැ. ඒ විතරක් නොවෙයි මේ සුපිරි සාදයෙන් ඉන්දීය මැතිවරණ නීතියත් උල්ලංඝනය වෙලා.

මේ හේතුවෙන් සායිෆ්ට සහ ඔහුගේ මව වන ප්‍රවීණ නිළි ශර්මිලා තාගෝර්ට ඉන්දීය මැතිවරණ කොමිසම ඉදිරියේ නිදහසට කරුණු දක්වන්නටත් සිදුවෙලා. ඉන්දීය මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන විරේන්ද්‍රර් චෞධාරි පැවසුවේ පතාඋඩි මාළිගය පිහිටි හර්යානා ප්‍රාන්තයෙහි ඔක්තෝබර් 15 දා මැතිවරණය පැවැත්වුණ බවයි.

ඔක්තෝබර් 19 දා එම ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවී තිබෙනවා. 15 සිට 17 දා දක්වා පතාඋඩි මාළිගයෙහි පැවැති සාදයට ඩී.ජේ. (DJ) ශිල්පියෙකු ද සහභාගි වී ඇතැයි ද එහි සංගීත නාදය ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ මහත් හඬ නංවා ඇතැයිද මැතිවරන නිලධාරිවරයා පවසා තිබෙනවා. මෙම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකැයි ද ඔහු පවසනවා.

“අපිට පතාඋඩි මාළිගය අවට පදිංචිකරුවෙකුගෙන් පැමිණිල්ලකුත් ලැබී තිබුණා. ඒ පැමිණිල්ලෙන් කියා තිබුණේ රාත්‍රී 10 පසුවන තුරු ශබ්ද විකාශන පාවිච්චි කළ බවයි. මැතිවරණයක් පවත්වන දිනවල මේ විදිහට අනවසරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරන්න බැහැ. ඒ වගේම මේ සාදය පැවැත්වුණු දිනවල ද රතිඤ්ඤා පත්තු කිරීම් නිතරම සිදුවෙලා. මත්පැන් භාවිතයත් තදින්ම කෙරිලා තියෙන බවයි අපිට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වෙන්නෙ. ඒ නිසා රටේ නීතිරීති අනුව අපි තීරණය කළා මේ ගැන සායිෆ් ගෙන් සහ ශර්මිලාගෙන් නිදහසට කරුණු විමසන්න.” මැතිවරණ නිලධාරි විරේන්ද්‍රර් එලෙස පැවසුවා.

ආක්ෂේගේ ගෙදර ‘සාංකාව’

ආරව් කුමාර් පුංචි දරුවෙක්. ඔහුගේ වයස අවුරුදු 12යි. මේ පොඩිත්ත‍ා කවුරුන්දැයි බොලිවුඩ්පුරයේ නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු කලා ශිල්පීන් හඳුනනවා. ඒ, ඔහුගේ මවත් පියාත් නිසයි. පුංචි ආරව්, සුපිරි නළු නිළි යුවළක් වන ආක්ෂේ කුමාර් සහ ට්වින්කල් ඛන්නාගේ පුත්‍රයායි.

පසුගිය දෙසතිය මුළුල්ලේම ආරව් කාලය ගත කළේ දැඩි කනස්සල්ලකින්. ඔහුගේ හොඳම මිතුරා වන ‘ඔකී’ ගේ අතුරුදන්වීම නිසයි, මේ කනගාටුව පුංචි හිතට දැනුණේ. ‘ඔකී’, සුනඛ සුරතලෙක්.

පුංචි කාලයේ පටන්ම හැදුණේ ආක්ෂේ - ට්වින්කල් නිවසේමයි. ඔකීගේ වයස අවුරුදු 14ක්. එයාට ‘ඔකී’ යනුවෙන් නම තබා ඇත්තේ ආරව් විසින්මයි.

ඔකීගේ හදිසි අතුරුදන්වීම පුංචි පුතු ආරව්ට විතරක් නොවෙයි, මුළු පවුලටම දරන්න බැරි කනගාටුවක් ඇතිකරලා. මීට මාස කිහිපයකට කලින් ආක්ෂේ, සම්මුඛ සාකච්ඡාවකදීත් ‘ඔකී’ ගැන මෙලෙස සඳහන් කර තිබුණා.

“අපේ ගෙදර ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ සුනඛයන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ‘ඔකී'. අනෙක් කෙනා ‘ක්ලියෝ'. ‘ඔකී'ව අපිට ලැබුණේ පුතා ඉපදුණු දවස්වලමයි.” පසුගියදා ආක්ෂේ කීවේ ඔකීගේ අතුරුදන්වීම තම පුතුගේ පුංචි සිතට දැඩිව බලපා ඇති බවයි.

සන්ජේගේ හිටපු බිරිය පටලැවිල්ලක

මෝස්තර නිරූපිකාවක සහ බොලිවුඩ් නිළියක ද වන රියා පිල්ලායි නම් වූ සුරූපිනිය ගැන මීට වසර කීපයකට කලින් කතා කෙරුණේ සුපිරි නළු සන්ජේ දත් ගැන පළවූ ආරංචිත් එක්කයි. එයට හේතුව, එවක සන්ජේගේ බිරිය වී සිටියේ ඇය නිසයි.

සන්ජේ ගේ පළමු බිරිය වී සිටියේ රිචා ඔර්මායි. ඇය පිළිකා රෝගයකින් මියගිය පසුව 1998 දී සන්ජේ විවාහ කරගත්තේ රියාවයි. ඒත් ඒ විවාහය වැඩි කලක් පැවතුණේ නැහැ. 2008 දී සන්ජේ - රියා දෙපළ වෙන්වුණා.

සන්ජේ, මන්යාටා සමඟ යුගදිවි ගමන් ඇරැඹුවේ ඉන්පසුවයි. සන්ජේ ගෙන් වෙන්වූ රියා, ඉන්පසුව ලීන්ඩර් පයස් සමඟ විවාහ වුණා. ලින්ඩර්, දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙක්. මේ දෙ‍දෙනාට පුංචි දියණියක් ද සිටිනවා.

මේ වන විට අටවැනි වියෙහි පසුවන දියණියගේ නම, ආයානායි. සුරතල් දියණියක ගේ දෙමවුපියන් වුවද ලීන්ඩර් සහ රියා ගේ විවාහ ජීවිතය සාමකාමී වුණේ නැහැ. දෙදෙනා අතර නිතර නිතරම ගැටුම් හටගත්තා. රියා‍ගේ මිතුරියක පවසා තිබුණේ මීට මාස හයකට පමණ පෙර රියාව නිෙවසින් එළවා දැමීමට තරම් ලීන්ඩර් දරුණු වූ බවයි.

“රියාගේ ඇඳුම් පැලඳුම් දමා තිබුණු කාඩ්බෝඩ් පෙට්ටි පවා එළියට ඇද දමපු ලීන්ඩර් එයාට තමන්ගෙ‍ ගෙදරින් එළියට බහින්න කියල කිව්වා. ඉන්පස්සෙ රියා මේ ගැන පොලිසියට පැමිණිලි කරන්න ගියත්, පොලිසිය පැමිණිල්ල ලියාගෙන නැහැ. දැන් ඒ වෙනුවට අතුල් ශර්මාට එරෙහිව ලීන්ඩර් කරපු පැමිණිල්ල ලියාගෙන තියෙනවා.” රියාගේ මිතුරිය එලෙස පැවසුවා.

අතුල් ශර්මා යනු ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හිටපු ක්‍රීඩකයෙක්. මේ ක්‍රිකට් ක්‍රීඩකයාව පටලවා ගත්ත ලීන්ඩර්, පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ අතුල්ගෙන් තමන්ට මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බවයි. මේ හේතුවෙන් තමන්ගේ සහ දියණියගේ ජීවිත අනාරක්ෂිත වී ඇතැයි ද ඔහු කියා සිටිනවා.

කෙසේ වෙතත් රියා ගේ තවත් මිතුරියක පැවසුවේ ලීන්ඩර්, තම දියණියගේ ආරක්ෂාව ගැන මෙතරම් බියට පත්වන්නේ නම් ඇයව දමා ඔහු පිටරට පැවැත්වෙන ටෙනිස් තරගයකට සහභාගිවන්නට ගියේ ඇයි දැයි කියායි. “රියා දැන් මුම්බායිවල පදිංචිවෙලා ඉන්නෙ දුව ආයානාත් එක්කයි” ඇය තවදුරටත් පැවසුවා.

ලීන්ඩර් සහ රියා ගේ මේ ගැටුම ඇරැඹුණේ පසුගිය මැයි මාසයේ සිට බවයි පැවසෙන්නේ. දියණියගේ භාරකාරත්වය තමන් වෙත පවරා ගන්නට ලීන්ඩර් උත්සාහ ගැනීමත් සමඟයි, මේ ගැටුම ඇරැඹී ඇත්තේ. මේ කියන ලීන්ඩර් පයස් මීට කලකට ඉහත දී ජනප්‍රිය නිළි මහිමා චෞධාරිගේ පෙම්වතා වී සිටියා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්